- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
මීටියාගොඩ ප්‍රදේශයේ පසුගිය 10 වැනිදා සිදූ වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකකරන ජෝන් කොල්ලා නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ(13) මීටියාගොඩ, මැටිවල ප්‍රෙද්ශයේ මුදලාලිගේ වත්ත කුරුඳු ඉඩමේ කරන ලද වැටලීමකදීයි. පසුගිය 10 වැනිදා මීටියාගොඩ, මැටිවල ප්‍රදේශයේ පවුලේ ඥාතීන් අතර ඇති වූ ගැටුමකින් පසුව වෙඩි තැබීමක් සිදු කළ බවට සැකපිට එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 36ක් පමණ වන ජෝන් කොල්ලා නමැත්තා අදාළ කුරුඳු ඉඩමේ සැඟව සිටියදී අත්අඩංගුවටගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ. සැකකරු සන්තකයේ තිබී බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ…
එළෙඹෙන සිකුරාදා චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ තවත් රටවල් හතක කණ්ඩායමක් රැස්වීමකට සහභාගී වීමට සූදානමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඒ නව ස්වෛරී ණය පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මේ අනුව එම කණ්ඩායම තුළ ශ්‍රී ලංකාව, සැම්බියාව සහ ඝානාව වැනි රටවල නිලධාරීන් ද ඇතුලත් වන අතර G20 රාමුව යටතේ ණය ඉල්ලා තිබෙන බව ද සඳහන්. කෙසේ වෙතත් මෙම රැස්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ඉන්දියාව විසින් සම සභාපතිත්වය දරනු ඇති බවයි රොයිටර් පුවත් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිශන් සභාවේ සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව සඳහන්. මේ අනුව ඔවුන් අද පෙරවරු 10 ට රැස්වීමට නියමිතයි.
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ අතර කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.
බොරැල්ල ප්‍රදේශයේදී වෙඩිවැදීමකින් කාන්තාවක් මියගොස් තිබෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරනවා. බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සිදුකළ වැටලීමක් අතරතුර සිදුවූ වෙඩිවැදීමකින් මෙලෙස එම කාන්තාව මියගොස් ඇති බවයි පොලීසිය පැවසූවේ. අදාළ ප්‍රදේශයේදී සෙබළුන් දෙදෙනෙකු විසින් සැකකරුවෙකු සිය භාරයට ගැනීමට යාමේදී ගිණිඅවිය ක්‍රියාත්මක වී ඇති අතර, එහිදී එම ස්ථානයේ සිටි 25 හැවිරිදි කාන්තාව තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට වූ බවයි පොලීසිය සදහන් කළේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා සෙබළුන් දෙදෙනෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බොරුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකාවන් මිලදී ගැනීමේ වෙන්දේසිය මුම්බායි හී දී ඊයේ රාත්‍රියේ පැවැත්වුණා . මෙම වෙන්දේසියේ දී ක්‍රීඩිකාවන් 87 දෙනෙකු අලෙවි වූ අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩිකාවන් 30 දෙනෙකු ඇතුළත්. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත්, ඉන් ඉදිරිපත් කෙරුණේ චමරි අතපත්තු, අනුෂ්කා සංජීවනී සහ ඉනෝකා රණවීර යන ක්‍රීඩිකාවන් පමණයි. කෙසේ වෙතත් එම ක්‍රීඩිකාවන් මිලදී ගැනීමට ද කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ. ඉන්දීය ක්‍රීඩිකා ස්ම්රිති මන්දනා වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වුණා . ඇය මිලදී ගනු ලැබුවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල්…
ජනාධිපතිවරයා විසින් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා . ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ මතුව ඇති ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතා අවම කරමින් ඔවුන්ට කඩිනම් සහන සැලසීමට එමගින් ජනාධිපතිවරයා යෝජනා කර ඇති බවයි . ඒ අනුව දිළිඳු පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු සහ අප්‍රේල් මාස දෙකෙහි දී සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමටත් , මහ කන්නයේ වී මිලදී ගැනීමටත්, අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා . එමෙන්ම රාජ්‍ය සේවයෙන් 2022 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට විශ්‍රාම ගත් 18,000කගේ හිඟ විශ්‍රාමික පාරිතෝෂික කොටස් වශයෙන් ගෙවාගෙන යෑමටත් කැබිනට් මණ්ඩල…
වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇතිකර ගැනීම අනවශ්‍ය බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසනවා. ඩී.එන්.ඒ පරීක්ෂණයකින් ඔහු මියගිය බවට තහවුරු කළ බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රවී හේරත් මහතා කියා සිටියේ. එමෙන්ම හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වන කරුණා අම්මාන් සහ දයා මාස්ටර්, අදාළ සිරුර නිරීක්ෂණය කිරීමෙන් පසු වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගොස් ඇති බව තහවුරු කල බවද යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා . මේ සම්බන්ධයෙන් ඊයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් ලෝක දෙමළ සම්මේලනයේ සභාපති පී.නෙදුමාරන් කියා සිටියේ ඔහු ජීවතුන් අතර සිටින බවයි . තමිල්නාඩුවේ පැවති මුල්ලිවයික්කාල් සැමරුමකදී ඔහු මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවා .
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අද දිනයේ වේලාව වෙන්කරගත් අයදුම්කරුවන්ට ඒ සදහා නොපැමිණෙන ලෙස ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා දැනුම් දෙනවා . නිවේදනයක් නිකුත් කරමින් ඊයේ පස්වරුවේ ඒ මහතා සදහන් කලේ මෙලෙස වෙලාව සහ දිනය වෙන් කර ගත් පුද්ගලයින්ට අදාළ දිනයට පසු දිනයේ පැමිණ සිය විදෙස් ගමන් බලපත්‍රය ලබා ගන්නා ලෙසයි . එමෙන්ම ඊයේ දිනයේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබු සියලු දෙනාටම අද මධ්‍යහන 12න් පසුව පැමිණිය යුතු බවද ඔහු සදහන් කළා . එලෙස අද දිනයේ පැමිණීමට හැකියාවක් නොමැති සියලු දෙනාටම ඔවුනගේ විදෙස් ගමන් බල පත්‍රය නිවස වෙත යැවීමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත්…
පළාත් පාලන මැතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් සිදු කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපති මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් දන්වා තිබෙනවා. රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය මේ බව මැතිවරණ කොමිසමට දන්වා ඇත්තේ ඊයේ පස්වරු 3.30 ට පමණයි . ඒ අනුව ඡන්ද පත්්‍රකා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන තෙක් එය අත් හිටුවීමට සිදු වනු ඇති . මේ අතර රජයේ කාර්යාල හෝ ආයතන තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමෙන් වැලකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශාපාලන ක්‍රියාකාරින්ගෙන් ඉල්ලීමක් කරනවා . ඒ අනුව ඡන්ද ආයචනා කිරීම්, අත්පත්‍රිකා බෙදීම්ි හෝ වෙනත් මැතිවරණ ප්‍රචාරණයට අදාළ කාර්යයන් සිදු නොකළ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222