- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: VNews
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨ බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ඇතු`ඵ පස් දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ ඔවුන්ට එරෙහිව පවතින නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්. සයිටම් විශ්ව විද්‍යාලයට එරෙහි උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩ කළ සිද්ධියක් සම්බන්ධයෙන් පැවති නඩුවක් විවෘත අධිකරණය හමුවේදී අද කැදවනු ලැබුවා. එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි මෙම පිරිසට වරෙන්තු නිකුත් කර ඇත්තේ.
ශ්‍රී ලංකාවේ උද්ධමන තත්වය යළිත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව වාර්තා වී තිබෙනවා. මේ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසය තුළදි 50.6%ක් දක්වා අඩු වී ඇති බව සදහන්. පසුගිය මාසයේදී එම අගය සටහන් වුණේ 54.2%ක් ලෙසයි. මේ අතර ආහාර උද්දමනය ද 54.4% කින් අඩු වී තිබෙනවා. එය 2023 ජනවාරි මාසයේ දී සටහන් වුණේ 60% ක් ලෙසටයි. කෙසේ වෙතත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේ වාර්තා වූ 47.9% යේ අගයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී 48.8% දක්වා සු`ඵ වශයෙන් වර්ධනය වී ඇති බව ද සදහන්.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කර ගැනීම ඇතු`ඵ විශේෂ කරුණු 3 ක් මුල් කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් මෙන්ම නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ කතා නායකවරයාගේ කාර්යාලයේදි. එහිදි විපක්ෂ නායකවරයා කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේ 2023 අයවැයෙන් මැතිවරණ පැවැත්වීම සදහා වෙන් කර ඇති මුදල් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා ලබා දීමට යෝජනාවක් සම්මත කරන ලෙසයි. මේ සදහා කතා නායකවරයා ද සිය එකගත්වය පළ කළ බවයි වාර්තා වන්නේ. එමෙන්ම මැතිවරණය වෙනුවෙන් මුදල් නිදහස් නොකිරීම පිළිබඳව මුදල් අමාත්‍යංශ…
යාපනය, කුරුණෑගල, මහනුවර හා හම්බන්තොට යන නගරවල වායු දූෂණය ඉහළ ගොස් තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ ඇමරිකානු වායු තත්ත්ව දර්ශකයට අනුව අද උදෑසන මෙම නගරවල ශුද්‍ර අංශු ප්‍රමාණය 101 ත් 150ත් අතර මට්ටමේ පැවති බවයි. මෙය සංවේදි පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් යම් අපහසුතා ඇතිවිය හැකි අගයක් බව අදාළ නිවේදනයේ සඳහන්. මේ අතර , ඉදිරි දින කිහිපයේ දී වායු දූෂණය යළි සැළකිය යුතු මට්ටමකට ඉහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.
රුපියල් කෝටි 23 කට අධික වටිනාකමින් යුත් කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය රෙදිපිළි සමඟ සඟවාගෙන පැමිණි බොලිවියානු ජාතික කාන්තාවක් ද කටුනායක ගුවන්තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගැනීමට සමත් වුනා. බ්‍රසීලයේ සිට ඩුබායි හරහා පැමිණි ඇය 26 හැවිරිදි වියේ පසුවන අතර මෙය ඇයගේ පළමු විදෙස් සංචාරය බවත් රේගු දෙපාර්තමේන්තුව සදහන් කළා .
මාර්තු මාසයේ පළමු සතිය තුළ පෘථිවි භූ තැටිවල ප්‍රබල චලනයන් සිදුවිය හැකි බව ඉරාකයේ බැග්ඩෑඩ් විශ්වවිද්‍යාලයේ, භූ විද්‍යාඥයෙකු අනතුරු අගවා තිබෙනවා. ඔහු පවසන්නේ චන්ද්‍රයා, පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතරට පැමිණීමත් සමග භූ තැටි මත ඇතිවන තෙරපීමෙන් ප්‍රබල භූකම්පන සිදුවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි . මේ අතර යලිත් ඊයේ තුර්කියේ මලට්යා නගරය ආසන්නයේ රික්ටර් මාපාංක 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හට ගෙන තිබුනා. ඉන් එක් අයෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 110 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
වෛද්‍යවරුන් 2500 ක් අලුතින් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බවයි අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත මහතා සදහන් කලේ. ඒ අනුව ඉදිරියට වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති නොවන බවත් ඇතැම් ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළා.
යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉදිරියේදී බඳවා ගන්නා රාජ්‍ය සේවකයින්ට සෘජුවම අදාළ වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සංවිධානය කරන ද බෙස්ට් පාපන්දු සම්මාන උළෙලේදී 2022 වසරේදී දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී සමත්ව තිබෙනවා. මෙසී එම සම්මානය හිමි කර ගත් දෙවන අවස්ථාව මෙය වනවා. ඒ අනුව ලොව විවිධ පාපන්දු සම්මාන උත්සවවලදී දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය අවස්ථා 10 කදී හිමිකර ගත් ලොව එකම ක්‍රීඩකයා ලෙස ලියොනල් මෙසී වාර්තා අතරට එක්ව සිටිනවා. එම සම්මානය සදහා ප්‍රංශයේ කරීම් බෙන්සමා සහ කිලියාන් නිර්දේශ වී සිටියා.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. මැතිවරණ දිනය පිළිබදව මතුව ඇති ගැටලුකාරි තත්වයන් සහ අවශ්‍ය පහසුකම් නොලැබීම හමුවේ එම පියවර ගත් බවයි රජයේ මුද්‍රණාලය පැවසුවේ. කෙසේ වෙතත් දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා සුරක්ෂිතව තබා ඇතැයි ද රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කළා. එහි ප්‍රකාශයෙකු සදහන් කළේ අවශ්‍ය සියලු පහසුකම් හිමි වන්නේ නම් දින 25 ත් 30 ත් අතර කාලයේදී සියලු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට තම ආයතනයට බලය පවතින බවයි. මේ අතර ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද හදිසියේම මැතිවරණ කොමිසම වෙත පැමිණියා. එහිදි මැතිරවණය කල්දැමීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත් වූ බවයි ඔහු මාධ්‍ය වෙත සදහන් කළේ. එමෙන්ම…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222