- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
හිටපු අටමස්ථානාධිපති නාහිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකු පවරා ඇති නඩුවට අදාළ විරෝධතා ගොනු කරන ලෙස වත්මන් අටමස්ථානාධිපති නාහිමි ඇතුළු තුන් නමක් සහ අටමස්ථාන කාරක සභාවට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා . අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි 10ක් පමණ වටිනා අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නිත්‍යානූකූල අයිතිය තමන්ට පවරාදෙන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයෙකු අධිකරණය හමුවේ එම නඩුව පවරනු ලැබුවා . එම නඩුවට අදාළ විරෝධතා ඇත්නම් ලබන මාර්තු මස 15වන දින හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙස අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහෙස්ත්‍රාත් නදීකා ඩී පියරත්න විසින් අනුරාධපුර…
අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ශරීර කොටස් ලබාගෙන තිබේ නම් ඒවා විමර්ශන කටයුතු සඳහා සුරක්ෂිතව තබා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට අද නියෝග කෙරුණා. ඒ, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් . මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා .
රාජගිරියේ රෝහලක් ආශ්‍රිතව සිදුකර තිබූ වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සිව් දෙනෙක්ට ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා . එම සැකකරුවන් අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම සැකකරුවන් ලබන 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇය නියෝග කළා. කෙසේ වෙතත් අනෙක් සැකකරුවන් තිදෙනාට දැඩි කොන්දේසි මත ඇප ලබාදීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.
තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සමස්ත භික්ෂූන් වහන්සේලාගෙන් සහ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් දැඩිව සමාව අයැද සිටින බව සේපාල් අමරසිංහ නමැත්තා ලිඛිතව දන්වා තිබෙනවා . අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා එම සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව ලිඛිතව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති බවයි . එම ලිපියට අනුව, කිසිදු ආගමික හෝ ජනවාර්ගික කොටසක හැඟීම්වලට බලපාන්නාවූ සංවේදී කාරණයන් සම්බන්ධයෙන් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් මින් මතුවට සිදු නොකරන බවත් ඔහු එහිදී එකඟවී තිබෙන බවද නීතීඥයින් අධිකරණයට සඳහන් කර තිබෙනවා . 2022 වසරේ දෙසැම්බර් 29 වනදා දළදා වහන්සේට සහ බුදු දහමට අපහාස වන…
බොරැල්ල ප්‍රදේශයේ වෙඩි වැදීමකින් කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයින් දෙදෙනා එළඹෙන 21 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා . සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ගෙවනු ලබන තරග මුදල් වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා . ඒ අනුව විස්සයි විස්ස තරගයක් සඳහා හෝ එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා ක්‍රීඩිකාවකට ගෙවූ ඩොලර් 250 මුදල ඩොලර් 750 දක්වා වැඩිකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලා. කණ්ඩායමේ සිටින සෑම අතිරේක ක්‍රීඩිකාවක් සඳහාම තරග මුදලින් සියයට 25 බැගින් ගෙවනු ලබනවා . එසේම ජයග්‍රහණය කරනු ලබන සෑම තරගයක් සඳහා ම එක් එක් ක්‍රීඩිකාවකට ඩොලර් 250ක පාරිතෝෂිත දීමනාවක් හිමි වනවා . මෙම ගෙවීම් 2023 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මකයි .
පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා තැපැල් ඡන්ද විමසීම ආරම්භ කිරීමට පෙර විවෘත අධිකරණයේ කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබෙනවා. පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු විසින් මෙම මෝසම ගොනු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම පෙත්සම පසුගිය සිකුරාදා එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලු අතර එහි වැඩිදුර සලකා බැලීම ලබන 23 වන දා තෙක් කල් දැමුණා. කෙසේ වෙතත් තැපැල් ඡන්ද විමසීම ලබන 22 වන දා පැවැත්වීමට නියමිත බැවින් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 17, 20…
තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම හෙට සිදුකිරීමට නොහැකි බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා. ඒ, එම කොමිෂන් සභාව සහ පක්ෂ ලේකම්වරුන් සමඟ අද පැවති සාකච්ඡාවකදියි. නියමිත මුදල් ගෙවන තෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම් හෙට සිදු නොකරන බවයි වාර්තා වෙන්නේ. නමුත් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම මේ මස 22 වැනිදා ආරම්භ කිරීමටයි මැතිවරණ කොමිසම සැළසුම් කර ඇත්තේ.
ජපාන ආර්ථිකය පසුගිය කාර්තුවේ දී වර්ධනයක් පෙන්නුම් කරන බව රජයේ දත්ත වාර්තා පෙන්වා දෙනවා. ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජපාන ආර්ථිකය පසුගිය ඔක්තෝබර්, දෙසැම්බර් කාර්තුවේදී 2.0%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද අපේක්ෂිත වර්ධන වේගයක් ලබා ගැනීමට සමත් වී නොමැති බව සමත් වී නැහැ. 0.5%ක ආර්ථිකය වර්ධන වේගයක් අත්කර ගනු ඇති බවටයි අනාවැකි පල කෙරුණේ. යෙන් මුදල් ඒකකය ඩොලරයට සාපේක්ෂව අවමවීම, ව්‍යාපාර හා පාරිභෝගික භාණ්ඩ සදහා වන ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් පසුගිය කාලයේ දී ජපාන ආර්ථිකය පසුබෑමට ලක්වුණා.
භූතානයේ කතා නායකවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වී තිබෙනවා. ඒ භූතානය සහ ඉන්දියාව අතර සබඳතා වර්ධනය කර ගැනීම සඳහායි. එම සංචාරයේදී භූතානයේ කථානායකවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. එමෙන්ම දෙරට අතර ක්‍රියාත්මක විදේශ ප්‍රතිපත්ති සහ තරුණ ප්‍රජාවට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්. ඉන්දියාව මේ වන විටත් භූතානයේ විශාලතම වෙළඳ සහකරුවා වනවා. මේ අතර භූතානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති රැසකටම ඉන්දියාව මේ වන විටත් සිය දායකත්වය ලබා දෙමින් සිටිනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222