- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි දෙකක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ වරාය නගරයේ ආයෝජන සදහා අවසර ලබා දීමේ රෙගුලාසිය හා ඒ සදහා අය කරන ගාස්තු පිළිබද යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති. එමෙන්ම ඩොලර් බිලියන 2.5ක පමණ වටිනාකමක් සහිත ආයෝජන වරාය නගරයේ ක්‍රියාත්මක කිරීමට දෙස් විදෙස් ආයෝජකයින් මේ වන විටත් කැමැත්ත පළ කර ඇති බව සදහන්. මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . බී. දිසානායක මහතා ද අදහස් පළ කළා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන ඩිපෝ පෞද්ගලික අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරය දැනුම්දී තිබෙනවා. පනාගොඩ අශෝක් ලේලන්ඩ් ආයතනයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා. ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු බස් රථ හතළිහක් බෙදාදීම නිමිත්තෙන් ඊයේ (21) මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ හිඟය හේතුවෙන් දිවයින පුරා ඩිපෝ 107ක බස් රථ 800ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇත ිබවයි. රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව කොන්ත්‍රාත් පදනම යටතේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 1600 දෙනෙකු තාවකාලිකව බඳවා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
මහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිවිධ හමුදාව කැදවමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික් හා ඊට යාබද මුහුදු තීරයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව කැදවමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බව සදහන්. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම කැදවීම සිදු කර තිබෙනවා.
කිඹුලාවල වීදි ආහාර ජංගම වෙළදසැල් ඉවත් නොකර නියාමනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාල ජංගම වෙළඳසැල් පස්වරු 3.30 සිට අලුයම 2.30 දක්වා පවත්වාගෙන යාමටත් දහවල් කාලයේදී එම ජංගම වෙළදසැල් එම ස්ථානයෙන් ඉවත් කිරීමටත් තීරණය කර තිබෙන බව සදහන්. එම ජංගම වෙළදසැල් පවත්වාගෙන යන ස්ථාන පිරිසිදු කිරීම අදාළ වෙළද සංගමයට පැවරෙනු ඇතියි. එමෙන්ම ජංගම වෙළඳසැල් ඉදිරිපිට පාරිභෝගික වාහාන නැවතිම සම්පූර්ණයෙන්ම තහනම් වනවා. ඒ සදහා විකල්ප ස්ථාන ලබා දීමටයි තීරණය කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වෙළදසැල් හිමියන් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.
බලපිටිය මූලික රෝහලේ ඇති වූ ගින්නෙන් එහි තිබූ ඖෂධ රැසක් විනාශ වී ඇති බව පොලිසිය පවසනවා. ගින්නෙන් ඖෂධවලට සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නොමැති බව සදහන්. ඊයේ පස්වරුවේ ඖෂධ ගබඩා කර ඇති ගොඩනැගිල්ලේ මෙම ගින්න හටගෙන තිබෙනවා. විදුලි කාන්දු වීමක් හේතුවෙන් ගින්න හට ගෙන ඇති බවයි පොලිසිය සැක පල කරන්නේ. කෙසේ වෙතත් ඖෂධ ගබඩාවේ ඇති වූ ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා.
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද ආරම්භ කිරීමට නියමිතව තිබුණත්, එය දින කිහිපයකට කල් යනු ඇති බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය සඳහා ගුරුවරුන් අයදුම්පත් යොමු කිරීමේ අඩුවක් පැවතීම හේතුවෙන් මෙලෙස පිළිතුරු පත්‍ර ඇගයීම දින කිහිපයක් කල් යනු ඇති බවයි. ඒ අනුව පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාදීම ජුනි මස අවසානය වන විට සිදු කිරීමට අපේක්ෂා කරන බවයි විභාග කොමසාරිස්වරයා කියා සිටියේ. මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ, පිළිතුරු ඇඟයීම් ක්‍රියාවලිය සඳහා ගුරුවරුන්ට ගෙවන දීමනාව…
පාදුක්ක ප්‍රදේශයේ ඡන්ද දායකයින් පිරිසක් තැපැල් කාර්යාලය හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මුදල් යැවීමේ වැඩසටහනක් පවත්වනු ලැබුවා. ඒ පාදුක්ක තැපැල් කාර්යාලයේදීය. පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා. මෙහිදි පාදුක්ක ප්‍රදේශයේ ඡන්ද දායකයින් පිරිසක් තැපැල් කාර්යාලය වෙත පැමිණ රුපියල් 100යේ සිට රුපියල් 500 දක්වා මුදල් ඇණවුම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නමට යොමු කරනු ලැබුවා.
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් කළුතර උතුර ප්‍රදේශයේ හෝටලයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා පැමිණි රන්මුණි අශාන් ප්‍රියංකර ද සිල්වා නොහොත් සගා නමැත්තෙකු විදේශීය නිෂ්පාදිත ගිනි අවියක් සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ කටුකුරුන්ද කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළුතර උතුර පැනරාමා හෝටලයේ දී මෙම වැටලීම සිදු කර තිබෙනවා. ඒ් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ පුහුණු ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී ආර්.ඒ්.කේ. රත්නායක මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරී ඒ්.ඒ්.යූ. රණසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ…
නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. මේ අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද සඳහන්. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් වාහන 239ක් ආනයනය කර ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා. එමෙන්ම ඔහු කියා සිටියේ 2021 වසරෙන් පසු මෙතෙක් වාහනයක් ආනයනය කිරීමට කිසිදු අවස්ථාවක සාකච්ඡාවක් හෝ සිදු කර නොමැති බවයි. මේ අතර බදු නොගෙවීම හේතුවෙන් ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කළ ඖෂධ තොගයක් වරායේ රඳවාගෙන ඇති බවට පළ වන වාර්තාව ද සම්පූර්ණයෙන්ම අසත්‍යය බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් කියා සිටියේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222