- පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබදව අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- ව්‍යාජ වෛද්‍යවරයෙකුට අධිකරණයෙන් දඩුවම්
- ෂෙයික් හසීනාගේ නිවසට ගිනි තබයි
- බස්රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් කාන්තාවකට තුවාල
- සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට තහනමක්
- ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවසට ගිනි තබයි
- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබද පෙත්සම සලකා බැලීම ලබන 19 වනදාට කල් යයි
- ට්‍රම්ප්ගෙන් නව විධානයක්
Author: VNews
උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා කොටසේ සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙරට සිදු කෙරෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපාතියක් ලෙසයි අනුරාධපුර සිට වව්නියාව දක්වා උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධනක කටයුතු ආරම්භ වුනේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම මත ඉන්දීය ණය යෝජනා ක්‍රම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ඉදිරි මාස කිහිපය තුළ එම කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් නම් පෙම් යුවළ සමත්ව තිබෙනවා. මෙම යුවළගේ දිය යට හාදුවේ දිග විනාඩි හතරයි තත්ත්පර හයක් . මොවුන් මාලදිවයිනේ නිවාඩු නිකේතනයකදීයි මෙම ලෝක වාර්තාව තබා ඇත්තේ. ඔවුන් දෙදෙනාම රැකියාවෙන් කිමිදුම් උපදේශකයන් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මීට පෙර ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කී දිය යට හාදුවේ දිග විනාඩි තුනයි තත්ත්පර විසි හතරක් ලෙසයි සටහන්ව තිබුනේ.
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තෙවැනි තරගය අද පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව හා ඕස්ටේ්‍රලියාව මෙවර තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් අපරාජිතව රැදී සිටිනවා. ප්‍රසාද ලකුණු සටහනේ පළමු කාණ්ඩයේ පෙරමුණ ඕස්ටේ්‍රලියාවටත්, දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවටත් හිමිව තිබෙනවා.
ආරක්ෂක හිස්වැසුම්වලින් පහර දී එක් දරු පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා පෙබරවාරි මස 28 වන දා දක්වා රැදවුම් මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා. පසුගිය 14 වන දා සිදු වූ මෙම සිදුවීමෙන් මියගියේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් නැමැති 34 හැවිරිදි එක්දරු පියෙක්. මෙම ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු සිද්ධිය සිදු වූ දිනම අත්අඩංගුව ගත් අතර අනික් සිසුවා පසුව අත්අඩංගුවට ගනු ලැබුවා. මෙලෙස අත්අංඩගුවට ගත් සිසුන් තිදෙනා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නන් බවටයි වාර්තා වන්නේ. නිවස ආසන්නයේ වෙළදසැලකට ගොස් එමින් සිටි මෙම විරාජ් නැමැති පුද්ගලයා යතුරුපැදි දෙකකින් අධික වේගයෙන් ආරක්ෂික හිස්වැසුම් නොමැතිව…
මුදල් නොමැති බව පවසමින් මැතිවරණය කල්දැමිය නොහැකි බවත් එසේ වුවහොත් ඕනෑම මැතිවරණයක් කල්දැමීමට හැකි බවත් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා සදහන් කරන්නේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අවසන් කර ලබන 28 වනදා වන විට තැපැල් ඡන්දය පැවැත්වුවහොත් 09 වන දාට කිසිදු බාධාවකින් තොරව මැතිවරණය පැවැත්විය හැකි බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු කොමසාරිස්වරයා කියා සිටියේ ඡන්දය පැවැත්වීමට පෙර බිලියන 3ක් වැනි මුදලක් කොමිසමට ලැබුණහොත් කිසිදු බාධාවකින් තොරව මැතිවරණය පැවැත්විය හැකි බවයි.
කරදගස්වැව කුරු`ඵ උද්‍යානයේ පැවැත්වීමට නියමිත සංස්කෘතික ප්‍රසංගය හේතුවෙන් අතිවිශාල පාරිසරික හානියක් සිදුවන බව පරිසර සංගම් පෙන්වා දෙනවා. පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සදහන් කරන්නේ අධි සංවේදී පරිසරයක මෙවන් ප්‍රසංග පැවැත්වීම හේතුවෙන් සත්වයින් පීඩාවට පත් වන බවයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ අනුව නේවාසික පහසුකම් ලබා දී ඇති සියලූම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් උපකුලපතිවරයා සඳහන් කර ඇත්තේ. තවද සියලුම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින් අද දින පස්වරු 4ට පසුව විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීම තහනම් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පළමු වසර සිසුන්ට කළ පහරදීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
ඉන්ධන මිල වාර්තා ගත ලෙස ඉහළ දැමීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීම යටතේ පාකිස්තාන පෙට්‍රල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 22කයි ශත විස්සකින් ඉහළ ගොස් ඇති අතර නව මිල සටහන වන්නේ පාකිස්තාන රුපියල් 272ක් ලෙසයි. එමෙන්ම ඩීසල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 17යි ශත විස්සකින් ඉහළ දැමීමත් සමග එහි නව මිල සටහන් වන්නේ පාකිස්තාන රුපියල් 280ක් ලෙසයි. එමෙන්ම භූමි තෙල් මිල ද පාකිස්තාන රුපියල් 12 ශත අනූවකින් ඉහළ දමා තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයේ දී එරට ගෑස් මිල ද ඉහළ දැමීමට පියවර ගැනුනා.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ රාජකාරී සිදු කරන නිල කාර්යාලයට පොලිසිය මුද්‍රා තබා තිබෙනවා. අද පස්වරුවේ පොලිසියට අධිකරණයෙන් ලද නියෝගයකට අනුවයි මෙම මුද්‍රා තැබීම සිදු කර ඇත්තේ. කොල්ලුපිටියේ මයිකල් පාරේ පිහිටි මහජන උපයෝගීතා කොමිසමේ නිල කාර්‍යාලයටයි මෙම මුද්‍රා තැබීම සිදු කර ඇත්තේ.
රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් හිටපු මහ බැංකු අධිපතිවරයා ට එරෙහිව මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද දිනයේ දී විභාගයට ගැනුනා. එහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කලේ හිටපු මහා බැංකු අධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 6 වන දින තෙක් යළි දීර්ඝ කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් ඉදිරිපත් කොට ඇති මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය අප්‍රේල් මස 6 වන දිනයේ දී නිකුත් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝගය කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222