Author: VNews
ආර්ථික අර්බුදයට මුහුණ දීම සදහා නව ජනාධිපතිවරයා සමග නව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම තුළින් මේ වන විට යහපත් ප්‍රතිඵල ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළා. කෙසේ වෙතත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමෙන් රට තවත් ණය උගුලක සිරවෙන බවයි.
පසුගිය වසර දෙකට සාපේක්ෂව මන්ද පෝෂණයෙන් පෙළෙන ගර්භනී කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ සංඛ්‍යාව 25% කින් පමණ ඉහළ ගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. ලොව දුප්පත් ම රටවල් ලෙස සැලකෙන සෝමාලියාව, ඉතියෝපියාව සහ ඇෆ්ගනිස්ථානය ඉන් වැඩිම බලපෑමකට ලක්ව ඇති රටවල් ලෙසයි එම සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ. ලොව පුරා කාන්තාවන් සහ නව යොවුන් වියේ පසුවන ගැහැණු දරුවන් මිලියනයකට අධික සංඛ්‍යාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බවද සදහන්.
නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් විශේෂ ජර්සි වෙන්දේසියක් සූදානම් කර තිබෙනවා. ඒ ගේබි්‍රයල් සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින්. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් ලකුණකින් ජයග්‍රහණය කළ දෙවනි ටෙස්ට් තරගය වන එංගලන්ත – නවසීලන්ත තරගයේදී ක්‍රීඩකයින් භාවිතා කළ ජර්සි ක්‍රීඩකයින්ගේ අත්සන සහිතව වෙන්දේසි කිරීමටයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ. නවසීලන්ත ක්‍රිකට් ආයතනය, නවසීලන්ත රතු කුරුස ආයතනය, නවසීලන්තයේ ප්‍රධාන බැංකු එක් වී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති බව සදහන්.
කොළඹ විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය අද දහවල් ආරම්භ කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල හා කදු`ඵ ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විරෝධතාකරුව්න තුම්මුල්ල මංසන්ධියේ සිට පා ගමනින් පැමිණෙමින් සිටියදී කොළඹ ජාතික කෞතුකාගාරය ආසන්නයේදී ඔවුන් විසුරුවා හැරීමට මෙලෙස කටයුතු කරනු ඇති බවටයි අප වාර්තාකරු කියා සිටියේ. අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ දින දියත් කළ විරෝධතා පා ගමනට කොළඹ විශ්ව විද්‍යාලය ආසන්නයේදී ජල හා කදු`ඵ ගෑස් ප්‍රාහර එල්ල කිරීමට විරෝධය පළ කරමිනුයි කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එම විරෝධතා පා ගමන සංවිධානය කර තිබුණේ. මේ අතර අද දින පැය 24 ක සංකේත වැඩවර්ජනයක් සෞඛ්‍ය සේවකයින් විසින්…
ඉතාලියේ රැකියාවන් අසූ දෙදහස් හත්සිය දෙකක් සදහා ශ්‍රී ලාංකිකයන් ඇතුලු යුරෝපා නොවන රටවල් කිහිපයක ජනතාවට අවස්ථාව හිමිව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අදාළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ මෙම අවස්ථාව ශ්‍රී ලංකාව ඇතු`ඵ බංග්ලාදේශය, කොරියානු ජනරජය, ඊජිප්තුව, පිලිපීනය, ජපානය මෙන්ම යුරෝපා නොවන කාණ්ඩයේ තවත් රටවල් කිහිපයකට හිමි වී ඇති බවයි. මෙහිදි කාලින රැකියා, කාලින නොවන රැකියා මෙන්ම ස්වයං රැකියා යන කාණ්ඩ තුන ඔස්සේ ට්‍රක් රථ රියදුරුන්, ඉදිකිරීම් ක්ෂේත්‍රය, හෝටල් ක්ෂේත්‍රය ඇතු`ඵ තවත් ක්ෂේත්‍ර කිහිපයක් සදහා සුදුසුකම් ඇති පුද්ගලයන් හට මේ සදහා අයදුම් කළ හැකියි. එළඹෙන මාර්තු මස 27 වනදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ…
බිඳ වැටුණු ආර්ථිකයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර සහාය ලබා දීමට මූලකත්වය ලබා දුන්නේ කාන්තාවන් තිදෙනෙකු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද පෙරවරුවේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. “ඇය දැයේ අභිමානයයි” යන්න තේමා කර ගත් ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද පෙරවරුවේදී බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදි ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂභාවය, සමාජ භාවය, සමානාත්මතාවය තහවුරු කිරීම සදහාත් ඒ තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම සදහාත් ප්‍රථම වරට සැකසු ජාතික කාන්තා ප්‍රඥ්ඥප්තිය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. එමෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් දිරිගැන්වීම සදහා දිස්ත්‍රික් මට්ටමින් හොඳම ව්‍යවසායකයින් 25 දෙනෙකුද ඇගයීමට…
අද සිට තිරිඟු පිටි මිල පහත දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩීබ් සමාගම් තීරණය කර තිබෙනවා. මේ අනුව ප්‍රීමා සහ සෙරන්ඩීබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15 කින් අඩු කෙරෙනු ඇති. එමෙන්ම සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40කින් අඩු කර ඇති බව පිටකොටුව තොග වෙළෙන්දන් පවසනවා. රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පුවල තොග මිල මෙසේ අඩු කළ බවයි වෙළදුන් පවසන්නේ. සීනි කිලෝවක් සදහා පැවති රුපියල් 50 ක ආනයන බද්ධ සත 25 ක් දක්වා අඩු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 7000 ක් ද රුපියල් 15 ක් වශයෙන් පැවති පරිප්පු ආනයන බද්ධ රුපියල දක්වා අඩු…
අද දිනයේ රන් මිල සීග්‍ර ලෙස පහත වැටී ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා. රන් භාණ්ඩ නිෂ්පාදකයින් සදහන් කළේ ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දී කැරට් 24 රන් පවුම රුපියල් 9250කින් සහ කැරට් 22 රන් පවුම රුපියල් 8500කින් අඩු වී ඇති බවයි. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම ඊට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR කේත ක්‍රමය අද සිට ක්‍රියාත්මක වන පරිදි සෑම අගහරුවාදා දිනකම මධ්‍යම රාත්‍රියේදී සතිපතා යාවත්කාලින වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව අද පෙරවරුවේ සිට සියලු ගිණුම් යාවත්කාලින වී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම අමාත්‍යවරාය පවසා සිටියේ ඉන්ධන කෝටාව නොවෙනස්ව පවතිනු ඇති බවටයි.
ඉන්දුනීසියාවේ සිදුවු නායයාමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දුනීසියාවේ සේරාසන් දුපතෙහියි මෙම නායයාම සිදුව ඇත්තේ. නායයාමෙන් පුද්ගලයින් 50ක් පමණ අතුරැදන්ව ඇති බවයි වාර්තා වන්නේ. සේරාසන් දුපතට බලපෑ අධික වාර්ෂාවත් සමග මෙම නායයාම සිදුව තිබෙනවා. නායයාමෙන් නිවාස රැසක් ද විනාශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222