Author: VNews

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑම තාවකාලික බව වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මාහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසනවා. මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති වෙනස් කිරීම මේ සදහා බලපා ඇති බවටයි මහචාර්යවරයා පෙන්වා දෙන්නේ. ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර ලෙස ශක්තිමත් වීමට එම මුදල් ඒකකයේ සැපයුම වැඩි වීමක් හෝ එහි ඉල්ලුමේ අඩු වීමක් තිබිය යුතු බවයි ඔහු කියා සිටියේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 343 යි ශත 97 ක් ලෙස දැක්වුණු අතර, එහි විකුණුම් මිල සටහන් වුණේ 356 යි ශත 73 ක් ලෙසයි. කෙසේ වෙතත් විදේශ සංචිත පහත වැටීම හමුවේ මෙරට…

තව කියවන්​න

අයවැය තුළින් පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි. ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා. මීට අමතරව මුද්‍රණාලාධිපතිනියට අවශ්‍ය මුදල් මුදා නොහැර රඳවා තබාගැනීම ද වළක්වමින් තවත් අතුරු නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සංශෝධිත දිනය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මාර්තු මස 09 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට පසුගිය සිකුරාදා රැස් වූ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් තීරණය කෙරුණා. ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පවතින තත්වය පිළිබදව සමාලෝචනය කරනු ලැබුවා. මේ අතර රටේ පවතින මූල්‍ය තත්වය ඇතු`ඵ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට පැමිණීමට ප්‍රථම එම කොමිසම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සංශෝධිත දිනය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ මැතිවරණයක් පැවැත්වීම සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිශ්චිත දිනයක්…

තව කියවන්​න

ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසනවා. බදු ආදායම සහ වියදම් අතර තිබූ අසමතුලිතතාව නිවැරදි කරගැනීමට බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍යව තිබූ බවයි ඔවුන් පවසන්නේ. පෞද්ගලික ආදායම් බදු සඳහා හඳුන්වාදී ඇති බදු අනුපාතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය බවත්, මෙම ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ විශ්වාසය නැවත ඇති කර ගැනීමටද හැකිවනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ.

තව කියවන්​න

සුනාමි ආපදා පෙර සුදානම් පෙරහුරු වැඩසටහනක් අද දිනයේ ද දකුණු පළාත තුළ සුනාමි ආපදා අධි අවදානම් පාසැල් මුලික කරගනිමින් ක්‍රියාත්මක වුණා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙන්නේ අද දිනයේ සුනාමි ආපදා තත්ත්වයක් පිළිබද පුර්ව අවදානම් නිවේදනයක් ලැබුණහොත් එහි සත්‍ය අසත්‍යතාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විමසන ලෙසයි. ආපදා පුර්ව අනතුරු ඇගවීමක් පිළිබඳව අසත්‍ය පුවතක් ලැබුණහොත් ඒ පිළිබදව දැනගැනීම සඳහා 117 දුරකථන අංකයෙන් විමසන ලෙසද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මාතර කඹුරුගමුව ද්විතීක විද්‍යාලය සහ ගාල්ල මාදම්පාගම මධ්‍ය මහා විද්‍යාලය සහ කුමාර කාශ්‍යප විද්‍යාලය යන පාසල් සඳහා අද දිනයේ සුනාම් පෙරහුරු වැඩසටහන් මෙලෙස පැවැත්වුණා.

තව කියවන්​න

විදේශ රැකියා මුවාවෙන් සිදුකරනු ලබන මිනිස් වෙළඳාම මැඩ පැවැත්වීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. මේ සඳහා පුද්ගලයින් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ නිරීක්ෂණ ද ලබාගැනීමට නියමිත බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේ.

තව කියවන්​න

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සතුව තිබූ රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක් කිඳෙල්පිටිය – බදුවිල ප්‍රදේශයේදී කොල්ලකෑමට තැත් කළ සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් අහසට වෙඩි තබා පාලනය කළ බව පොලිසිය පවසනවා. කෙසේ වෙතත් එහිදී සැකකරුවන් තිදෙනෙකු පලාගොස් ඇති අතර, එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ලක්ෂ 35 ක් අතැතිව කිදෙල්පිටිය ප්‍රදේශයට ගොස් ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහායි. ලද බුද්ධි තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය ගැනුම්කරුවන් ලෙස පෙනී සිටිමින් ඔවුන් එම වැටලීමට එක්ව තිබෙනවා.එහිදී යතුරුපැදිවලින් පැමිණි සිව්දෙනෙකු පොලිස් නිලධාරීන්ගේ වෑන් රථය හරස් කර ඔවුන් සතුව තිබූ මුදල් කොල්ලකෑමට තැත් කර ඇති බව සඳහන්. එහි දී එක් පොලිස් නිලධාරියෙකු අහසට වෙඩි…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම හේතුවෙන් ජනතාව තවදුරටත් පීඩාවට ලක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දිනෙන් දින ඉහළ යන විදුලි බිල මෙන්ම බඩු මිල හමුවේ ජනතාව දරිද්‍රතාවයට පත් ව ඇති බවටයි සජිත් ප්‍රේමදාස මහතා බිබිල – මැදගම ප්‍රදේශයේදී පැවති ජනහමුවකට එක් වෙමින් කියා සිටියේ. මේ එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂව දැක්වූ අදහස් කිහිපයක්.

තව කියවන්​න

ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද දින සිය ආයතන ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් සිදු කරමින් පවතිනවා. ඒ සදහා ගුරු සංගම්, තැපැල්, සෞඛ්‍ය, සංවර්ධන නිලධාරි, කළමනාකරණ නිලධාරින් ඇතු`ඵ සමස්ත රාජ්‍ය අංශයේ මෙන්ම අර්ධ රාජ්‍ය සේවකයින් ද මේ සදහා එක්ව සිටින බවයි රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සම කැදවුම්කරු ධම්මික මුණසිංහ මහතා කියා සිටියේ.

තව කියවන්​න

ආණ්ඩු වෙනසක් ඇති කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහ පාරට පැමිණ උද්ඝෝෂණ සිදු කිරීම ඊට විකල්පයක් නොවන බවටයි ජනාධිපතිවරයා අද(03) දින ත්‍රිකුණාමලය ගුවන් හමුදා කදවුරේ පැවති උත්සවයකට එක් වෙමින් කියා සිටියේ. මේ අතර ආර්ථික අර්බුදකයක් තිබයදී වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබා දීම සම්බන්ධයෙන් පොලොන්නරුව ගොවි ජනතාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසාදය පළ කර තිබෙනවා. පොලොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ ගොවින් පිරිසක් මෙලෙස සිය සංගමයේ ප්‍රසාදය පළ කර ඇති බවයි වාර්තා වන්නේ. ගොවි ජනතාව වෙනුවෙන් ඉටු කළ එම මෙහෙවර අගයමින් රන් වී කරල…

තව කියවන්​න