- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: VNews
සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් යෑමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් බලධාරින් සමග සාකච්ඡා කර ඉදිරි සති කිහිපය තුළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනය ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාද වීම මෙයට හේතුවයි.
යාපනය, තෙලිප්පලෙයි – කටුවන්පුලම් ප්‍රදේශයේ දී පාසල් සිසුවෙකු විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඔහුගේ නිවස ඉදිරිපස මාර්ගයේ තිබූ කොහොඹ ගසක අතු කැපීමට ගිය අවස්ථාවේදීයි. කොහොඹ අතු විදුලි රැහැනක ගැටීම හේතුවෙන් මෙලෙස සිසුවාට විදුලිසැර වැදී ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 18 හැවිරිදි එස්. මදුෂන් නැමති පාසල් සිසුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි අතර වයඹ සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද සඳහන්. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි…
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තුන්වන හා අවසන් එක්දින තරගය ලකුණු 50න් ජය ගැනීමට බංග්ලාදේශය ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 246ක් රැස් කළා. ඒ අනුව ජයග්‍රාහී ලකුණු 247ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 43යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 196ක් පමණයි. කෙසේ වෙතත් දෙරට අතර පැවති පළමු තරග දෙකම ජයගත් එංගලන්ත කණ්ඩායම තරග දෙකට එකක් ලෙස තරගාවලිය ජය ගනු ලැබුවා.
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් මහව, රටේහිනුක්වැව ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක කැනීම් කළ පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහව පොලිස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුක් අනුව සිදු කළ වැටලීමකදී සැකකරුවන් සමග ගල්විදින යන්ත්‍ර 02ක්, විදුලි ජනක යන්ත්‍රයක් සහ උදලු 01ක් සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරු 35ත් 45ත් අතර වයස් වල පසුවන හූරියගස්වැව, තලාව, කලංකුට්ටිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිනිය ඇතුළු නිලධාරීන් අද දිනයේ යළි මැතිවරණ කොමිසම හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා . මැතිවරණ කොමිසම සඳහන් කළේ යළි රැස්වී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව බවයි . ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 03 ලබා දුන් නියෝගය අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සමග තවදුරටත් සාකච්ජා කර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සිය තීරණය ලබන 09 දාට පෙර ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට 2023 අය වැයෙන් පළාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රඳවා ගැනීමෙන් වළකින ලෙස අතුරු නියෝගයක් පසුගිය 03 වනදා නිකුත් කලා.…
බ්‍රසීල පාපන්දු ක්‍රීඩක නෙයිමාර්ට මාස 04ක පමණ කාලයක් පාපන්දු පිටියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා. ඔහුගේ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් සැත්කමක් කිරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මාස 4ක පමණ කාලයක් පාපන්දු පිටියෙන් ඉවත්වීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා වල සඳහන් වන්නේ. පසුගිය වසර කිහිපය තුළ නෙයිමාර්ගේ දකුණු පාදයේ ආබාධ ගණනාවක් සිදු වූ අතර, ඒ හේතුවෙන් පසුගිය වසරේ පැවති පාපන්දු ලෝක කුසලානයේදී ඔහුට තරග දෙකක් ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන විරෝධතාවයක් අද කොළඹදී පැවැත්වෙනවා. රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීම මූලික කර ගැනීම මෙන්ම අරගලය ඉදිරියට ගෙන යාම සදහා මෙම විරෝධතාවය පැවැත්වෙන බව එම බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සමාලෝචනයක් හෙට සහ අනිද්දා දිනවලදී සිදු කිරීමට නියමිතව තිබෙනවා . විදේශ අමාත්‍යාංශය පැවසුවේ එහිදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ග, අධිකරණයේ ස්වාධීනත්වය ආදිය පිළිබඳ සාකච්ඡාවට ලක්වන බවයි . අදාළ සාකච්ඡාව සඳහා මෙරට නියෝජනය කරමින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක මහත්මිය සහභාගී වීමට නියමිතයි . එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වන නිත්‍ය සැසිවාරය මේ වන විට ජිනීවා හිදී පැවැත්වෙනවා .
පොලිස් නිලධාරින් පිරිසක් සහ ගම්වාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරින් අට දෙනකු සහ ගම්වාසීන් දෙදෙනකු රෝහල් ගත කර තිබෙනවා . වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ වැටලීමක් සදහා ගිය පොලිස් කණ්ඩායමක් සහ ගම්වාසින් අතරයි මෙම ගැටුම හටගෙන ඇත්තේ . පස්වරුවේදි රෝහල්ගත කර ඇතැයි වීරකැටිය පොලිසිය කියා සිටියේ මාර්ගයේ සිටි පිරිසක් සම්බන්ධයෙන් සැක පහලව ඔවුන් පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම පිරිස එයට විරෝධය දක්වා පොලිසිය සමග බහින්බස් වීමක් ඇති කර ගත් බවයි. අනතුරුව එම තත්වය ගැටුමක් දක්වා වර්ධනය වූ බවද මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණා . මෙලෙස තුවාල ලැබූ පොලිස් නිලධාරින් අතරට උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනකු, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222