Author: VNews
අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි සිවනේෂතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් පැය පහක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා. හිටපු අමාත්‍යවරයෙකු වන පිල්ලයාන්ට අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි දන්වා තිබුණේ.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් යුක්‍රේනයට පුද්ගල නාශක බෝම්බ ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ රුසියානු ආක්‍රමණයන් තවදුරටත් මන්දගාමී කිරීමේ අරමුණ ඇතිවයි. වොෂින්ටන් වලින් මෙම බිම් බෝම්බ හැකි ඉක්මනින් යුක්‍රේනයට බෙදා හරින බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු සදහන් කර තිබෙනවා.
ඊශ්‍රායලය ගාසා තීරයේ කමල් ඇඩ්වාන් රෝහලට ෂෙල් ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාර වලින් ලෙබනනයේ හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. උතුරු ගාසාවේ පිහිටි කමල් ඇඩ්වාන් රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් සහ වැඩිහිටි රෝගීන් ප්‍රතිකාර ලබා ගන්නා ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරය එල්ල වුණු බවයි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබෙනවා. මැතිවරණ නීති කඩකළ බවට එල්ලවූ චෝදනාවක් මත නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරග කළ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.
රටක් සංවර්ධධන අරමුණු කරා ලඟා වීමේ දී අපනයන ආර්ථිකය වඩාත් වැදගත් සන්ධිස්ථානයක් ගනී. නිසි කළමණාකරණයකින් යුතු අපනයන ආර්ථිකයක් නොතිබීම තුළ අදටත් මේ මොහොතේදීත් අප රට තවමත් සවංර්ධනය වෙමින් පවතින රටක් බව කියමින් සිටිමට අපට සිදු වී තිබේ.අපනයන ආර්ථිකයට දායක වන එවැනි ව්‍යවසායකත්ව හැකියාවන්ගෙන් හා අදහස් වලින් පිරුණු තරුණ පිරිස් මේ වන විට විවිධ අත්හදා බැලීම් ඔස්සේ සිය වගා කටයුතු කරන අයුරු අපට දැක ගැනීමට හැකිය.එවැනි තරුණ කෘෂි ක්ෂේත්‍රයටම සම්බන්ධ පුද්ගලයෙකු අපට හමු විය.ඔහු උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂයානුබද්ධ නිලධාරි රජිව් රාජපක්ෂ වේ. මේ වන විට දේශීය වෙළෙඳපොළ තුළ පවා ඉහළ ඉල්ලුමක් ඇති නයි මිරිස් වගාව කරනු ලබන ගොවි මහතුන් …
නව රජයට යහපත් ලෙස ජනතා වාදිව කටයුතු කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ කැප කිරීම අත්‍යවශ්‍ය බවත් ඉදිරියේදී ජනතාව මෙන්ම සිවිල් සංවිධාන රාජ්‍ය සේවය පිළිබඳව අවධානයෙන් සිටින බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කරති එමෙන්ම කිරි කළයට ගොම බිංදු කිහිපයක් එකතු වුනා සේ මෙම රජයටද කිහිප දෙනෙකු එක්වී සිටින බවත් ඉදිරියේ දී එම ගොම බින්දු ඉවත්කර දැමීමට කාලය එළඹ තිබෙන බව උන්වහන්සේලා අවධාරණය කිරීම විශේෂත්වයකි ජයග්‍රහණයේ සතුටි මුළු මහත් සංඝයා වහන්සේලාට මෙන්ම සෑම ආගමික නායකයන්ට සමස්ථ ජනතාවට සිවිල් සංවිධාන වලට හිමි වන බවත් සැමට ස්තුතියි පිරිනමන බවද ජාතික ජන බලවේගයට අනුබද්ධ ජාතික භික්ෂු පෙරමුණ පවසති ජාතික භික්ෂු පෙරමුණ නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා…
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට අනුමත කර තිබේ. ආසියානු සංවර්ධන බැංකුව 2023 දී අනුමත කරන ලද ණය වාරිකයට අදාළ දෙවැනි වාරිකය මෙය ය. මූල්‍ය අංශයේ පාලනය වැඩිදියුණු කිරීම, මූල්‍ය ආයතනවල ධාරිතාව ඉහළ නැංවීම සහ තිරසාර ආර්ථික වර්ධනයට දායක වෙමින් මූල්‍ය පද්ධතියට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම මෙමගින් අපේක්ෂා කරයි.
මැතිවරණ නීති උල්ලංඝණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගනුලැබ තිබේ.
නව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යධූරයෙන් පිදුම් ලැබු වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අද (19) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාර ගන්නා ලදී. සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාරගැනීමෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජනතාව විශාල බලාපොරොත්තුවක් තබමින් අති විශාල බහුතරයක්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලබාදෙමින් නව රජය බලයට පත් කරන ලද්දේ රට ඉදිරියට ගෙනයාමට බවත්, ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය එම වගකීම ඉතා ඉහළින්ම ඉෂ්ඨ කරන බවත් ජනතාවට පොරොන්දු වන බවයි. ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද උදෑසන පැවැති පළමු කැබිනට් රැස්වීමේ දී තමන්ව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කළ බවද, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ඉතා බාරදූර හා වගකීම් සම්පන්න අමාත්‍යාංශයන් බවද එම…
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2024 නොවැම්බර් මස 17 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද (2024 නොවැම්බර් 19 දින) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි. මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව එම අභ්‍යාසය නිමාවට පත්විය. ‘SAMIDARE’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එම නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් Naoki KOGA සහ බටහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222