Author: VNews

කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ජයග්‍රහණය කිරීමට ඊයේ නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 102න් පරාජයට පත් කරමිනුයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තා. ඒ අනුව ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කන්ඩායමට පන්දුවාර 15යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රුස්කරගත හැකි වූයේ ලකුණු 60ක් පමණයි. මෙහිදී නායක චමරි අතපත්තු ලකුණු 19ක් සහ මල්ෂා ශෙහානි ලකුණු 10ක් රුස්කළ අතර, අනෙක් කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ලකුණු 10 සීමාව හෝ පසුකර යෑමට සමත්…

තව කියවන්​න

වන්දනාකරුවන් රැගත් බස්රථයක් නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ අඩි 225ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් දෙදෙනකු මියගොස් 25 දෙනකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයන් 23 දෙනෙකු මේ වන විට නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, තවත් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර සහ පේරාදෙනිය යන රෝහල් වලට මාරු කර යැවූ බව පොලීසිය සදහන් කළා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට මහරගම සිට ගිය වන්දනා පිරිසක් වන අතර, ඔවුන් ශ්‍රීපාදස්ථානය වන්දනා කර නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලීසිය සදහන් කළේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, නෝර්වුඩ් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

තව කියවන්​න

සියලු පාසල් අද යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අද යළි විවෘත කෙරේ 3 වන වාරය අවසන් වන්නේ ලබන මස 24 වැනිදායි. 2023 වසරට අදාළ නව පාසල් වාරය ලබන මස 27 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා පළමු වසර සිසුන්ගේ නව පාසල් වාරයද ඊට සමගාමීව ආරම්භ කෙරේනවා . මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කලේ නව පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන ලබන මස 27 වැනිදාට පෙර සියලු පෙලපොත් බෙදාහැර අවසන් කරන බවයි. ප්‍රාථමික පන්තිවල සහ 6 වන ශ්‍රේණීයේ සිට 11 වන ශ්‍රේණිය දක්වා විෂයයන්ට අදාළ අත්‍යවශ්‍ය පෙලපොත්වලට මුලිකත්වය දෙමින් පෙලපොත් අවශ්‍යතාව සපුරාලීමට ක්‍රියාකෙරේන බවද ඔහු සදහන්…

තව කියවන්​න

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා . එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කකවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ද එහි සදහන්. මේ අතර අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

තව කියවන්​න

යාචකයන් රඳවා තබන රජයේ රිදියගම නිවර්තන නිවාසයේ තවත් ඉඩ පහසුකම් ඇත්තේ යාචකයන් 100 කුට පමණක් බව වර්තවනවා. එම නිවාසයේ අධිකාරි චාන්දනී සිරිවර්ධන මහත්මිය සඳහන් කලේ මේ වන විට එහි යාචකයන් 490 ක් පමණ දෙනා රඳවා තබා ඇති බවයි. දකුණු පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් මෙහි කටයුතු පාලනය කරන අතර අධිකරණය මගින් අයාල පනත යටතේ යාචකයින් මෙම නිවාස සඳහා යොමු කරන බවයි අධිකාරිවරිය සඳහන් කලේ. මෙහි ගැහැණු වාට්ටු 12 ක් ඇතුළු වාට්ටු 26 කින් මෙම නිවර්තන නිවාසය සමන්විත අතර කාර්ය මණ්ඩලය 107 කුගෙන් සමන්විත වනවා. මානසික ආබාධ සහ එක්තැන්වූ යාචකයන් මෙම නිවාසය සඳහා බාර නොගන්නා බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

සිය ගුවන් කලාපය තුළ තාක්ෂණික කටයුතු සඳහා යොදාගනු ලබන බැලුන් කිසිඳු ආකාරයකින් පියාසර නොකරන ලෙසට ජපානය, චීනයට දැනුම් දී තිබෙනවා. ජපානයේ විදේශ අමාත්‍යවරයා සහ චීනයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ බලධාරියෙකු අතර පැවති හමුවකදීයි මේ පිලිබඳ අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කිසියම් පියාසර වස්තුවක් වෙනත් රටකට අනවසරයෙන් ඇතුළු වීම ආක්‍රමණයකට සමාන වන බව, ජපානය මෙහිදී පෙන්වාදී තිබෙනවා. ඉකුත් වසර කිහිපය තුළ ජපාන ගුවන් සීමාව තුළ චීන ඔත්තු බැලුන රැසක් නිරීක්ෂණය කිරීමට ජපන් බලධාරින්ට හැකිවී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තව කියවන්​න

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද පසවරු 1.30 සිට අද පස්වරු 11.30 තෙක් එම නිවේනදය වලංගු වන බවයි . බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතීනවා . ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටීනවා .

තව කියවන්​න

වීරකැටිය හකුරුවෙල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ හකුරුවෙල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. මෝටර් රථයකින් පැමිණිල් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට සිටි 53 හැවිරිදි පුද්ගලයා මරණයට පත්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

තව කියවන්​න

ඉදිරියේ දී ජල ගාස්තු සංශෝධනය වීමේ හැකියාවක් පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා . විදුලි ගාස්තු අධික ලෙස ඉහළ යාමත් සමග එම පියවර ගැනීමට සිදුවනු ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේය. ජල නිෂ්පාදන සහ බෙදාහැරීමේ කටයුතු සඳහා දරණ පිරිවැයෙන් 35%ක් පමණ විදුලිය වෙනුවෙන් වැය වන බව සඳහන්.

තව කියවන්​න

විදුලිබිල වැඩි කිරීමට එරෙහිව අද රාත්‍රී 7 ට නිවසේ සියලු විදුලි පහන් නිවා දමන ලෙසට මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා . මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අනුරුද්ධ සෝමතුංග මහතා මෙම ඉල්ලීම කරනු ලැබුවා . මේ අතර වැඩිවූ විදුලි බිල සංශෝධනය කරන්නැයි ඉල්ලමින් ඊයේත් ප්‍රදේශ කිහිපයකදි විරෝධතා පැවැත්වුනා .

තව කියවන්​න