- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
- පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු
Author: VNews
2022 අ පො ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට අවසන් වනවා. ඒ සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාල උපදෙස් අනුව අයදුම්පත් යොමු කළ යුතුයි . www.doenets.lk යන නිල වෙබ් අඩවිය මගින් අයදුම්පත් යොමු කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ . එමෙන්ම කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය දීර්ඝ නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අවධාරණය කළා. මේ අතර විද්‍යාපීඨ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා කැඳවා තිබෙනවා. ඒ අනුව 2019 හා 2020 වර්ෂයන්…
ජාතික ජන බලවේගයේ විරෝධතා පෙළපාලියක් හේතුවෙන් නෙළුම් පොකුණ දෙස සිට ටවුන්හොල් දක්වා දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. මේ අතර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට කොළඹ ප්‍රධාන රෝහල් චතුරශ්‍ර පරිශ්‍රයේ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වමින්, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. මරදාන පොලිස් ස්ථානයෙන් සිදුකළ ඉල්ලීමක් අනුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. විරෝධතා හේතුවෙන් රෝගීන් සහ එම ප්‍රදේශ භාවිතා කරන ජනතාව පීඩාවට පත්විය හැකි බවයි මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පෙන්වාදී තිබෙනවා .
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා ලබන පළමු වැනිදා සිට ජංගම දුරකතන යෙදවුමක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. මෙම ජංගම දුරකතන යෙදවුම භාෂා 7 කින් කියාත්ම කිරීමේ හැකියාව පවතිනවා. සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා තිබෙන හොඳම ජංගම දුරකතන යෙදවුම බවට මෙය පත්වන බවත් අමත්‍යවරයා සදහන් කළා.
රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් තාවකාලික පදනමින් අරමුදල් නිකුත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ සම්පුර්ණ වසර සඳහාම අයවැය සකස් කර ඇති බැවින් වියදම් සිදුකළ යුත්තේ සැලසුම් සහගතව බවයි . ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන පරිදි මාර්තු මාසයේ දී ණය මුදල් නොලැබුණ හොත් සංචිතයක් තබාගත යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. පළාත් පාලන මැතිවරණ පිළිබඳව නිශ්චිත ඇස්තමේන්තුවක් නොමැති අතර මේ මොහොතේ තාවකාලික ගෙවීම් දැරිය නොහැකි බවද ඔහු අවධාරණය කර තිබෙනවා. ඒ හේතුවෙන් නිවැරදි අයවැයක් ඉදිරිපත් කරන ලෙස තමන් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.
ලොව පුරා නැවතත් කොළරාව වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ඔවුන්ට අනුව ලොවපුරා රටවල් 43ක වෙසෙන බිලියනය ඉක්මවූ ජනතාව මෙම අවදානමට මුහුණපා සිටින බව වාර්තා වනවා. අපිරිසිදු ජලය හෝ ආහාර භාවිතයෙන් වැළඳෙන කොළරාව හේතුවෙන් පාචනය වැනි රෝගී තත්ත්වයන් හටගන්නා අතර ඉන් ඇතැම් අවස්ථා මාරාන්තික වන බව සදහන්. 2022 වසරේ පටන් ලොවපුරා කොළරා රෝගීන් වාර්තා වීම ඉහළයමින් පවතින අතර ඉන් බහුතර උග්‍ර දුප්පත් කමින් පීඩා විඳින පිරිස වනවා. දරිද්‍රතාව, ආපදා, යුද ගැටුම් සහ කාලගුණික විපර්යාස මෙලෙස කොළරා වසංගතය උග්‍ර වීමට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රචාරය වන පුවත අසත්‍යයක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය නිකුත් කරමින් පවසනවා. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, ලලිත් රෝහණ ලියනගේ මහතා විසින් අදාළ නිවේදනය නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බවයි . මෙය රජය ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් බව ද අදාළ නිවේදනයේ සඳහන්.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ලබා ගැනීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ හිගයට පිළියමක් ලෙසයි මෙම පියවර ගෙන ඇත්තේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩි විදේශ විනිමක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව ද ජනාධිපතිවරයා සදහන් කළා. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යාතනයේ 06 වැනි වාර්ෂික සැසිය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අඩු ආදායම්ලාභීන්ට පෞද්ගලික රෝහල් සේවා ලබා ගතහැකි වන පරිදි සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් පාර්ලිමේන්තුවෙන් අනුමත කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. මැතිවරණයෙන් කොමිසම විසින් කතානායකවරයාට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීකදී කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා. මුදල් අමාත්‍යංශය මගින් අදාළ මුදල් කොටස් වශයෙන් ලැබෙන ඇති බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ. මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙලෙස අදහස් පලකළා. සෑම දේශපාලන පක්ෂයකම අරමුණ රට නගා සිටුවීම නම් සියල්ලන්ට එක්ව එය සිදු කල නොහැකි ඇයිදැයි ඌරුවරිගේ වන්නිලා ඇත්තන් විමසා සිටිනවා. දේශපාලනයේදී පක්ෂ , පාටවලට බෙදී කටයුතු කිරීම ගැටළුවක් බවයි වන්නිල ඇත්තන් සදහන් කළේ. වැඩිදුරටත් අදහස් දක්වමින් ඌරුවරිගේ වන්නිලා ඇත්තන් කියා සිටියේ…
පාකිස්තාන උද්ධමන අගය වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මාස 5කට පසු එරට වාර්තා වු ඉහළම උද්ධමන අගය පසුගිය සතියේ වාර්තා වී තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ. පාකිස්තාන රජය විසින් පසුගිය සතියේ හදුන්වාදුන් නව බදු ප්‍රතිපත්ති අනුව කුකුල් මස් / බිත්තර / සහල් / දුම්වැටි සහ ඉන්ධන වල මිල සීඝ්‍රලෙස ඉහළ ගොස් ඇති බව සදහන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලබා ගැනීම සදහා පාකිස්තානය තම බදු ප්‍රතිපත්තිය දැඩි කර තිබෙනවා . මේ හේතුවෙන් එරට ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි පාකිස්තාන විපක්ෂය චෝදනා කරන්නේ. කෙසේ වෙතත් ඊයේ දිනයේ දී චීනය පාකිස්තානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක ආධාර මුදලක් ලබා දීමට කටයුතු කළා.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලන සහ මුල්‍ය ගැටළු සොයා බැලීමට සය පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසිනුයි මෙම කමිටුව පත්කර ඇත්තේ. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති අතර පසුගිය 21 වනදා සිට මෙම පත්කිරීම බලාත්මක වනු ඇති. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ කමිටුවේ සභාපතිත්වය දරන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනි කුසලා වීරවර්ධන මහත්මියයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222