Author: VNews

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලන ආයතන සභාපතිවරුන් සාකච්චාවක් සදහා අද කොළඹට කැදවා තිබෙනවා . මෙම සාකච්චාව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ . මෙහිදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව සාකච්චා කිරීමට නියමිත වනවා . මේ අතර මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිලිබදව ඊයේ දිනයේදීත් දේශපාලන වේදිකාවේ විවිධ වූ අදහස් පල වුණා . මේ එලෙස අදහස් පල කල සමගි ජන බලවේගයේ නායක / විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර , ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක , නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ පිහිටි තම නියෝජිත කාර්යාල වසා දැමීමට ජපාන සමාගම් දෙකක් තීරණය කර තිබෙනවා. විදෙස් වාර්තා අනුව මෙලෙස වසා දමනු ලබන්නේ ජපාන තයිසේ සහ මිට්සුබිසි සමාගම්වල මෙරට කාර්යාලයි . ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථීක තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ සමාගම් මෙම තීරණයට එළැඹී ඇති බව වාර්තා වනවා . ඒ අනුව මිට්සුබිසි සමාගමේ මෙරට කාර්යාලය මාර්තු මාසයේ වසා දැමීමටයි නියමිතව ඇත්තේ . අසල්වැසි රටවල නියෝජිතයින් විසින් තයිසේ සමාගම දැනට සිදු කරනු ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවද විදෙස් වාර්තා වල සඳහන් වනවා .

තව කියවන්​න

විදුලිබල මණ්ඩල සේවකයන්ගේ රාජකාරියට බාධා එල්ල කල සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . මෙලෙස අදාළ පුද්ගලයා විසින් සිදු කර ඇත්තේ ගාස්තු නොගෙවීම හේතුවෙන් සිය නිවසේ විදුලිය විසන්දි කිරිමට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයන්ටයි . සැකකරුගේ නිවසෙහි රුපියල් තිස් දහසක පමණ හිග මුදලක් විදුලි බිල නොගෙවිම හේතුවෙන් පැවති බවද වාර්තා වුණා . සැකකරු විසින් විදුලිය විසන්ධි කිරිමට පැමිණි මණ්ඩලයේ සේවකයින් බිය වද්දා , රාජකාරියට බාධා කර තිබෙනවා . ඒ අනුව විදුලි බලමන්ඩලයේ සේවකයෙකු හක්මන පොලිසිය වෙත කල පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයෙන් අනතුරුවයි මෙම අපේක්ෂකයා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කලේ . අදාළ පුද්ගලයා මෙවර පලාත්පාලන මැතිවරණය සදහා සමගි ජන බලවේගය නියෝජනය කරමින්…

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සඳහා ඇති ප්‍රධාන බාධාව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය දක්වන ධනාත්මක ප්‍රතිචාරය ප්‍රමාද වීම බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අත්‍යවශ්‍ය බවයි අමාත්‍යවරයා සදහන් කලේ . පසුගිය 2021 වසරේ සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතු බවට යෝජනා ඉදිරිපත් වුණා . නමුත් මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම එවකට මහ බැංකු අධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම කටයුත්ත ප්‍රමාද වූ බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ . කෙසේ වෙතත් පසුගියදා බ්ලූම්බර්ග් සඟරාව වාර්තා කර තිබුණේ, චීනයේ…

තව කියවන්​න

නව නිලධාරීන් 50 දෙනෙකු ගුවන් ගමන් පාලකවරුන් වශයෙන් බදවා ගන්නා ලෙස වරාය , නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා දැනුම් දී තිබෙනවා . අමාත්‍යවරයා අදාළ දැනුම්දීම සිදු කර ඇත්තේ ගුවන් තොටුපල සහ ගුවන්සේවා සමාගමේ සභාපතිවරයා ඇතුළු පාලන අධිකාරියටයි . ගුවන් ගමන් පාලකවරුන් රට හැරයාම හේතුවෙන් ඇතිව තිබෙන පුරප්පාඩු සඳහායි මෙම නව පිරිස බදවා ගන්නා ලෙස දැනුම් දී ඇත්තේ . පුහුණු කටයුතු සඳහා මෙන්ම දැනට පවතින තාක්ෂණික ගැටළු වලට අවශ්‍ය සියළු මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා . ඒ අනුව ගුවන් ගමන් පාලකවරුන් 50දෙනා අප්‍රේල් මස 01වනදා වනවිට පුහුණුව සඳහා බඳවා ගැනීමට නියමිතයි .

තව කියවන්​න

පාර්ලිමේන්තුව අද සිට දින 4ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සභාවේදී අදාළ තීරණය ගත් බවයි පාර්ලිමේතුවේ මහලේකම් දම්මික දසනායක මහතා සදහන් කළේ. මේ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පෙරවරු 9.30 සිට පස්වරු 5 දක්වා ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ ගැසට් පත්‍ර 4ක පළකළ නියෝග හතරක් සහ සමාගම් පනත යටතේ ගැසට් පත්‍රයක පළකළ නියෝගය විවාද කිරීමේන අනතුරුව අනුමතිය ලබා ගැනීමට නියමිතව තිබෙනවා. අනතුරුව පස්වරු 5 සිට පස්වරු 5.30 දක්වා රජය ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

ට්විටර් සමාගම විසින් ගිණුම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ට්විටර් ගිණුම් සුරක්ෂිත කිරීම සදහා ලබා දෙන ආරක්ෂණ ක්‍රමවේදය භාවිතා කළ හැක්කේ මුදල් ගෙවන පරිශීලකයින්ට පමණක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ලබන මාර්තු 20න් පසුව ට්විටර් බ්ලු සලකුණ ඇති පරිශීලකයින්ට පමණක් මෙම පහසුකම ලබා දීමට නියමිතයි.

තව කියවන්​න

ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත් වලට මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයට ද අද රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බවයි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුලං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

තව කියවන්​න

රජය මෙම වසරේ ණය ලබාගෙන ඇත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එමෙන්ම රජය පසුගිය මාස එකහමාරක කාලය තුළ රුපියල් බිලියන දහසක් ඉක්මවා ණය ලබා ගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

තව කියවන්​න

වත්මන් පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 70 (අ) වගන්තිය ප්‍රකාරවයි. මෙම පාර්ලිමේන්තුව පත් වී වසර දෙකක් සහ මාස හයක් ගත වීම හේතුවෙන් ජනාධිපතිවරයා වෙත එම බලය පැවරෙනු ඇති. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට බලය හිමි වනවා. මේ සම්බන්ධයෙන් ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන අංශයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක මහතා ද අදහස් පළ කළා.

තව කියවන්​න