- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
මාර්තු මස 9 වන දිනට පැවැත්වීමට නියමිතව තිබූ ඡන්දය මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් එදිනට පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා. මේ අනුව අදාළ පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වන දින නොපැවැත්වෙන අතර එය පැවැත්වෙන දිනය එළඹෙන මාර්තු මස 3 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ. එම කොමිසම විසින් මෙම තීරණය ගනු ලැබුවේ අද දින පැවැත් වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. එමෙන්ම මාර්තු මස 9 වන දිනට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව…
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයනවිට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය යලි දීර්ග කර තිබෙනවා. මාර්තු මස 01 වනදා දක්වා එය දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කලා. මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුනා. පෙත්සමේ කරුණු තහවුරු කිරීම මාර්තු මස 01වනදා කැඳවන ලෙසත් එහිදී අධිකරණය නියම කර තිබෙනවා. පෙත්සම්කාර විනිසුරු සංගම් කියා සිටින්නේ තමන් විධායකය නියෝජනය නොකරන ස්වාධීන පිරිසක් බැවින් තමන්ගෙන් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නෛතික බලයක් නොමැති බවයි. එබැවින් තමන්ගෙන් අදාළ බද්ද අය කිරීමට අධිකරණ අමාත්‍යංශය ගෙන තිබෙන තීරණය…
පුනරුත්ථාපන අමාත්‍යාංශයට, නෙදර්ලන්තය විසින් භාරදුන් මෝටර් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කර, රජයට රුපියල් ලක්ෂ දහයක පමණ අලාභයක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේ සැකකරු රුපියල් 25,000ක මුදල් සහ ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි. මන්ත්‍රීවරයාට විවෘත අධිකරණයේ දී අද අධිචෝදනා භාරදුන් අතර, නඩු විභාගය අවසන් වනතුරු විදේශ ගතවීම ද තහනම් කෙරුණා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1,000 අතරට පැමිණ තිබෙනවා. ඒ US News & World Report Best Global Universities ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගෝලීය වශයෙන් 901 වන ස්ථානයටත් ආසියාවේ 240 වැනි ස්ථානයටත් පත්ව ඇති බව සඳහන්. විශිෂ්ටත්වය පිළිබඳ පුළුල් ලෙස පිළිගත් දර්ශක සමූහයක් හරහා විශ්ව විද්‍යාල ඔවුන්ගේ කාර්ය සාධනය අනුව ශ්‍රේණිගත කර තිබෙනවා. ගෝලීය පර්යේෂණ කීර්තිය, ජාත්‍යන්තර සහයෝගීතාව, ප්‍රකාශන, පොත්පත් සහ සම්පූර්ණ උපුටා දැක්වීම් ඇතුළුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමස්ත හොඳම ගෝලීය විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම ගණනය කිරීමට දර්ශක දහතුනක් භාවිතා කර තිබුණා. මැසචුසෙට්ස් හි හාවඩ් විශ්ව විද්‍යාලය හොඳම ගෝලීය විශ්ව විද්‍යාල සාමාන්‍ය ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ලෙස දිගටම පවතිනවා.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට ඇතිවී ඇති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයට දින 03ක විවේකයක් අවශ්‍ය බවට වෛද්‍ය වාර්තාවක් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා . අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට ඒ බව දැනුම් දී තිබෙනවා . ඔවුන් දැනුම්දුන්නේ තම සේවාදායිකාවට ඇතිවී ඇති අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දිනයේ දී අධිකරණයට ඉදිරිපත් විය නොහැකි බවයි . ඇයට දින 03ක විවේකයක් අවශ්‍ය බවට වෛද්‍යවරුන් විසින් නිර්දේශකර ඇති බවට වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට…
මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීමට රජය විසින් රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන් කර තිබෙනවා. ගොවි ජනතාවට තම නිෂ්පාදන සඳහා වැය වන පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම මුදල රජය විසින් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා. ඒ, මෙම වර්ෂයේ පළමු කාර්තුව තුළ අවසන් කළ යුතු ව්‍යාපෘති සම්බන්ධව සමාලෝචන රැස්වීමකට සහභාගි වූ අවස්ථාවකදීයි . වගා කටයුතුවල දී මුලික වියදම් ඉහළ යාම නිසා ගොවීන් පත්වන අසීරුතාවයන් මඟ හරවා ගැනීම සඳහා මෙම මුදල ලබා දීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
මැතිවරණ රාජකාරි සදහා රාජ්‍ය සේවකයින් සහ අර්ධ රාජ්‍ය සේවකයින් 7000කට වැඩි පිරිසක් නාම යෝජනා භාර දී ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. මේ අනුව මැතිවරණය පිළිබද නිශ්චිත දිනයක් ප්‍රකාශ නොකිරීම හේතුවෙන් මෙම පිරිස දැඩි අපහසුතාවයට පත් වී ඇති බවයි ඔහු කියා සිටියේ. මෙම රාජ්‍ය සේවකයින් සහ අර්ධ රාජ්‍ය සේවකයින් මැතිවරණ රාජකාරි සදහා නාම යෝජනා භාර දීම හේතුවෙන් ඔවුන් හට මැසික වැටුප් නොගෙවනු ඇති බවටයි වාර්තා වන්නේ. මේ පිළිබදව එස්. බී. දිසානායක මහතා ද අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් දක්වා සිටියා. මැතිවරණ රාජකාරි කටයුතු සදහා මේ වන විට නාමයෝජනා ලබා දුන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින් පිළිබඳව…
ලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයා සංචාරයක් සදහා හෙට දින මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබෙන තෙක් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීම සදහා ලබා දිය යුතු සහය පිළිබද සොයා බැලීම මොහුගේ සංචාරයේ අරමුණ බව සදහන්. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කියා සිටියේ මෙම සභාපතිවරයා මාරවිල රෝහලේ කටයුතු නිරීක්ෂණය කිරීමට ද නියමිතව ඇති බවයි.
වෙළදපොලේ වාහන අමතර කොටස්වල මිල සියයට තුන්සීයකට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. පංචිකාවත්ත අමතර කොටස් අලෙවිකරුවන් පවසන්නේ වාහන බැටරි, ආලෝක ලාම්පු, පැති කණ්නාඩි, වාහන තහඩු සහ එන්ජින් ඇතු`ඵ අමතර කොටස්වල මිල මෙලෙස ඉහල ගොස් ඇති බවයි. වාහන අමතර කොටස්වල හිගයක් ද පවතින බවටයි අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ. මීට හේතුව ලෙස වාහන අමතර කොටස් ආනයනකරුවන් චෝදනා කරන්නේ ආනයනය කිරීමේදී ඇතැම් මූල්‍ය ආයතන ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් අමතර කොටස් ගෙන්වීමට බාධා එල්ල වී ඇති බවයි.
අමෙරිකාවේ මෙක්සිකෝ හි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි . පොලිස් නිළධාරීයෙකු විසින් උද්‍යානයක් අසළ වෙඩි වැදී සිටි පුද්ගලයෙකු දැක ඇති අතර ඒ ආසන්නයේදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබියදී සොයාගෙන තිබෙනවා . තුවාළ ලැබු එක් අයෙකු පිහි ඇණුමකට ද ලක්ව තිබු බවට එම පොලිස් නිළධාරීයා විසින් ප්‍රකාශයක් ලබාදී ඇති බවද විදෙස් වාර්තා සදහන් කළේ. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක පළකරන අතර වෙඩිතැබීම සිදුකළ සැකකරු මෙතෙක් හදුනාගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222