- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
Author: VNews
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරඟ සංචාරයක් සදහා අද දින අලුයම නවසීලන්තය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව තරගාවලිය සදහා ක්‍රීඩකයන් 17 දෙනෙකු සහ නිලධාරීන් 12 දෙනෙකු වශයෙන් 29 දෙනෙකු පිටත්ව ගොස් ඇති බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. . කෙසේ වෙතත් තරගාවලිය තුළ ටෙස්ට් තරග 02 ක් , එක් දින තරඟ 03 ක් සහ ඔ-20 තරග 03 ක් ඇතුලත් වන අතර ඒ සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතයි.
ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.
හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා අද සිට යළි විවෘත කිරීමට නියමිතව තිබෙනවා. එහි උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමි සඳහන් කළේ, පළමු වසරේ සිසුන් සඳහා පමණක් මෙලෙස විශ්වෙවිද්‍යාල අද දිනයේ විවෘත කෙරෙන බවයි. නවක වධ සිද්ධියක් මුල් කරගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගත්තා.
ඉහළ දැමූ විදුලි බිල පහළ දැමීමට ඉල්ලීම් කිරීම ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති 15ක සාමාජිකයන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති එකමුතුව සදහන් කරනවා. ඒ අනු අද දිනයේ අසනීම නිවාඩු වාර්තා කරමින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමටයි නියමිතව ඇත්තේ. මීට සමගාමීව අද කොළඹ පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලයෙ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් සිදු කරන බව එම එකමුතුවේ සාමාජික, ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා සදහන් කළා. විදුලි ගාස්තු ඉහළ දැමීමට බලධාරීන්ට අවශ්‍ය නම්, සියලු දෙනාට සාධාරණයක් වන ආකාරයට විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ විදුලි ගාස්තු ඉහළ දැමිය යුතු බවත්, පහළම ආදායම්…
සංක්‍රමණිකයන් සහ සරණාගතයන් රුගත් බෝට්ටුවක් ඉතාලියේ කැලබි්‍රයා ප්‍රදේශයට අයත් මුහුදු සීමාවේදී අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස අතර කුඩා ළමුන් 12 දෙනෙකු පමණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්ථා වල සදහන් වන්නේ. අනතුරින් පුද්ගලයන් 80ට වැඩි පිරිසක් දිවි ගලවාගෙන ඇති අතර, තවත් පුද්ලගලයන් 30ට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්ථා පෙන්වා දෙනවා. මෙම අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයන් 200ට ආසන්න පිරිසක් සිට ඇති බවට දිවි ගලවාගත් පිරිස් සදහන් කර තිබෙනවා.
6 වැනි වරටත් කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, දකුණු අප්‍රිකාවේ පැවැති මෙවර කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී සත්කාරක දකුණු අප්‍රිකාව පරදා ලකුණු 19 ක ජයක් වාර්තා කරමින්. කේප් ටවුන් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 156 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි. මෙය ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අඛණ්ඩව 20යි 20 ලෝක ශූරතාවය දිනූ තෙවැනි…
මෙම වසර ඇතුළත සයිබර් ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම සම්බන්ධයෙන් කොළඹ පැවති වැඩමුළුවකට එක් වෙමින් . ඒම වැඩමුළුව මෙරට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ ලෝක බැංකුව ඒකාබද්ධව සංවිධානය කරනු ලැබුවා . මෙහිදී අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තොරතුරු තාක්ෂණ අංශයේ සංවර්ධනයත් සමඟ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර ඇති බවයි. මෙහිදී කනක හේරත් මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම සඳහා ලෝක බැංකුව ලබා දෙන තාක්ෂණික සහ උපදේශන සහාය අතීශය වැදගත් බවයි.
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ලක්ෂ 20ක තොගය අද දිවයිනට පැමිණීමට නියමිතයි. මෙම බිත්තර තොගය ආනයනය කර ඇත්තේ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මගින් . එම බිත්තර වෙළෙඳ පොළට නිකුත් නොකරන අතර බේකරි කර්මාන්තය සඳහා පමණක් ලබා දෙන බවයි රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ . මෙම බිත්තරයක් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන විට රුපියල් 30ක පමණ මුදලක් වැය වන බව ද බේකරි හිමියන් සඳහා රුපියල් 50ක් වැනි මිලකට ලබා දීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා . මේ අතර ඉන්දියාවෙන් මෙරටට අනයනය කරන බිත්තර මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙලෙන වතුකරයේ ජනතාවට සහන මිලට ලබාදිමට රජය පියවර ගත යුතු…
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු ඉහළ නැංවීමට අදාල සංදේශයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන තිබෙනවා. ඒ අනුව අද ඊට අදාල චක්‍රලේඛය නිකුත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා . උත්තර පත්‍ර පරීක්ෂකවරුන් 19 දහසකගේ අවශ්‍යතාවක් පැවතියද ඒ සඳහා අයදුම් කර ඇත්තේ පහළොස් දහසක් පමණක් බවද ඔහු සදහන් කළා.
පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ ජාතික කමිටුව සකස් කළ අතුරු වාර්තාව හෙට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දෙන බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. සිය කමිටුව දිස්ත්‍රික් මට්ටමින් ලබා ගත් යෝජනා ,විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ යෝජනා සහ සිය කමිටුවේ යෝජනා සමලෝචනය අවසන් කර දිස්ත්‍රික් මට්ටමේ සීමා නිර්ණ කටයුතු සිතියම් ගත කිරීම් ද මේ වනවිට සිදු කරමින් සිටින බවයි ඔහු සදහන් කලේ. එමෙන්ම මාර්තු මස 31 වැනිදාට ආසන්න දිනයක දී සිය අවසන් වාර්තාව භාරදීමට අපේක්ෂා කරන බවද මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කලා. එමෙන්ම පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාද අදහස්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222