Author: VNews

කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙක් ඉන් මුදාගෙන යාමට පැමිණි බව පැවසෙන හිමිවරුන් දෙනමක් ඇතුළු තිදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්වුණේ හෙට්ටිපොළ රිට්ටාදෙනිය දහම් නිකේතනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ පළායාමට භාවිතා කළ මෝටර් රථයේ රියදුරු බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේලා දෙනම වයස අවුරුදු 38 සහ 41 හැවිරිදි වියේ පසුවන අතර, රියදුරු 27 හැවිදිරි වියේ පසුවනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් භාරයේ තිබී ජංගම දුරකතන 04ක් සහ මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

තව කියවන්​න

වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි ගොඩබෑම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙසේ අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. එමෙන්ම මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සදහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවා ලෙස අදාළ ගැසට් නිවේදනය මගින් අර්ථ…

තව කියවන්​න

අත්අඩංගුවේ පසු වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙදෙනා ඇප මත මුදාහැරුණා. අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී විරෝධතාවයක නිරත වූ අවස්ථාවේදී අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිස පසුගිය 23දා අත්අඩංගුවට ගැනුණා. මාස දෙකක කාලයක් තිස්සේ වසා දමා ඇති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළි විවෘත කරන ලෙස ඉල්ලමින් ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වූවා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(27) ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප නියම කෙරුණා.

තව කියවන්​න

මාර්තු පළමු වනදා සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සිය`ඵම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්්‍ය කර තිබෙනවා. ප්‍රවාහන බස් රථ විශාල ප්‍රමාණයක් කොට්ටාව බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය මගහැර ධාවනය වන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේ. විශේෂයෙන් මාර්ග තදබදය වැලැක්වීම, ඉන්ධන පිරිමැස්ම, පරිසර දූෂණය වැළැක්වීම, මගීන්ගේ හා රථ වාහනවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් මාර්තු පළමු වනදා සිට සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්්‍ය කිරීමටයි තීරණය කර ඇත්තේ.

තව කියවන්​න

බලුකිස්ථානයේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුපෙන් අඩක් කපා ගැනීමට පියවර ගෙන තිබෙනවා. පාකිස්ථාන මධ්‍ය රජයේ හෝ පළාත් ආණ්ඩුවේ විධිමත් නියෝගයකින් තොරව මෙම මුදල් කපා හැර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. තුර්කියේ භූමි කම්පාවෙන් විපතට පත් වූවන් සහන ලබා දීම සදහා අදාළ වැටුප් කප්පාදුව සිදු කර ඇති බව සදහන්. කෙසේ වෙතත් පාකිස්ථානය තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති පසුබිමක සහ එරට රජයට දැඩි දූෂණ චෝදනා එල්ල වී ඇති අවස්ථාවකයි මෙම වැටුප් කප්පාදුව සිදු කර තිබෙන්නේ. මේ අතර යළිත් දකුණු තුර්කියේ මලවියා ප්‍රදේශයේ රික්ටර් මාපක 5.6 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එහිදි එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 70කට ආසන්න පිරිසක් තුවාල…

තව කියවන්​න

ශ්‍රී ලංකාවට ඩොලර් මිලිය 400ක විදේශ විනිමය පහසුකමක් ලබා දෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය පවසනවා. එම මුදල් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සදහා භාවිතා කිරීමට නියමිතයි. ලෝක බැංකුවේ ආයෝජන අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පෞද්ගලික බැංකු තුනක් වෙත එම මූල්‍ය පහසුකම හිමිවන බවයි. ඒ තුළින් ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ පොහොර ආනයනයට අවස්ථාව හිමි වනවා.

තව කියවන්​න

බිම් බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය තවත් වසර 5කින් දීර්ඝ කිරීමට සැලසුම් කර තිබෙනවා. 2023 වසරේ සිට 2027 දක්වා මෙම ජාතික මධ්‍යස්ථානයේ කාලය දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බවයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පැවසුවේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. බිම් බෝම්බ ඉවත් කිරීම 2002 වසරේදි එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ මූලිකත්වයෙන් ආරම්භ කළා. ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබා ඇති ලෝක බිම් බෝම්බ තහනම් කිරීමේ සම්මුතියට අනුව 2028 වසර වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බ අවධානමෙන් තොර රටක් බවට පත් කළ යුතු වනවා. එමෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීම සදහා වර්ග…

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතු`ඵ ක්‍රීඩා සංගම්වලට අදාලව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කර තිබෙන රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වලක්වමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුලු ක්‍රීඩා සංගම් කිහිපයක් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.

තව කියවන්​න

නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සමුද්‍රීය කලාපීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එමෙන්ම දෙරට අතර නාවික කටයුතු වඩාත් පු`ඵල්ව ඉදිරියට ගෙන යාම පිළිබදවද මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය සදහා මුදල් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් යොමු කළ ලිපියට අදාළ සිය ප්‍රතිචාරය මුදල් අමාත්‍යවරයා වෙත යොමු කරන බව කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. මැතිවරණය සදහා මුදල් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් පසුගිය 24 වනදා රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් කතා නායකවරයාට අදාළ ලිපිය යොමු කර තිබුණා. මේ අතර පළාත් පාලන මැතිවරණය වසර 2ක් දක්වා කල් යෑමේ අවදානමක් පවතින බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ මේ තුළින් රට නිලධාරි පාලනයක් කරා ගමන් කරන බවයි.

තව කියවන්​න