Author: VNews

නවසීලන්තයට බලපෑ ග්‍රේබියෙල් සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ ගණනක ජනතාවට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 62,000 කට විදුලිය විසන්ධි වී තිබු බව සඳහන්. පුද්ගලයන් 5,608 දෙනෙකු අතුරුදන් වී ඇති බවට වාර්තා පළවුවත් ඔවුන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි බලධාරීන් ප්‍රකාශ කළේ. සුළි කුණාටුව හේතුවෙන් නිවාස, ගොවිපලවල්, ජලයෙන් යටවී තිබූ අතර, කොල්ලකෑම් හේතුවෙන් නගර කිහිපයකට පොලිස් ආරක්ෂාව යෙදවීමට ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

තව කියවන්​න

යුක්රේනයට එරෙහි යුද්ධයේදී රුසියාව මානව හිමිකම් උල්ලංගනය කරඇති බවට අමෙරිකාව චෝදනා කරනවා. එරට උප ජනාධිපතිනී කමලා හැරිස් මහත්මිය පවසන්නේ යුක්රේනය ආක්‍රමනයට පැමිණි රුසියානු හමුදා සිවිල් වැසියන් ඝාතනය කළ බවයි. මියුනිච් නුවර පැවැති ආරක්ෂක සමුළුවකට එක්වෙමින් අමෙරිකානු උප ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළා. මෙම සමුළුවේදී ප්‍රධාන වශයෙන් අවධායන යොමුව ඇත්තේ යුක්රේන අර්බුදය පිළිබදවයි. සමුළුව අමතමින් අමෙරිකානු උප ජනාධිපතිනිය පෙන්වා දී ඇත්තේ රුසියානු හමුදා යුක්රේන කාන්තාවන්ට ලිංගික හැරිහැර සිදුකරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

තව කියවන්​න

නුවරඑළිය සිට කප්පටිපොල සහ වැලිමඩ දක්වා ඉන්දන ප්‍රවාහනය කල බව්සර් රථයක් නුවරඑළිය හග්ගල මහා වංගුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පන ප්‍රපාතයකට පෙරලි අනතුරට ලක්ව තිබෙනවා. අනතුර හේතුවෙන් තුවාල ලැබූ බවුසර් රථයේ රියදුරු සහ සහයකවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ. ඊයේ මධ්‍යම රාත්‍රියේදී මෙම අනතුර සිදුව ඇති අතර මේ වන විට බව්සරයේ ඉන්දන කාන්දු වෙමින් පවතින බව සඳහන්. අනතුරට ලක්වන අවස්ථාවේ බවුසර් රථයේ ඩිසල් ලීටර් 13000ක පමණ තිබී ඇති බවයි වාර්තාවන්නේ. කෙසේවෙතත් ප්‍රදේශවාසීන් එඉදින් කාන්දුවන ඉන්දන බුලි සහා කාන් වලට රස කරගෙන ගෙන ගොස් ඇති අතර තවත් ඉන්දන කොටසක් පරිසරයට මුසුව තිබෙනවා.

තව කියවන්​න

පොල්පිටිය සමනල ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ විදුලි උත්පාදක යන්ත්‍රවල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්. සමනල ජල විදුලි බලාගාරයෙන් මොගාවොට් 75ක විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙනවා. ලක්ෂපාන ජල විදුලි බලාගාරයෙන් ජල විදුලි උත්පාදනය සදහා ලබා ගන්නා ජලය ලක්ෂපාන පොකුණු ජලාශයේ සිට උමං මාර්ගයක් ඔස්සේ සමනල ජල විදුලි බලාගාරය වෙත රැගෙන යනු ලබනවා. කෙසේවෙතත් සමනල ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය නතර කිරීමත් සමග එම ජලය කැළණි ගඟට මුදා හැරීමටයි ලක්ෂපාන බලාගාරයේ පාලනාධිකාරිය පියවර ගෙන ඇත්තේ.

තව කියවන්​න

ජලය නොමැති වීමෙන් වැලිඔය ගොවි ජනතාව දැඩි දුරක්ෂරතාවන්ට මුහුණදී සිටිනවා. ගොවීන් පවසන්නේ ප්‍රමාණවත් තරම් ජලය නොමැති වීමෙන් අක්කර 150 ට වැඩි සෝයා වගාව සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි. මෙවර මාස් කන්නයේ වී වගාවද විනාශ වු බව ගොවීන් කියා සිටියා. සිය වගාව රැක ගැනීම සදහා ජලය ලබා ගැනීමට ළිං කිහිපයක් සකසා දෙන ලෙසයි ගෙවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

මහ ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පැවැත්වුණු පුදපුජා කටයුතු ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා ශිවදෙවි කෝවිල්වල පැවැත්වුණා. හින්දු භක්තිකයින්ගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන මහ ශිව රාත්‍රිය ඊයේ දිනට යෙදී තිබුණා. මහා ශිව රාත්‍රි දිනය නිමිත්නේ වතුකරයේ හින්දු භක්තිකයින් විශාල වශයෙන් ආශිර්වාද පුජාවන්ට එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. එම ආශිර්වාද පුජාවන්ට සමගාමීම පාසල් ළමුන්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතික උත්සවයක් ද බගවන්තලාව ශ්‍රී තෙණ්ඩායුධපාණී හින්දු කොවිලේදී පැවැත්වුණා. මේ අතර පොළොන්නරුව සොලොස්මස්ථාන පූජා භූමියේ පිහිටි ශිව දේවාලයේ පැවති ආශිර්වාද පුජාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්ව සිටියා.

තව කියවන්​න

විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා. ලබන 22 වනදා එම දැවැන්ත විරෝධතාව පවත්වන බවයි ලංකා විදුලි බල මණ්ඩයේ ඒකාබන්ධ වෘත්තීය සමිති සංධානය පවසනවා. එහි කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කලේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී එම විරෝධතාව ආරම්භ කරන බවයි. මේ අතරවිදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළකරමින් පසුගිය දින කිහිපයේම ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුනා. ජනතාව සහ ව්‍යාපාරිකයින් රජයෙන් ඉල්ලා සිටින්නේ ඉහළ නැංවූ විදුලි ගාස්තු කඩනමින් පහළ දමන ලෙසයි. මේ අතර, පන්දම් දල්වමින් තවත් පිරිසක් විරෝධතාවලට එක්ව සිටි බවයි වාර්තා වන්නේ. ගාල්ල බලපිටිය ප්‍රදේශයේදී දේව කන්නලව්වක් පැවැත්වුණේ විදුලි ගාස්තු ඉහළ…

තව කියවන්​න

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් විසිනුයි. අධ්‍යයන කටයුතු සදහා විශ්වවිද්‍යාලය නැවත විවෘත කෙරෙන අවස්ථාවේදී පැමිණෙන ශිෂශ්‍යන්, සිය භාරකරු හෝ භාරකාර හිමිනම සමග පැමිණීම අනිවාර්ය බවයි එහි දැක්වෙන්නේ. පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා සිට එම විශ්වවිද්‍යාල වසා දැමුණු අතර එය නැවත විවෘත කෙරෙන්නේ ලබන 27වනදායි. එදිනට පළමු වසර සිසුන් පමණක් විශ්වවිද්‍යාලයට ඇතුලත් කරගන්නා බවයි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් සදහන් කළේ.

තව කියවන්​න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ලබාගෙන නාම යෝජනාවල වලංගු භාවය පිළිබද කිසිදු ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා. අප කළ විමසීමකදී මැතිරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ ඡන්ද විමසීම පැවැත්වෙන තෙක් එය වලංගුවන බවයි. මේ අතර යළි දැනුම් දෙනතුරු සති අන්ත හා රජයේ නිවාඩු දිනවලදී ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වසා දැමීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබුණා. විශේෂ රාජකාරියක් සඳහා සති අන්ත හෝ නිවාඩු දිනවල කාර්යාල විවෘත කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුවනවා. මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…

තව කියවන්​න

42 වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහන රැසක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා. අප ගුවන්තොටුපළ වාර්තාකරු සදහන් කළේ ශ්‍රී ලංකා ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා කණ්ඩායම අද අලුයම දිවයිට පැමිණි බවයි. මෙවර ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා උළෙල පැවැත්වුණේ බටහිර බෙන්ගාලයේ මිඩ්නාපූර්හිදීයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනෙකු සහභාගි වී සිටියා.

තව කියවන්​න