- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
පාලන මිලට වඩා වැඩි මිලකට බිත්තර අලෙවි කිරීමේ චෝදනාව මත තලවකැලේ නගරයේ වෙළදුන් සිව් දෙනෙකුට එරෙහිව නෛතික පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබෙනවා. අදාළ නගරය අශ්‍රිතව පාලන මිලට වඩා වැඩි මිලකට බොහෝ වෙළදුන් බිත්තර අලෙවි කරන බවටයි පැමිණිලි ලැබී ඇත්තේ. රතු බිත්තරයක් රුපියල් 50කට සහ සුදු බිත්තරයක් රුපියල් 48කටත් අලෙවි කර ඇති බව සදහන්. ඒ අනුව අදාළ වෙළදුන් ඇපකරයක් මත මුදා හැර ඇති අතර මේ මස 28 වනදා නුවර එළිය දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි එම වෙළදුන්ට දන්වා ඇත්තේ. බිත්තරයක මිල ඉහළ යාම පාලනය කිරීම සදහා පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එහිදි සුදු බිත්තරයක උපරිම මිල…
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් හට ප්‍රතිකාර ලබා දෙන යන්ත්‍රයක් දින 8ක් පුරා අක්‍රිය වීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේ කටයුතු අඩාල වී ඇති බව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. විවිධ රේගු තාක්ෂණික ගැටලු ඔස්සේ අදාළ යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සදහා කොටස් ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවද සදහන්. මේ හේතුවෙන් රෝගින් 100කට වැඩි පිරිසකගේ පමණ ප්‍රතිකාර කටයුතු අඩාල වී තිබෙනවා. අද දිනය වන විට කුඩා දැවන් 24 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබා ගත නොහැකිව අසරණ තත්වයට පත්ව ඇති බවයි එරාන් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.
චීන සංචාරකයින්ට පනවා ඇති සෞඛ්‍ය නීති ලිහිල් කිරීමට දකුණු කොරියා බලධාරීන් පියවර ගෙන තිබෙනවා. නීති ලිහිල් කිරීමත් සමඟ චීනයේ සිට දකුණු කොරියාවට පැමිණෙන ගුවන් මගීන් ඡක්‍ඍ පරීක්ෂණ සිදුකිරීම අවශ්‍ය නොවන බව දකුණු කොරියා සෞඛ්‍ය අංශ පවසනවා. නව නීති ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මකයි. චීනය ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ඉවත් කිරීමත් සමඟ චීනයේ සිට පැමිණෙන සංචාරකයින්ට අමතර නිරෝධායන නීති පැනවීමට පියවර ගත්තා. කෙසේ වුවද මේ වනවිට චීනයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇති බැවින් නීති ලිහිල් කරන බවයි දකුණු කොරියාව සඳහන් කරන්නේ.
මෙරට අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පළාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්ඩපම්හි සරණාගත කඳවුරක රැඳී සිටියදී එම පුද්ගලයා ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය පුවත් සේවාව වාර්තා කරන්නේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 22 හැවිරිදි එස්. සිංතුජන් නමැත්තෙකි. අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙක් බවටද අනාවරණ තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට පත්වීම වළක්වා ගැනීමේ අරමුණින් පසුගිය 17 වනදා නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් තමිල්නාඩු ප්‍රාන්තය වෙත පළාගොස් ඇති බවද වාර්තා වනවා.
සංවර්ධන ලොතරැයි පාරිභෝගිකයින් හට ලොතරැයි ජයග්‍රහණයන් උරුම කර දීමේ අරමුණින් වාලම්පුරිය විශේෂ ලොතරැයිපතෙහි විජයග්‍රාහි තෙවන දිනුම් ඇදීමට අදාළ ටිකට් පත සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් වෙළදපොලට නිකුත් කර තිබෙනවා. මෙම ටිකට් පතෙහි පළමු සහ දෙවන දිනුම් ඇදීම මගින් ජයග්‍රාහකයින් රැසක් අතරේ රුපියල් කෝටි 8ක ආසන්න මුදල් සම්භාරයක් ලබා දී ඇති බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ. මේ අනුව අදාල විශේෂ ලොතරැයිපතෙහි තෙවන දිනුම් ඇදීමට අදාල විශේෂ ලොතරැයිපතද පසුගිය දා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වු අතර ඒ සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න මහතා මෙන්ම අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චානක දොඩංගොඩගේ මහතා ද එක්ව…
පිළියන්දල ප්‍රදේශයේ සුවිසල් මන්දිරයක මුදල් ඔට්ටුවට සූදූ ක්‍රීඩාවේ යෙදී සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතු`ඵ 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදි රුපියල් හැත්තෑ තුන්දහස් නවසිය හතලිහක මුදලක් සහ සූදූ ක්‍රීඩාව සදහා යොදා ගත් කාඩ් කුට්ටමක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර අදාළ නිවෙස් හිමි කාන්තාව, ඇයගේ ඥාති දියණියක් සහ එකම පවුලේ මවක් මෙන්ම දියණියක් ද සිටින බවටයි පොලිසිය පැවසුවේ. අදාළ නිවස වටලන අවස්ථාවේදී එහි ප්‍රධාන ගේට්ටුව අසල ඔත්තු බැලීම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු ද රඳවා සිටි බවටයි වාර්තා වන්නේ. මේ අනුව කරන ලද වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. එස්.තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වෙනුවෙනුයි මෙම තීන්දුව ලබා දුන්නේ. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුවයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ.
මැතිවරණ කොමිසන් සභාව ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් රාජගිරිය සරණ පාර වසා දමා තිබෙනවා. මැතිවරණය කල්දැමීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ සමාජවාදී තරුණ සංගමය විසින්. එහි සජීවි දර්ශන පහතින් නරඹන්න.
පකිස්තානය යනු මාධ්‍යවේදීන් සඳහා ලොව භයානක රටක් බව සාන්ස් ෆොන්ටිස් සංවිධානය පවසනවා. සෑම වසරකදීම එරට් තුළ මාධ්‍යවේදීන් 03 දෙනෙකු හෝ සිව්දෙනෙකු ඝාතනයට ලක්වන බවයි වාර්තා වන්නේ. එවැනි ඝාතනයන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ ද දුර්වල තත්ත්වයක පවතින බව එම සංවිධානය පෙන්වා දෙනවා. පකිස්තානය තුළ පනවා ඇති සීමා ඉක්මවා වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් ඔත්තුකරුවන්ගේ ඉලක්ක වන බවත් සදහන් . ජනමාධ්‍ය ආරක්ෂා කිරීමට මුවා වී පකිස්තාන රජයට හා හමුදාවට එරෙහි විවේචන වැළැක්වීමට රජය නීතිය යොදා ගන්නා බවටද ජාත්‍යන්තරය චෝදනා කරනවා.
ගෝලීය ආර්ථිකය තුළ වැදගත් භූමිකාවක් නිරූපණය කරන ජි 20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අද ආරම්භ වනවා. ජි 20 කණ්ඩායමේ සභාපතීත්වය වර්තමානයේ ඉන්දියාවට හිමිවී ඇති අතර එහි සමුළුව එළඹෙන 25 වනදා දක්වා බැංගලෝර් හිදී පැවැත්වීමට සැලසුම් කර තිබේනවා. ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වු රටවලට සහනයක් ලබාදීම පිළිබඳ මෙම සමුළුවේදී සලකාබැලීමට නියමිතයි . ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ පරිදි මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාධාවක්වී පවතින කරුණු පිළිබඳ මෙම රැස්වීමේදී සලකාබැලෙන අතර චීනය ඇතුළු මෙරට ණයහිමි රටවල් ද රැස්වීමට එක්වෙනු ඇති .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222