Author: VNews
උතුරු පළාතේ දිස්ත්‍රික්ක අතර ගවයින් ප්‍රවාහනය සදහා සෞඛ්‍ය සහතික නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා. පළාතේ ගවයින් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගය පාලනය සදහා මෙම පියවර ගත් බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සදහන් කළේ. වසූරිය කාණ්ඩයට අයත් වෛරසයකින් ව්‍යාප්ත වන මෙම රෝගයට ගොදුරු වූ ගවයින් 30කට අධික සංඛ්‍යාවක් මේ වන විට මියගොස් තිබෙනවා.
2023 පෙබරවාරි මස අවසානයේදී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2217 ක් බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කළා. මෙය ජනවාරි මාසය අවසානයේදී පැවති සංචිත වත්කම් ප්‍රමාණය හා සැසදිමේදී 4.5% වර්ධනයක්. එමෙන්ම විදේශ විනිමය සංචිතය 2023 පෙබරවාරි මාසය තුළ 5.7% කින් ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යූහගතකරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ඉතා යහපත් බව යුරෝපා සංගමය පවසනවා. ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවත් ක්‍රියාමාර්ග ගත යුතු බවයි එම සංගමය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලුවට විසදුම් සෙවීම සදහා ඉදිරියටත් සහය ලබා දෙන බවද එම සංගමය දැනුම් දී තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කර ගත් කාර්ය මණ්ඩල එකගතාවය ලබන 20 වනදා එහි විධායක මණ්ඩලය වෙත අනුමැතිය සදහා ඉදිරිපත් කරන බව එහි කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසනවා. චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතු`ඵව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේදී සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස පැවසෙන නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුලු සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට ගත් බව මැඩගස්කරයේ ආරක්ෂක අංශ, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර ඔහුගේ බිරිද සහ බිරිදගේ පියා ද සිටින බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුවකට අනුව මෙම පිරිස ඊයේ මැඩගස්කර ගුවන්තොටුපලේදි ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ගණුදෙණුවේ දී ඩොලර් බිලියනයක ඉන්දීය ණය මාර්ගය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකාව සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා. එමෙන්ම ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඖෂධ සහ ආහාර සඳහා භාවිත කර ඇත්තේ, ඉන් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් වන අතර ඒ සමඟ මෙම ණය මුදල මාර්තු 17 වැනි දායින් අවසන් වීමට නියමිත බව සඳහන්.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන මාර්තු 18 වනදා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, එදින පෙරවරු 9.00 සිට පස්වරු 12.10 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,269 දී විභාගය පැවැත්වෙන බවයි. ඒ අනුව විභාග ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය හරහා පෞද්ගලිකව බාගත කළ නොහැකි වන අතර තම පාසැල් මඟින් එම කාර්ය සිදුකළ යුතු වනවා. එමෙන්ම අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය, ජාතික හැඳුනුම්පත් අංක, ස්ත්‍රී/පුරුෂ සංශෝධන එම වෙබ් අඩවිය තුළින්ම විදුහල්පතිවරුන්ගේ සහාය මත සිදුකළ යුතු බව සඳහන්. කෙසේ වෙතත් අදාළ සංශෝධන ලබන 12 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන අතර සංශෝධන දින නැවත…
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා. දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගත් දකුණු අප්‍රිකාව මේ වන විට තරගාවලියේ තරග 1ට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.
රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ එළැඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන්. මෙලෙස බදු නිදහස් කිරීම අදාල වන්නේ විදෙස් රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම්, සුභ පතන්නන් වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයකින් තොරව ත්‍යාගයක් හෝ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි සඳහා පමණක් බව ජනාධිපති කාර්යාලය සදහන් කළා.
නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී නවක මුල්පෙල පිතිකරුවෙකු වන නිශාන් මදුෂ්කට ටෙස්ට් වරම් දිනා ගැනීමට ඇති අවස්ථාව ඉතා සීමිත බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු ඒ බව සදහන් කළේ. නිශාන් මදුෂ්ක මුල්පෙල පිතිකරුවෙකු හා කඩුලු රකින පිතිකරුවෙකු ලෙස සංචිතයට නම් කර ඇති බැවින් මුල්පෙල පිතිකරුවෙකු හෝ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වෙනුවටයි මදුෂ්කට කණ්ඩායමට ක්‍රීඩා කළ හැකි වන්නේ. කෙසේ වෙතත්, ටෙස්ට් කණ්ඩායමේ පිතිකරුවන් සියලු දෙනාම දක්ෂතා අතර රැදී සිටිමින් සිය ස්ථාන තහවුරු කර ගෙන ඇති බැවින් අවාසනාවකට නිශාන් මදුෂ්කට මෙම තරගාවලියේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට අවස්ථාවක් නොලැබෙනු…
තුර්කිය තුළ සිදු වූ දරුණු භූ කම්පණය හේතුවෙන් සිදු වූ හානිය ඩොලර් බිලියන 100 ඉක්මවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා. පසුගිය මස 06 වැනිදා සිදු වූ මෙම භූ කම්පණය හේතුවෙන් පුද්ගලයන් 52,000ට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් විශාල පිරිසක් තුවා ලැබුවා. මීට පෙර භූ කම්පණය හේතුවෙන් සිදු වූ හානිය ලෝක බැංකුව විසින් ඩොලර් බිලියන 34ක් බවටයි ඇස්තමේන්තු කර තිබුණේ. කෙසේ වෙතත් ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණ වියදම් වැඩි වීම, මෙම භූ කම්පණය හේතුවෙන් සිදු වූ ආර්ථික කඩා වැටීම මෙන්ම දළ දේශීය නිෂ්පාදනයට සිදු වූ පාඩුව නිසා මෙලෙස සමස්ථ හානිය ඩොලර් බිලියන 100…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222