- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
නවසීලන්තයේ මිලියන 5ක් වන ජනගහණයෙන් තුනෙන් එකක ජනතාවක් ගේබ්‍රියල් සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ වල සිටින බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා. මෙම සුලි කුණාටුව හේතුවෙන් ඊයේ දිනයේදී නවසීලන්තය හදීසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබුවා. මේ අතර මෙම සුළි කුණාටව හේතුවෙන් මිලියන 4ක පමණ ජනතාවකට විදුලිය විසන්දි වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා. විපතට පත් ජනතාව සදහා සහන සැලසීමට ඇමරිකාව සහ ඕස්ටේරලියාව ඉදිරිපත්ව තිබෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු පිරිසක් ඊයේ මෙරටට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රී 07 ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම පිරිස පැමිණි බවයි ගුවන්තොටුපල වාර්ථාකරු සදහන් කළේ. මෙම පිරිස පැමිණීම වෙනුවෙන් දින 03 ක පමණ කාළයක සිට කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශය තුළ ආරක්ෂාව තර කර තිබූ අතර ඊයේ පස්වරුවේ සිට මෙම ආරක්ෂාව දැඩි කර තිබුණා.
සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා . ඒ අනුව පළමු නිල නොලත් එක්දින තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙරවරු 10.00 ටයි . මෙහිදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායකත්වය සදිර සමරවික්‍රම විසින් දරනු ලබනවා . තරගාවලියට අදාළ සංචිතය සදහා ඇන්ජලෝ මැතිව්ස් ද නම් කර තිබීම විශේෂත්වයක් . මෙම තරග සියල්ල කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා .
මෙරටට අවශ්‍ය රබර් කිරි ආනයනය වඩාත් ක්‍රමවත්ව සිදු කිරීමට පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අති විශාල රබර් කිරි ප්‍රමාණයක් පසුගිය ජනවාරි මාසයේදී නිසි සැලැස්මකින් තොරව ආනයනය කිරීම හේතුවෙන් මෙරට රබර් කිරි අලෙවි කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වුණා . මේ හේතුවෙන් දේශීය රබර් කිරි ගොවීන් දැඩි අපහසුතාවයකටයි පත් වුණේ . මෙම පංච පුද්ගල කමිටුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම්, මුදල් අමාත්‍යංශයේ සාමාජිකයෙක්, රබර් පර්යේෂණායතන සහ රබර් පාලන දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගෙන් සමන්විත වනවා . ඔවුන් මෙරට රබර් කිරි නිෂ්පාදනයන් ආදි කරුණු සොයා බලා එම නිෂ්පාදනයන් මෙරට කර්මාන්ත වලට ප්‍රමාණවත් නොවන්නේ…
බිත්තර රජය විසින් ආනයනය කිරීමට සැරසීමත් සමඟ දේශීය බිත්තර කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා . එහි සභාපති සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ වසර ගණනාවක සිට ස්වයංපෝෂිත කර්මාන්තයක් ලෙස පැවති දේශීය බිත්තර කර්මාන්තය මෙසේ කඩා වැටීම අපරාධයක් බවයි. ඉන්දියාවේ බිත්තර අතිරික්තය මෙසේ ආනයනය කරමින් දේශීය බිත්තර ගොවියා අධෛර්‍යවත් කිරීම හරහා තවදුරටත් මෙරට නිෂ්පාදන ක්‍රියාවලිය අරාජික වන බව ද ඔහු සදහන් කළා .
විවිධ වරප්‍රසාදයන්ට රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාවා නොදෙන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා . එමෙන්ම පළාත් පාලන මැතිවරණයේ වර්තමාන තත්වය නිර්මාණය කිරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවතයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ . ඉතිහාසයේ පළමු වරට රජයේ මුද්රචණාලයට මුදල් නොදීම හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම තාවකාලිකව අත්හිටුවීම සිදුවූ බවද ඔහු කියා සිටියා . කෙසේ වෙතත් තැපැල් ඡන්ද නිකුත් කිරීම සැළසුම් කළ පරිදි අද දිනයේ සිදු නොකරන අතර, තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පසුව දැනුම් දෙන බවයි ඊයේ මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කලේ . ඒ අනුව දින නියමයක් නොමැතිව තැපැල් ඡන්ද පැවැත්වීමේ දිනය, කල් දැමීමට…
උතුර පළාතට බලපෑ අධික ශීත කාලගුණයෙන් මියගිය සතුන් වෙනුවෙන් වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මෙම කාලගුණික තත්වය ඇතිවුයේ පසුගිය දා මෙරටට හමා ආ මැන්ඩොස් සුළි කුණාටුව හේතුවෙන් . අදාළ වන්දි ලබා දීම සඳහා රුපියල් මිලියන 30 ක මුදලක් වෙන් කර ඇති බව වාර්තා වනවා ., කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ චෙක්පත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පශු සම්පත් අතිරේක ලේකම්වරයාට භාරදුන් බවයි . ඒ අනුව මියගිය එක් ගවයෙකු සඳහා රුපියල් විසි දහසක්, ගව පැටවෙකු සඳහා රුපියල් 10,000 ක් ,එළුවෙකු සඳහා රුපියල් 5,000 ක් සහ එළු පැටවෙකු සඳහා රුපියල් 3,000 ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙනු ඇති .…
විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබද අවසන් තීරණයක් ගැනීම සදහා මෙම කොමිසම ඊයේ රුස්වූ අතර, එහිදී මෙම තීරණ ගනු ලැබුවා. ඒ අනුව විදුලි ගාස්තු සියයට 36 කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස තමන් ඉදිරිපත් කළ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා ප්‍රතික්ෂේප කළ බවත් එම සාමාජිකයන් තිදෙනා විදුලිබල මණ්ඩලය යෝජනා කළ සියයට 66 ක විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් තිදෙනා ලෙස නීතිඥ චතුරිකා විජේසිංහ මහත්මිය, ඩග්ලස් නානායක්කාර මහතා සහ එස්. ජී. සේනාරත්න මහතා කටයුතු…
විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ පැවැති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා. ජාතික සභාව අද පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඒ බව දැනුම් දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාළ පාර්ශව දෙකට මුණගැසී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා ලෙස ජාතික සභාව දැනුම් දුන්නේ ඊයේ දිනයේදීයි. ඒ අනුව ඊයේ පස්වරුවේ දෙපාර්ශවයේ නිලධාරීන් මුණගැසී විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවත්,ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ජාතික සභාවට දැනුම් දී තිබෙනවා. එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අද…
උපයන විට ගෙවන බදු අය කර ගැනීම සම්බන්ධයෙන් විරෝධතාවයක් එක්සත් ජාතික තැපැල් සේවක සංගමය විසින් අද ආරම්භ කරනු ලැබුවා. එහිදි එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්.ඒ.ආර්. නිහාල් මහතා කියා සිටියේ රාජ්‍ය සේවකයින් සහ අර්ධ රාජ්‍ය සේවකයින් බැංකු මගින් ලබාගෙන ඇති ණය පියවූ විට සිය වැටුපෙන් ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222