- වීසා නීති ලිහිල් කිරිමට නවසීලන්තයෙන් සැලසුම්
- බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටිමෙන් කාන්තාවකට තුවාල
- රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට
- මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 41 මරුට
- අමෙරිකාවට උතුරු කොරියානු ජනපතිගෙන් චෝදනා
- අදත් වැසි රහිත කාලගුණයක්
- ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට
- ඉහළ හන්තාන කොටසේ ගින්නක්
Author: VNews
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා . මෙලෙස ජල සැපයුම අත්හිටුවීම සිදු කෙරෙන්නේ කොළඹ 01,02,03,04 සහ කොළඹ 07,08,09,10,11 යන ප්‍රදේශවලටයි . ඒ අනුව හෙට පස්වරු 2 සිට ඉරිදා පස්වරු 2 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි . මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියට අදාළව ව්‍යාපෘති මගින් සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්තිටුවීමට තීරණය කර ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ.
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේ්‍රලියාව අද සමත් වුණා. දිනය ආරම්භයේදී ලකුණු 76 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඕස්ටේ්‍රලියානු කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 5 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 78 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 109 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ්‍රලියාව පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 197 ක් රැස් කළා. අනතුරුව සිය දෙවනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ…
රුසියා විදේශ අමාත්‍යවරයා සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා අතර තීරණාත්මක හමුවක් පැවැත්වුණා. රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් අතර මෙම හමුව සිදුවුණේ ඉන්දියාවේ පැවැත්වෙන ජී 20 සමුළුව අතරතුරදීයි. යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු මෙම නිලධාරීන් දෙදෙනා හමුවූ පළමු අවස්ථාව මෙය වනවා. මෙහිදි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඉල්ලා ඇත්තේ යුක්‍රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙම හමුව විනාඩි 10කටත් වඩා අඩු කාලයකට සීමා වූ බවයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණඩලයේ සේවකයිනගේ පෙබරවාරි මස වැටුප් මීට ඉහත මාසවල ගෙවීම් කළ ආකාරයටම ප්‍රමාදයකින් තොරව ගෙවීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය පළ කර තිබෙනවා. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයි මෙම එකඟත්වය පළ වී ඇත්තේ. පසුගිය කාල වකවානුවන්හිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දේශපාලනීකරණයවීමේ ගැටලුවට මුහුණ දුන් බවත් එම නිසා සේවකයින් බඳවා ගැනීමේදී නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම හේතුවෙන් මතුව ඇති ගැටලු විසඳීමට පියවර ගෙන ඇති බව මෙහිදී අමාත්‍යවරයා විසින් සඳහන් කළා.
ඊජිප්තු ගීසාහි මාහා පිරමීඩයේ සැඟවුණු කොරිඩෝවක් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා. ගීසාහී මහා පිරමීඩයේ ප්‍රධාන දොරටුවට ඉහළින් සැඟවුණු අභ්‍යන්තර කොරිඩෝවක් තිබෙන බවට ඊජිප්තු පුරාවස්තු නිලධාරීන් පවසා ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. අදළ කොරිඩෝව ඇතළත දිග මීටර් 9කින් සහ පළල මීට දෙකයි දශම එකකින් සමන්විත වන බවද එම නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග සෙන්චූරියන් හී දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 87 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී කොදෙව්වන්ට ලකුණු 247 ක ඉලක්කයක් හිමි වුවද, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 159 ක් පමණයි. ජර්මයින් බ්ලැක්වුඩ් පන්දු 93 කින් ලකුණු 79 ක් රැස් කළා. පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 50 කට කඩුලු 6 ක් දවා ගත්තා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 342 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් ලබා ගත්තේ ලකුණු 212 ක් පමණයි. අනතුරුව…
මැතිවරණ අවශ්‍ය නොවන බවට ප්‍රකාශ කරන පුද්ගලයන්ටද පාගමනක් යන ලෙස ආරාධනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසනවා. ලාල් කාන්ත මහතා මේ බව සදහන් කළේ මාතලේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි.
සමගි ජන බලවේග රජයක් තුළ යුක්තිව සාධාරණත්වය රජයන ආර්ථික රටාවක් මෙරට තුළ ස්ථාපනය කරන බව එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිරුත්තර රටක උත්තරය යන තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් ගොඩකවෙල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සදහන් කළා.
කච්චතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද(03) ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය හා ලාංකීය බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් එය එළඹෙන සෙනසුරාදා දිනය දක්වා පැවැත්වෙනු ඇති. යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මංගල්‍යය නාවික හමුදාවේ සහයෝගය ඇතිව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාව එක්ව සංවිධාන කරනු ලබනවා. මෙවර ඉන්දීය බැතිමතුන් දහසක පමණ පිරිසක් කච්චතිව් මංගල්‍යය වෙනුවෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සදහන් කළා.
හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මින්නේරීය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ඉදිරි වසර පහක කාලය තුල හරිත බලශක්ති ආර්ථිකයක් සදහා යොමු වීම මගින් ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්වනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222