Author: VNews

රජය විසින් ගෙවිය යුතු රුපියල් මිලිනය 17 000ක ණය මුදල් වහා ගෙවන්නැයි පොහොර සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා. වසර කිහිපයක සිට පොහොර සමාගම්වලින් රසායනික සහ කාබනික පොහොර ගැනීමට මෙම ණය මුදල ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේදී හිඟ මුදල් රුපියල් මිලියන 4 000ක් ගෙවා තිබෙනවා. කෙසේ වෙතත් තවත් රුපියල් මිලියන 17 000ක් ගෙවීමට ඇති බවයි අදාළ පොහොර සමාගම් දැනුම් දෙන්නේ.

තව කියවන්​න

නව සුරා බදු පනතක් ගෙන ඒම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය, අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම සඳහා දැනට භාවිතා කෙරෙන අඥා පනත 1912 වසරේදි හඳුන්වා දී තිබුණා. කෙසේ වෙතත් එය වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කිරීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ. අදාළ යෝජනාව 2022 අතුරු අයවැය මගින් යෝජනාවක් ලෙස ඉදිරිපත් කළා.

තව කියවන්​න

රජයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ වැඩසහනට අදාළ චක්‍රලේඛය මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර තිබෙනවා. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මහා භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනින් යුතුවයි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ. 2022 – 2023 මහ කන්නයේ වී අස්වැන්න සඳහා ගොවීන් සාධාරණ මිලක් ලබා දීමත්, අතිරික්ත වී රජය විසින් මිලදී ගැනීමත්, පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින අඩු අදායාම්ලාභී පවුල්වලට සහන සැලසීමත් මෙම වැඩසටහනේ අරමුණයි. මේ අතර මහ කන්නය සඳහා වී මිලදී ගැනීම සම්බන්ධයෙන් රජය නිකුත් කළ චක්‍රලේඛය ජාතික ගොවිජන එකමුතුව විසින් අද ගිනි…

තව කියවන්​න

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයෙකු වන සේපාල් අමරසිංහ පෙබරවාරි මස 21 වන දින දක්වා යළි බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබෙනවා. ශ්‍රී දලදා මාලිගාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශක් සිදු කිරීම පිළිබඳ නඩුවට අදාළව සේපාල් අමරසිංහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද(14) ඉදිරිපත් කිරීමෙන් අනතුරවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර ඇත්තේ. ඔහු ජනවාරි මස 5 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා. සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ සැකකරු කරන ලද ප්‍රකාශයන් හේතුවෙන් බෞද්ධ සමාජය තුළ දැඩි කැළඹීමක් හටගෙන ඇති බවත් සමාජ මාධ්‍ය තුළද දෙපාර්ශ්වයක් අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. එසේම සැකකරුට විදේශීය රටවලින්ද මුදල් ලැබි ඇති බවට…

තව කියවන්​න

ඉතිහාසයේ පළමු වරට ඡන්ද පත්‍රිකා මුද්‍රණය නවතා දමා ඇති බව පැෆරල් සංවිධානය චෝදනා කරනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මේ සම්බන්ධව වගකීම ආණ්ඩුව විසින් දැරිය යුතු බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා. මේ අතර ජාතික ජනබලවේගයේ නියෝජිත සුනිල් හදුන්නෙත්ති මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවට ආණ්ඩුව විසින් ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවයි. එමෙන්ම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් ද අදහස් පළ කළා.

තව කියවන්​න

ඇමෙරිකාවේ මිචිගන් විශ්ව විද්‍යාලය තුළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි වැදීමෙන් තිදෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එමෙන්ම තුවාල ලැබූ තවත් පුද්ගලයින් පස් දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා. මුහුණු ආවරණයක් පැළදගෙන එම තුවක්කුකරු විශ්ව විද්‍යාලය තුළට ඇතු`ඵ වී ඇති බව සඳහන්. සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි එරට ආරක්ෂක අංශ පැවසුවේ.

තව කියවන්​න

කුලියාපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ මෝටර් රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ වත්තල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. පැහැරගත් මෝටර් රථයද සිය භාරයට ගත් බව ඔහු පැවසුවා. එමෙන්ම මෝටර් රථය ලබා දීමට රුපියල් ලක්ෂ 5ක් ඉල්ලා මහේස්ත්‍රාත්වරයාට සැකකරු ලබා ගත් ඇමතුම ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි වියේ පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තව කියවන්​න

අත්‍යාවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා ජපානයෙන් ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබා දීමට ජපන් රජය එකඟතාවය පළ කර තිබෙනවා. මේ අතර අත්‍යාවශ්‍ය නොවන ශල්‍ය කර්ම කල් දමන්නැයි රජය ගත් තීන්දුවට හේතුව මුදල් නොමැතිකම බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවා.

තව කියවන්​න

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසර ලබා දී තිබෙනවා. කුරුලු උණ නොමැති බවට ලද නිර්දේශ මත පදනම්ව එම අවසරය හිමිව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මාස දෙකක කාලයක් මෙරටට අවශ්‍ය බිත්තර ඉන්දියාවෙන් ආනයනය සඳහා අවසර හිමිව තිබෙනවා. රජය පැවසුවේ බේකරි කර්මාන්තය වැනි කර්මාන්ත සඳහා භාවිතා කිරීමට බිත්තර ආනයනය කිරීමට මෙලෙස අවසර ලබා දුන් බවයි. කෙසේ වෙතත් ඊයේ ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය පැවසුවේ තායිලන්තය, මැලේසියාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, බ්‍රසීලය සහ ඇමෙරිකාව වැනි රටවලද කුරුලු උණ රෝගය වාර්තා නොවන බවටයි.

තව කියවන්​න

වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික්, පොලිතින් නිෂ්පාදන 7ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, අලෙවි කිරීම සහ දේශීය භාවිතය තහනම් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ඒ අනුව ජූනි 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි එය තහනම් කිරීමට පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමි වුණා. එක් වරක් භාවිතා කරනු ලබන ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික් යෝගට් හැදි ඇතු`ඵව වරක් භාවිතා කර ඉවතලන පිඟන්, කෝප්ප, හැඳි, ගෑරැප්පු, පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කර ඇති ඉදිආප්ප වට්ටි මෙලෙස තහනම් වනු ඇති. මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අදහස් පළ කළා.

තව කියවන්​න