- දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
- දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්
- රසාරා විජේසූරියගෙන් නව වාර්තාවක්
- වෝන් – මුරලි කුසලානයේ ජය ඔස්ට්‍රේලියාව හිමි කර ගනී
- පොල් ගෙඩියක මිල 88%කින් ඉහළට
- ඉදිරියේදී රාජ්‍ය සේවයේ වැටුප් වැඩීවීමක් – අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්
- වීසා නීති ලිහිල් කිරිමට නවසීලන්තයෙන් සැලසුම්
Author: VNews
2020 වසරේදි කිලිනොච්චියේ ප්‍රදේශ කිහිපයක් පුරා පැතිර ගිය මාරාන්තික ගව වසූරිය යළිත් වරක් එම පළාත්වල පැතිර යාමේ අවදානමක් ඇති බව පශු වෛද්‍ය කාර්යාලය පවසනවා.මෙම රෝගයෙන් දින දෙකක් තුළදී ගවයන් 67 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම රෝගී තත්වයෙන් වැඩිම ගවයින් සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ පුනරීන්, කරච්චි, උරුතිරුපුම් සහ නිවීල් යන ප්‍රදේශවලයි. වයසින් අඩු ගවයින් මෙම මාරාන්තික රෝගයට ගොදුරු වී ඇති අතර මිය ගිය සතුන්ගේ සිරුරුවල විශාල ගෙඩි හට ගෙන පසුව අධික උණ වැළඳීමෙන් මරණය සිදුවන බවටයි එම ප්‍රදේශයේ පශු වෛද්‍යවරුන් පවසන්නේ.
තමාට එරෙහිව ඝාතන තැතක් පවතින බවට පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට අගවිනිසුරු උමාර් බන්දියල් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.ඒ ප්‍රමාණවත් ආරක්ෂාවක් අපේක්ෂා කරමින්. තමාන්ටැ එරෙහිව ඝාතන තැතක් ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති බැවින් තමන් අධිකරණයේ පෙනී සිටීමේදී ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙස ඔහු එමගින් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තමන් අවදානම් තත්ත්වයකය මුහුණ දී සිටින බැවින් ඒ පිළිබඳ අගවිනිසුරුවරයාගේ අවධානයට යොමු කරවන බවත් ඉම්රාන් ඛාන් සිය ලිපියේ දක්වා ඇතැයි සඳහන්.තමන්ව බලයෙන් ඉවත් කළ දා සිට විවිධ තර්ජන සහ ඝාතන තැතකට ද මුහුණ දීමට සිදු වූ බවයි ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ. ඒ සඳහා රජයේ උසස් නිලධාරීන් ද සම්බන්ධ…
ඉන්දියානු සාගරයේ අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ භූකම්පනයක් සිදු වී තිබෙනවා. අද උදෑසන 5.07ට පමණ එම භූ කම්පනයක් සිදුව ඇති අතර එය රික්ටර් මාපකයේ 5.0ක ප්‍රබලත්වයකින් යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ආදළ භූ කම්පනයෙන් සිදු වූ හානි පිළිබද මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නැහැ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිය අරගලය ඉදිරියට රැගෙන යාමට හෙට දිනයේදීද කොළඹ දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර ඇති බව එහි කැදවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා. රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීම මූලික කර ගනිමින් මෙම විරෝධතාව සංවිධානය කරන බවටයි ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව හමුවට යාමට තීරණය කර තිබෙනවා. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් නව දෙනෙකුගේ අත්සනින් යුතුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව අදාළ හමුවීම පිළිබඳව දැනුම් දී ඇති බව සදහන්. මාර්තු මස 03 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, මහාචාර්ය ජී.එල්. පීරිස්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන්, රංජිත් මද්දුමබණ්ඩාර මෙන්ම රවුෆ් හකීම් ශානක්‍යන් රාසමානික්කම්, එම්. ඒ. සුමන්තිරන් සහ දයාසිරි ජයසේකර යන…
කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ සහිත වෛරසයක් ඉන්දියාවේ පැතිරයමින් තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ප්‍රාන්ත කිහිපයකම මෙම වෛරසය පැතිරයමින් තිබෙන බවයි. තද උණ , හිසරදය සහ කල්පවතින කැස්ස මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ බවට හදුනාගෙන තිබෙනවා. ඉන්දීය වෛද්‍ය පර්යේෂණ මණ්ඩලය පවසන්නේ මෙය ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට අයත් උප ප්‍රභේදයක් බවයි.
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර චීනය විසින් සේවා ස්ථානයක් පවත්වා ගෙන යන ගොඩනැගිල්ලක් ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා. විදෙස් මාධ්‍ය පැවසුවේ අදාල ගොඩනැගිල්ල තුළ චීනය විසින් හොර රහසේ පොලිස් ස්ථානයක් පවත්වා ගෙන යන බවට ද චෝදනා එල්ල වන බවයි.එහි සිට චීනය අමෙරිකාව තුළ සිටින චීන වැසියන්ගේ ඔත්තු බලන බවට හා හිරිහැර සිදුකරන බවට චීනයට චෝදනා එල්ල වනවා. රජයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම හමුවේ මුහුණ දීමට සිදුවන කරදර හේතුවෙන් අමෙරිකාවට පැමිණ සිටින චීන වැසියන්ට එරෙහිව සිදුවන ක්‍රියා බරපතල තත්ත්වයක් බවයි විරෝධතාකරුවන් පවසන්නේ.චීනයේ එම ක්‍රියාකලාපයට එරෙහිව ජනතාව එකිනෙකාට උදව් කර ගත යුතු බව ද විරෝධතාකරුවන් පවසනවා.හොර රහසේ පොලිස් ස්ථාන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලොව රටවල් රැසක් මේවනවිටත්…
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ. වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ සේවා කාලය මෙම මස 20 වනදායින් අවසන්වනවා. ඒ අනුව විශ්‍රාම ගැනීමට අදාළ ලිපි ගොනු සී.ඩී වික්‍රමරත්න මහතා විසින් භාර දී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් වත්මන් පොලිස්පතිවරයා සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ තීරණයක් ගනු ඇති.
මැතිවරණ කල් දැමීමට එරෙහි සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තීරණය කර තිබෙනවා. ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම මෙහි මූලික අරමුණයි. මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී ඩී.එම් දිසානායක මහතා පැවසුවේ ලබන 09 වනදා කොළඹදී මෙම සමුළුව පවත්වන බවයි. ඊට දේශපාලන පක්ෂ නියෝජිතයින් , නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගි වනු ඇති.
ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම පැවසුවේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ඒ අනුව දැනට පවතින මිල ගණන් මාර්තු මාසය සඳහා වලංගු වන බවයි ලිට්‍රෝ සමාගම නිවේදනය කළේ. ලෝක වෙළඳපොලේ මිල ගණන් හා සැසදීමේ ගෑස් මිල වැඩි කළ යුතුව තිබු බව ද ලිට්‍රෝ සමාගම සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222