- කැරිබියන් සහ කේමන් දූපත් වලට ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමක්
- දියේ ගිලී තරුණයෙක් අතුරුදන්
- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
Author: VNews
මහජන උපයෝගීතා කොමිසමට නව උප සභාපතිවරයෙකු පත්කර තිබෙනවා. කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ එස් ජී සේනාරත්න මහතා කොමිසමේ උප සභාපති තනතුරට පත්කර ඇති බවයි. සභාපතිවරයා ලෙස තමන්ට ලැබී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදුකළ බවයි ජනක රත්නායක මහතා සදහන් කළේ. මහජන උපයෝගිතා කොමිසමේ උප සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කලේ බී කේ යු ඒ වික්‍රමසිංහ මහතායි ඔහුගේ ඉල්ලා අස්වීමන් පසු පුරප්පාඩු වු තනතුර සදහායි සේනාරත්න මහතාව පත්කර ඇත්තේ.
පළාත් පලන මැතිවරණ පැවැත්වෙන නව දිනය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිසම අද(03) ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණය මැයි මාසයේ පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. මුදල් නොමැති වීම හේතුවෙන් මාර්තු 09 වනදා පැවැත්වීමට සැලසුම්කර තිබු මැතිවරණය කල් දමා තිබුණා.
වයස අවුරුදු 18න් පහළ ළමයින්ට ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම භාවිතය පැයක කාලයකට සීමාකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන ක්‍රමවේදය ඉදිරියේ දී හදුන්වා දෙන බවයි ටික්ටොක් සමාගම සඳහන් කර ඇත්තේ. 18ට අඩු පරිශීලකයන් සඳහා ස්වයංක්‍රීයව කාලය පාලනය කිරීමට මෙම නව ක්‍රමවේදය යටතේ ටික්ටොක් සමාගම මැදිහත්වී කටයුතු කරන අතර භාවිත කරන කාලය පැයක් ඉක්මවා යන විට ඒ පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමක් ද සිදුකෙරෙන බව එම සමාගම සඳහන් කර තිබෙනවා.
මහජන උපයෝගීතා කොමිසම සඳහා නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබෙනවා . එහි සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ තමන්ට හිමිව ඇති බලතල අනුව එස් ජී සේනාරත්න මහතාව අද සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරට පත්කළ බවයි . මහජන උපයෝගීතා කොමිසමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ බී කේ යූ ඒ වික්‍රමසිංහ මහතා තනතුරින් ඉල්ලා අස්වුණා
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය හා ලාංකීය බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් එය අනිද්දා දක්වා පැවැත්වෙනු ඇති. යාපනය රඳගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මංගල්‍යය නාවික හමුදාවේ සහයෝගය ඇතිව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාව එක්ව සංවිධාන කරනු ලබනවා. මෙවර ඉන්දීය බැතිමතුන් දහසක පමණ පිරිසක් කච්චතිව් මංගල්ලය වෙනුවෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ.
ආජන්ටිනාවේ පැය ගණනාවක විදුලිය බිඳවැටීමක් හේතුවෙන් මිලියන 20කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. බුඑනෝස් – ඒරිස් අගනුවරට බටහිර දෙසට වන්නට විවෘත භූමි ප්‍රදේශයක හටගත් ගින්නක් හේතුවෙන් මෙම විදුලිය බිඳවැටීම සිදුව ඇති බව සඳහන්. ගින්නෙන් එරට ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ මාර්ගයන්හි රැහැන්වලටද හානි සිදුව ඇති අතර ජල සම්පාදනයද අඩාලවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විෂය භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්යන මහත්වරුන්ගේ සභාගීත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්වුණා . එහිදී සංචාරක අමාත්‍යංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති අතර සංචාරකයන් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පිළිබඳ වාර්තාවක් සති දෙකක් තුළ ලබාදීමට තීරණය කර ඇති බව සඳහන්. එමෙන්ම සංචාරක කලාප තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සම්බන්ධයෙන් මෙන්ම රාත්‍රි කාලයේ සංචාරක අවන්හල් විවෘත කර තබන වේලාවන් දීර්ඝ කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි. මෙම භූ කම්පනය සැතපුම් 362 ක් වු ගැඹුරකින් හටගෙන ඇති බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කළේ. භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ පළමු දිනය අදයි. දිනය නිමවන විට තරගයේ වැඩි ගෞරව අත්කර ගත්තේ ඔස්ටේ්‍රලියානු කණ්ඩායමයි. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 109කට සීමා වුණා. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු විරාත් කෝලි ලකුණු 22ක් ලබා ගත්තා. උමේෂ් යාදෙව් පන්දු 13ක දි ලකුනු 17ක් රැස් කළා. පන්දු යැවීමේදී මැතිව් පාවුල් ලකුණු 16කට කඩුලු 5 ක් සහ නේතන් ලයන් කඩුලුු 3ක් බිඳ හෙලුවා. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ටේ්‍රලියානු කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 156 ක් රැස්කරගෙන සිටියා. උස්මන් කවාජා ලකූණු 60ක් රැස් කළා.…
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව අද රජයේ ප්‍රධාන බැංකුවල ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 353 ක් ලෙසයි. එමෙන්ම විකුණුම් මිල රුපියල් 363යි සත 30ක් ලෙසද සටහන් වනවා. මේ අතර ඇතැම් පෞද්ගලික වාණිජ බැංකුවල ද ඩොලර් එකක විකණුම් මිල රුපියල් 360ක් දක්වා අඩු වීමක් වාර්තා වී ඇති බව සදහන්. මේ අතර සිය අදායම් නොපෙන්වා බදු ගෙවීම පැහැර හරින ඇතැම් වෘත්තීන්වල නිරත පිරිස් හදුනාගැනීම සදහා කඩිනම් ක්‍රමවේදයක් සකස් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා. රාජ්‍ය ආදායම් පිළිබදව වැඩි අවදානයක් යොමුව ඇති මෙවන් කාලවකවානුවකදී බදු පැනවීම මගින්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222