- කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
- හින්දුස්ථාන පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව හා එක්වෙයි
- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
Author: VNews
තම රටට බලපෑ ගේබ්‍රියල් සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට මරණ 4ක් වාර්තාවී ඇති බව නවසීලන්තය පවසනවා. කෙසේ වෙතත්, සුළි කුණාටුවේ බලපෑම මෙතෙක් අවසන් වී නොමැති බවට කාලගුණ අංශ අනතුරු ඇඟවුණද, කුණාටුවේ නරකම තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති බව සඳහන්. මියගිය අයගෙන් තිදෙනෙකු කුණාටුව අවස්ථාවේදී අතුරුදන් වූ ගිනිනිවන භටයන් බවට විශ්වාස කරන අතර, එම සිරුරු සුළි කුණාටුවේ ප්‍රබලතම බලපෑම සිදුවූ හෝක් බේ කලාපය ආශ්‍රිතවයි හමුවී ඇත්තේ. මීට අමතරව කුඩා දරුවෙකුද සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය ගණන මීට වඩා වැඩිවිය හැකි බවටද සැක මතුව තිබෙනවා.
කුඩා කල සිට ආදරයෙන්, කරුණාවෙන් රැකබලා පෝෂණය කර කොල්ලුපිටියේ නිෙවසක් ත්‍යාග කළ මිත්තණියට නොසැලකූ නිසා එම දේපළ යළි මිත්තණියටම පවරා දෙන ලෙස ප්‍රකට ටෙලි නාට්‍ය නිළි රුචිනි ටනාෂා හතරසිංහට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා. ප්‍රාණ භුක්තිය තබාගනිමින් දේපළ පවරා දුන් මිත්තණියට ආදරය කරුණාව නොදක්වා අකාරුණිකව, අකෘතඥතාවෙන් හා ගුණමකුව සලකා ඇතැයි තීන්දු කරමින් මෙම නියෝගය නිකුත් කළ කොළඹ දිසා අධිකරණය රුපියල් මිලියන 5ක වන්දියක්ද, දේපළ නීත්‍යනුකූලව පවරා දෙන තෙක් මසකට රුපියල් තිස් දහස බැගින් දීමනාවක් ද මිත්තණියට ගෙවන ලෙස එම නිළියට නියෝග කළා. හැත්තෑ දෙහැවිරිදි ජයන්ති පෙරේරා මහත්මිය විසින් ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය ශිල්පිනියට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ…
දිස්ත්‍රික්ක 12 ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර සහ යාපනය එම දිස්ත්‍රික්ක අතරට ඇතුළත්. මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම, කෑගල්ල, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්ක ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන්නේ. මේ වන විට ඩෙංගු රෝගීන් 3637දෙනෙක් වාර්තා වී තිබෙනවා.
සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රුකීමට තීරණය කළා.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අතර ඊයේ රාත්‍රීයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන නේවාසිකාගාරයේ සිටින සිසුන් පිරිසක් හා එම විශ්වවිද්‍යාලයේ ම ඉගෙනුම ලබන වෙනත් සිසුන් පිරිසක් අතර ආරවුල ඇති වූ බවයි පොලීසිය සඳහන් කළේ. එහිදී සිදුවු පහරදීමකින් සිසුන් 9දෙනෙක් තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ් පොලිස් නිලධාරීන් 5දෙනෙකුගේ ස්ථාන මාරු සිදු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දැනුම්දීම පරිදි හදීසි සේවා අවශ්‍යතා සලකා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කිරීම් සිදු කර ඇති බවයි පොලීසිය සදහන් කළේ. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති යූ.පී.ඒ.ඩී.ආර්. කරුණානායක මහතා ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට බස්නාහිර පළාත රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරා ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති ජී.අයි.ඩී.ආර් විජේසිංහ මහතා බස්නාහිර රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පත් කර තිබෙනවා. වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එල්.ඒ.යූ සරත් කුමාර මහතා මඩකලපුව දිසාව භාර…
ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ ඔස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගයි. තරගය මෙරට වෙලාවෙන් පස්වරු 06.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගාවලියේ මෙතෙක් මුහුණදුන් තරග දෙකම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. අද තරගයේ ප්‍රතිවාදීන් වන ඔස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායමද තරගාවලියේ මුහුණ දී සිටින තරග දෙකම ජයගෙන සිටිනවා. ඒ අනුව අද තරගය තීරණාත්මක සහ උණුසුම් තරගයක් බවට පත්වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.
තුර්කි භූ කම්පනයෙන් පැය 212ට පසු සුන්බුන් අතර සිටි කාන්තාවක් බේරා ගැනීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සදන් කරනවා. මෙලෙස බේරා ගත් කාන්තාව 77හැවිරිදි වියේ පසුවන බවයි එම වාර්ථා වල සදන් කර ඇත්තේ. මෙම කාන්තාව බේරා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ පටයක්ද එරට ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා. තුර්කියේ භූකම්පනය සිදුවී දින 10ක් පමණ ගත වුවද තවදුරටත් සුන්බුන් අතර සිටින පිරිස් සොයා මෙහෙයුම් සිදු කරන බවයි විදෙස් වාර්ථා වල වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.
ගම්පොළ නගරයේ පුද්ගලික බැංකුවක මුදල් තැන්පතු යන්ත්‍රය පැහැරගෙනයාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් හත්දෙනා පැය 48ක් රදවා ප්‍රශ්න කිරීමට නියෝග කර තිබෙනවා. ගම්පොල ප්‍රධාන මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතායි මෙම නියෝගය ලබා දී ඇත්තේ. සැකකරුන් ඊයේ දින අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටයි පොලිසිය කටයුතු කළේ. මොවුන් අතරින් හතරදෙනෙකු එකම පවුලේ හතර දෙනෙකු වන බවත් ඒ අතරින් දෙදෙනෙකු නිවුන් සහෝදරයින් බවත් පොලිසිය සදහන් කළා. මේ එම සිද්ධිය පිළිබද වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා.
පවතින නීති රීතිවලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන බවත් රාජ්‍ය සංස්ථාවක සාමාන්‍යාධිකාරිවරයෙකු ඉවත් කළ යුතු බව වෘත්තිය සමිති පවසන බවත් ජනාධිපති මෙහිදී කියා සිටියා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෘත්තිය සමිති මට්ටම දක්වා පහතවැටීම කණගාටුදායක බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222