Author: VNews

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩක සංචිතය නම් කිරීමට නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා. ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකයා ලෙස ටීමී සවුදි කටයුතු කරනු ලබනවා. දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 09 වනදා ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

කොටහේන ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. අධිකරණයේ නඩු කටයුත්තක් සදහා පුද්ගලයෙකු ත්‍රී රෝද රථයක යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ. මෝටර් රථයකින් පැමිණි අයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සදහන්. සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනවා.

තව කියවන්​න

රටේ උද්ධමනය ඉහළ යන වේගය 50% ක් දක්වා අඩු වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා. එමෙන්ම ආහාර උද්ධමනය ද 54% දක්වා අඩු වී තිබෙන බවයි ඔහු පැවසුවේ. මේ අතර පොහොර ලබා දීමත් සමග යල සහ මහ කන්නයේ සාර්ථක අස්වැන්නක් රටට ලැබුණු බවත් 2022 ජූනි මාසයේ සිට කෘෂි කාර්මික නිෂ්පාදන අපනයන සාමාන්‍ය තත්වයට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා. ඒ තුළින් ආර්ථික ගැටලුවලට යම් දුරකට විසදුම් ලබා දී ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ. මේ අතර රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට යම් කොටසක් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි…

තව කියවන්​න

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මියට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම පිළිබදව කණගාටුව පළ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. කෙසේ වෙතත් රෝහිණි කවිරත්න මහත්මිය එහිදි ප්‍රකාශ කළේ තමන් ඒ පිළිබදව වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කර ඇති නමුත් එම ප්‍රශ්නය විමසීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

තව කියවන්​න

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව විශේෂ සාකච්ඡාවක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වෙනවා. එම සාකච්ඡාවට මැතිවරණයට අදාළ සියලු පාර්ශව එක්ව තිබෙනවා. එම සාකච්ඡාව සදහා සහභාගි වීමට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී.එල්.පීරිස් මහතා සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් මැතිවරණ කොමිසම වෙත යොමු කර තිබෙනවා. අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව මත පළාත් පාලන ඡන්ද විමසීම් සදහා වෙන් කර ඇති මුදල් රදවා ගැනීම වළක්වා ගැනීම මගින් ලබන 19 වනදාට පෙර ඡන්ද විමසීම අනිවාර්්‍යයෙන් පැවැත්විය යුතු බවයි.

තව කියවන්​න

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උද්ඝෝෂණයට එක්වන පුද්ගලයින්ට අද පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාලු මුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතු`ඵ වීමෙන් වළකින ලෙසයි නියෝග කර තිබෙන්නේ. මීට අමතරව නම් කරන ලද කොළඹ මාර්ග රැසක් අවහිර කිරීමෙන් වළකින ලෙසද අධිකරණය අදාළ උද්ඝෝෂකයින්ට නියෝග කර තිබෙනවා. එම නියෝගය අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතු`ඵ ශිෂ්‍ය සංගම් 16 ක ක්‍රියාකාරීන්ට සහ ඊට සහභාගි වන තැනැත්තන්ට අදාළ වන බවද සදහන්.

තව කියවන්​න

වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව සහ වරාය, තෙල්, ජල, විදුලිය ඇතු`ඵ වෘත්තිය සමිති නියෝජිතයින් අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති අසාධාරණ බදු ඉවත් කර ගැනීම සදහා ගත යුතු ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරිම සදහායි. මේ අතර පසුගිය දා ද ආණ්ඩුව විසින් බදු ඉහළ දැමීමට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළව චීනය සිය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දී තිබෙනවා. චීන ආනයන අපනයන බැංකුව හරහා මෙම සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබා දී ඇති බව සදහන්. ඒ සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීමට තිබූ ප්‍රධාන බාධකය ඉවත් වන බවයි විදෙස් වාර්තා පවසන්නේ. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කර ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය වැඩ සටහන මෙතෙක් ප්‍රමාද වූයේ චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය සම්බන්ධයෙන් ඔවුන්ගේ සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දීම ප්‍රමාද වීම හේතුවෙන්.

තව කියවන්​න

මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයින් අතර ව්‍යාප්ත වන රෝග තත්වය වෛරසයක් හේතුවෙන් හටගන්නා රෝගයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසනවා. ගවයින්ගේ ශරීරයේ ගැටිති සහ තුවාල ඇති වී එම ගවයින් මිය යන බවට වාර්තා පළ වුණා. පසුගිය දින කිහිපයේදී එම රෝගී තත්වය හේතුවෙන් ගවයින් 30කට අධික සංඛ්‍යාවක් මිය ගියා. කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වහාම සොයා බලන්නැයි කෘෂි කර්ම අමාත්‍යංශය ඊයේ උපදෙස් ලබා දුන්නා. මෙම රෝග තත්වය ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම වාර්තා වී ඇත්තේ 2019 වසරේදී බවත් ඉන් පෙර මෙම රෝග තත්වය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බවයි පශු සම්පත් අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය එල්.ඩබ්ලිව්.එන්.සමරනායක මහතා පැවසුවේ.

තව කියවන්​න

මැඩගස්කරයේ ඉවාටෝ ගුවන් තොටුපලේදී මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු ඇතු`ඵ 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් කුඩු සලිදු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ අත්අඩංගුවට පත් පිරිස අතර නදුන් චින්තකගේ බිරිද ද සිටින බවයි. ඇය මැලගාසි ජාතික කාන්තාවක් බවට අනාවරණය වී තිබෙනවා. ඔවුන් පසුගිය පෙබරවාරි 12 වන දා පෞද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරය වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගිය පළමු වනදා මැඩගස්කරයෙන් පිටව යාමේදී බව සදහන්.

තව කියවන්​න