Author: VNews

ස්වාධීන කොමිෂන් සභා සදහා නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඔහු සදහන් කළේ ඒ සදහා ලැබුණු අයදුම්පත් තුළින් මෙම තෝරාපත් කර ගැනීම සිදු කරනු ඇති බවයි. එහි ප්‍රගතිය පිළිබදව ලබන 22 වනදා රැස්වන ව්‍යවස්ථාදායක සභාවේදී සාකච්ඡා කෙරෙන බවයි කතානායකවරයා කියා සිටියේ. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභා සංඛ්‍යාව 10ක් වනවා. ජාතික මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අධිකරණ සේවා කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, ජාතික විගණන කොමිසම, මුදල් කොමිසම මෙන්ම සීමා නිර්ණ කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම යන කොමිෂන් සභා…

තව කියවන්​න

පසුගිය වසරේ වසා දැමුණු හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන 27 වනදා යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරෙන බව එහි උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමියන් පවසනවා. ඒ අනුව පළමු වසරේ සිසුන් පමණක් අධ්‍යයන කටයුතු සඳහා කැඳවන බවයි උන්වහන්සේ කියා සිටියේ. පසුව අනෙකුත් වසරවල සිසුන්ගේද අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව උපකුලපති හිමියන් වැඩිදුරටත් සඳහන් කළා. පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කරනු ලැබුවේ නවක වද සිද්ධියක් මුල් කරගනිමින්. මේ අතර, සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 2020…

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බව මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසනවා. අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ අද දිනයේ සිට ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි . කෙසේවෙතත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් එම කටයුතු අකර්මණ්‍ය වී ඇති බවයි මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් පැවසුවේ . දිවා කාලයේදී පොලිස් නිළධාරීන් 35 දෙනෙකු සහ රාත්‍රී කාලයේ පොලිස් නිළධාරීන් 25 දෙනෙකු බැගින් පොලිස් නිළධාරීන් 60 දෙනෙකු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන අවස්ථාවේදී ආරක්ෂක කටයුතු සඳහා යොමුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් මීට පෙර ඉල්ලීමක් කරතිබෙනවා. කෙසේවෙතත් ආරක්ෂක කටයුතු සදහා මේ වනවිට යොදවා…

තව කියවන්​න

විදුලි ගාස්තු සංශෝධනයට කිසිසේත්ම එකග නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති නිහාල් වීරරත්න මහතා සදහන් කළේ විදුලිය නිෂ්පාදනය සදහා වැය වන පිරිවැය අඩු කිරීමට අවස්ථාව තිබියදී මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය කර ඇති බවයි. විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන්ද ගැටලු සහගත තත්ත්වයක් පවතින බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ. මේ අතර මාර්තු මස 1 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සදහන්. ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන,…

තව කියවන්​න

ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දිය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.

තව කියවන්​න

කොරෝනා සදහා පනවන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉවත් කිරීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්වා චීනයෙන් කොරෝනා ආසාදිතයන් මිලියන 200 ක් වාර්තා වී තිබෙනවා. ඉන් අට ලක්ෂයක් පමණ බරපතල සංකූලතාවලට ලක්ව ඇති අතර, ඔවුන්ට ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ජීවිත ගළවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 2019 වසරේ වූහාන් නගරයෙන් ව්‍යාප්තවීම ඇරඹුණු කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා චීනය දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ පනවනු ලැබුවා. පසුව එල්ලවූ දැඩි විරෝධතා හේතුවෙනුයි පසුගිය වසරේදී එම මාර්ගෝපදේශ ලිහිල් කිරීමට බලධාරීන් කටයුතු කරනු ලැබුවේ .

තව කියවන්​න

බිත්තර හිඟය සහ අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් තවකාලිකව බිත්තර ආනයනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් එම බිත්තර, බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිත කිරීමටත්, සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවියට අවසර නොදෙන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ. බිත්තර ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යාංශය සැළසුම් කළ නමුත් එය දිගින් දිගටම කල් දැමුණේ කුරුළු උණ වසංගත තත්වය මත ආනයනයට අවසර දිය නොහැකි බවට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීම හේතුවෙන්. මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවේදීද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දැඩි ප්‍රශ්න කිරීමට ලක්වුණා.

තව කියවන්​න

රජය විසින් නියම කළ රුපියල් 100 යේ මිලට ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට මහා පරිමාණ වී මෝල් හිමියන් එකඟ වූ බව නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සමඟ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එම සාකච්ඡාවට එක්වූ වූ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියේ, ගොවියාගෙන් වී මිලදී ගැනීමේදී කිලෝවක් සඳහා රුපියල් 120ක මිලක්වත් ලබාදිය යුතු බවයි.

තව කියවන්​න

මාර්තු මස 01 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සදහන්. ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදුකිරිමට එහිදි වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කර තිබෙනවා .

තව කියවන්​න

පෙබරවාරි 10 දක්වා ගතවූ සතිය තුළ ඇමරිකානු ඩොලරයට සහ ඉන්දිය රුපියලට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව සියයට බින්දුවයි දශම 3කින් රුපියල අතිප්‍රමාණය වී ඇති අතර, ඉන්දීය රුපියලට සාපේක්ෂව අතිප්‍රමාණය වී ඇත්තේ සියයට බින්දුවයි එකකින් බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රුපියල, ජපන් යෙන් සහ යුරෝ සහ ස්ටර්ලිං පවුමට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බව සඳහන්. මේ අතර පසුගිය ජනවාරි මාසය අවසාන වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2,120 ක් ලෙස මහ බැංකුව ඇස්තමේන්තු කර තිබෙනවා.

තව කියවන්​න