- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ හුවමාරුව අසලදී ලොරි රථයක් සහ මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රීකුණාමලය තිරුක්කෝවිල් සහ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 70 සහ 75 අතර පසු වූ පුද්ගලයින් දෙදෙනක්. අනතුර හේතුවෙන් මෝටර් රථයේ ගමන ගත් තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා. පොලීසිය පැවසුවේ මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණ තිබූ ලොරි රථය කාර්මික දෝෂයක් හේතුවෙන් අධික ලෙස දුමාරයක් පිට වී ඇති බවයි. මේ හේතුවෙන් ලොරි රථයේ රියදුරු තිරිංග ක්‍රියාත්මක කර ලොරි රථය දොඩම්ගොඩ පිවිසුම ආසන්නයේ නවතා එයින් බැසගොස් තිබෙනවා. ඒ සමගම මාතර දෙස…
මැතිවරණය කඩාකප්පල් කිරීමට කටයුතු කළ සියලු දෙනා නීතිය හමුවට ඒකාන්ත වශයෙන්ම ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ නාවලපිටිය නගරයේ පැවැති ජනරැළියකට අද(15) පෙරවරුවේ එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස කියා සිටියා. පොහොර තහනම් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් අදූරදර්ශී තීන්දුව සමග හිට ගනිමින් මෙරට ගොවි පරපුර විනාශ කිරීමට කටයුතු කළේ කවුද කියා රටම දන්න බව පැවසූ විපක්ෂවරයා, අද අලි කපුටු පොහොට්ටු කුමන්ත්‍රණයක් සිදු කරමින් මැතිවරණය පවා කල් දැමීමට කටයුතු කරමින් සිටින බවද කියා සිටියා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක සිසුන් අතර ඇතිවූ ගැටුමකින් නේවාසිකාගාරයේ දේපලවලට දැඩි අලාභානි සිදු ව ඇති බව වර්තවනවා. ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියේ ඉදිකර තිබූ තොරණක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් මුල්කරගනිමින් මෙම ගැටුම ගටගෙන ඇති බව සඳහන්. මෙලෙස ගැටුම හටගෙන ඇත්තේ කළා පීඨයේ සහ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතරයි. මෙම ගැටුමෙන් නේවාසිකාගාරයේ ගේට්ටුවට ,දොරවල් දෙකකට සහ වීදුරු ජනේල වලට බරපතල අලාභ සිදු ව ඇති බව සඳහන්. සිද්ධිය සැලවීමත් සමගම මිරිහාන මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානය වෙත ගොස් පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තුබුණා. ඉඳිකරන ලද තොරණ සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් මුල්කරගෙන ඇතිවූ බහින් බස් වීම…
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාලව මුදල් නිදහස් කිරීම සඳහා හෙට දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ නිලධාරින් කැදවා සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා. සැලසුම් කළ පරිදි තැපැල් ඡන්දය සලකුණු කිරීමට නියමිත දිනයේදී සිදු කිරීමට උත්සහ කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුලු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත ලබා දෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවයි රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත්තේ. කෙසේ හෝ මුදල් ලබා දෙන්නේ නම් මුද්‍රණ කටයුතු ආරම්භ කළ හැකි බවද…
ශ්‍රී ලංකාවෙ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර සුහද හමුවක් සිදුව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී මෙම හමුව සිදුව ඇති බවයි. ශ්‍රී ලංකා පොලිසිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය සහ පොලිස් නිලධාරීන්ගේ පුහුණුවීම් වැඩමුළු පැවැත්වීමට සහයෝගය ලබාදෙන බව මෙහිදී ස්විස් තානාපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පවසා තිබෙනවා. මානව හිමිකම් ආරක්ෂා කිරිමේ වැදගත්කම සහ සත්‍ය කොමිසම පිහිටුවීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද මෙහිදී තානාපතිවරයා සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවට ලක්වූ බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටියේ සත්‍ය කොමිසම ඒ්කපාර්ශ්වික නොවිය යුතු…
සෙසු රෝහල්වල මෙන්ම මහරගම අපේක්ෂා රෝහලේද මේ වන විට දැඩි ඖෂධ හිගයක් මතුව ඇති බව වෛද්‍යවරුන් පවසනවා. මේ තත්ත්වය හේතුවෙන් අද දින වෛද්‍යවරුන් පිරිසක් විසින් මානව හිමිකම් කොමිසන් සභාව වෙත පෙත්සමක් භාර දෙනු ලැබුවා. අදාළ පෙත්සමේ සදහන් වුණේ ඖෂධ හිගය හේතුවෙන් සෞඛ්‍ය අයිතාවසිකම් තර්ජනයට ලක් වී ඇති බවයි. මේ එම පෙත්සම මානව හිමිකම් කොමිසන් සභාවට භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනයේ කැදවුම්කරු මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා. මේ අතර අද දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ළමා පිළිකා විශේෂඥ වෛද්‍ය සංජීව කුලතරත්න මහතා සදහන් කළේ ළමා පිළිකා රෝගීන් මෙරට තුළ වැඩිවෙමින් පවතින බවයි.…
හැටන් රුවන්පුර ජනපදයට ආසන්නයේ පිහිටි ඉලුක් සහිත පුද්ගලික ඉඩමක අද(15) පස්වරුවේ හටගත් ගින්නක් හේතුවෙන් අක්කර දහයක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. පැතිර යමින් පවතින ගින්න පාලනය සඳහා ඉඩමට ආසන්නයේ පිහිටි වතු යායක වතු කම්කරුවන් සමත්ව තිබෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණයත් සමග එම ඉඩමට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් සැක කරන්නේ. මෙවැනි ඉඩම්වලට හෝ රක්ෂිතවලට ගිනි තබන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් දැනුම්දෙන ලෙසට හැටන් පොලිසිය ප්රදේහවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා.
නවසීලන්තයේ වෙලින්ටන් ප්‍රදේශ ආශ්‍රිතව භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් මාපකයේ 6.1ක අගයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. භූ කම්පනයෙන් වෙලිංටන් නගරයේ සුළු සෙලවීමක් තත්පර කිහිපයක කාලයක් සිදුව ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසනවා.
තිස්සමහාරාම ප්‍රදේශයේ සූදු පිටියක් වටලා එහි සිටි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වැරදි කරුවන් වූ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයකු ඇතුළු සිව් දෙනකුට හම්බන්තොට මහාධිකරණය මරණීය දණ්ඩය නියම කර තිබෙනවා. මෙලෙස මරණිය දඬුවම නියමව ඇත්තේ තිස්සමහාරාම පොලිසිය අනුයුක්තව සේවය කළ නිලධාරීන් සිව් දෙනෙකුටයි. 2005 වසරේ ජුනි මස තිස්සමහාරාම ප්‍රදේශයේ සුදු පිටියක් වැටලු අවස්ථාවේ සිදුකල වෙඩි තැබීමකින් එහි සිටි පුද්ගලයෙක් මිය ගියා. මරණ දඬුවම නියමවූ නිලධාරීන් සිවු දෙනාගෙන් දෙදෙනකු දැනට පොලිසියේ සක්‍රීය රාජකාරිය නිරතවන අතර එක් නිලධාරියෙක් හුංගම පොලිසිය අපරාධ අංශයේ ද අනෙක් නිලධාරියා රාජ්‍ය බුද්ධි සේවයේ කටයුතු කරන බව අධිකරණයට දැනුම් දී තිබෙනවා,
ගොවි ගිණුම් අංක හිතාමතා වැරද්දූ නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ මෙම ක්‍රියාවලිය පසුපස විපක්ෂයේ පක්ෂ දෙකකට සහාය දක්වන නිලධාරින් පිරිසක් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි. ආසියා සංවර්ධන බැංකුව මගින් නැවත අය කිරීමකින් තොරව ගොවීන්ට මූල්‍ය ආධාර ලබා දීමට පියවර ගැනුනා. එම මුදල් ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට කටයුතු කෙරුණා. එහෙත් ගිණුම් අංක වැරදී මුදල් ආපසු ලැබුණු බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222