Author: VNews

අභියාචනාධිකරණයට නව විනිසුරුවන් සිව්දෙනෙකු පත්කර තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ. මහාධිකරණ හිටපු විනිසුරුවන් වන කේ.එම්.ජී.එච් කුලතුංග මහතා , ඩී තොටවත්ත මහතා සඑ ආර්.ඒ රණරාජා මහතාව මෙලෙස අභියාචනාධිකරණ විනිසුරුවන් ලෙස පත්කර තිබෙනවා. එමෙන්ම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයෙකු වන එම්.එල්.බී ගොපල්ලව මහතා ද නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

තව කියවන්​න

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගයක් සදහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද එක්වනවා. ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතරයි මෙම තරගය පැවැත්වෙන්නේ. කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වෙන මෙම තරගය පස්වරු 03.30ට ආරම්භ වීමට නියමිතයි. සුදුසුකම් ලැබීමේ තරගයේ දෙවන අදියර ලබන සැප්තැම්බර් 10 වනදා කාම්බෝජයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවත කලපුවේ මයික්කුලම ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 04 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් අටසීය හතලිස් තුනකට (843) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.   ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය මඟින් 2024 සැප්තැම්බර් මස 04 වන දින හලාවත කලපුවේ මයික්කුලම ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම කලපු ප්‍රදේශයේ ලදු කැලෑවක් තුල සඟවන ලද උර විසි අටක (28) අසුරන ලද බීඩි කොළ කිලෝ 843 ග්‍රෑම් 950 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. තවද, මෙම මෙහෙයුමේදී බීඩි කොළ තොගය සමඟ තිබූ ඇමෝනියම් බයිකාබනේට් කිලෝ…

තව කියවන්​න

මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන කැෆේ සංවිධානයේ නිරීක්ෂණයට අනුව 2024 ජනාධිපතිවරණයේදී මේ දක්වා කාලසීම තුළ සමාජ මාධ්‍ය යොදා ගනිමින් එක් එක් පක්‍ෂ වලටත්, එක් එක් අපේක්ෂකයින්ටත් එල්ල කරන මඩ ප්‍රචාර වල ඉහළ යාමක් දක්නට ලැබේ. මෙය 2019 ජනාධිපතිවරණය හා සසඳන විට කැපී පෙනෙන වර්’ධනයක් පෙන්නුම් කරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් මහතා පවසයි. පුර්’ව මැතිවරණ සමයේ කැෆේ සංවිධානයේ නිරීක්‍ෂකයින් විසින් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් සිදු කළ නිරීක්ෂණයන්ට අනුව හෙළි වූයේ අපේක්ෂකයින් පස්දෙනෙකු ඉලක්ක කර වෛරී ප්‍රකාශය, ව්‍යාජ ප්‍රවෘත්ති, වැරදි තොරතුරු හුවමාරු කෙරෙන බවයි. මෙය නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවක් සේම සාමකාමී මැතිවරණයකට බාධාවක් බව…

තව කියවන්​න

එංගලන්තයට එරෙහි තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට සැලසුම් සහගතව මුහුණ දෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්න පවසනවා. හෙට තරගය පිළිබද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිමුත් මේ බව ප්‍රකාශ කළා. පළමු තරග දෙකේදී ශ්‍රී ලංකාවට එරෙහිව ශතක දෙකක් රැස්කළ ජෝ රූට් දවා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද දිමුත් කරුණාරත්න මෙහිදී සදහන් කළා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ඕවල් ක්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි. මේ වන විට පළමු ටෙස්ට් තරග දෙක ජයගෙන සිටින එංගලන්ත කණ්ඩායම තරගාවලියේ ජය ද හිමිකරගෙන සිටිනවා.

තව කියවන්​න

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් සදහා ඡන්ද අයිතිය ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති. මෙම සාකච්ඡාව සදහා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා ද සහභාගි වීමට නියමිතයි. සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දීම සම්බන්ධයෙන් සිරකරුවන් සුරැකිමේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් මැතිවරණ කොමිසමෙන් සහ මානව හිමිකම් කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා.

තව කියවන්​න

ජාත්‍යන්තර පොලිසියෙන් වරෙන්තු නිකුත් කර සිටි චීන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පිටුවහල් කර තිබෙනවා. සැකකාර චීන ජාතිකයා එරට මහා පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වු අයෙකු බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඔහු ඊයේ රාත්‍රියේ මාලදිවයිනේ සිට කටුනායක ගුවන්තොටුපලට පැමිණ ඇති අතර එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

තව කියවන්​න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. අදාළ වෙඩි තැබීමට ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත මොහුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

තව කියවන්​න

අගෝස්තු මාසයේ අයි.සී.සී හොදම ක්‍රිඩකයා සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක දුනිත් වෙල්ලාලගේ නිර්දේශ වී තිබෙනවා. ඉන්දිය කණ්ඩායම සමග පැවති තරගාවලියේදී ඔහු දැක්වු දක්ෂතා හේතුවෙනුයි. එමෙන්ම දකුණු අප්‍රිකාණු දග පන්දු යවන ක්‍රිඩක කේෂව් මහරාජ් සහ කොදෙව් වේග පන්දුයවන ක්‍රිඩක ජේඩන් සීල්ස් ද අගෝස්තු මාසයේ දක්ෂතම ක්‍රිඩකයා සදහා නිර්දේශ වී තිබෙනවා. මේ අතර අගෝස්තු මාසයේ අයි.සී.සී ක්‍රිඩිකාව සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රමද නිර්දේශ වී තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව මැණික් ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ යුතු බව ස්වාධින ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මැණික් කර්මාන්තකරුවන් සමග පැවැති හමුවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. මැණික් වෙළදපොළ ජාත්‍යන්තරයට විවෘත කිරීමේ අවශ්‍යතාව පිළිබදව ජනාධිපතිවරයා අදහස් පලකළා.

තව කියවන්​න