Author: VNews
ඉතාලියේ රැකියා අවස්ථා පිළිබද විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් යළි නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ ඉතාලි රැකියා අවස්ථා සදහා අයදුම් කළ හැකිවන්නේ ඉතාලියේ සිටින සේවා යෝජකයින් සහ ව්‍යාපාරික සමාගම් විසින් බවයි. ඉතාලි රැකියා අවස්ථා සදහා ශ්‍රී ලාංකිකයින්ට සෘජුව අයුදුම් කළ නොහැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පෙන්වා දෙන්නේ. මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ රැකියා සදහා ඉල්ලුම් කළහැකි බවට විදේශ සේවා නියුක්ති කාර්යංශය මීට පෙර නිවේදනයක් නිකුත් කර තිබුණා.
මාලදිවයිනේ සිට රත්මලාන ගුවන්තොටුපල දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබද මුලීක සාකච්ඡා සාර්ථක වු බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ජර්මනියේ බ්‍රලීන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සංචාරක ප්‍රවර්ධන වැඩසටන අතරතුරයි මෙම හමුව සිදුව ඇත්තේ. එමෙන්ම රත්මලාන සිට හිගුරක්ගොඩ, චීන වරාය, යාපනය සහ මඩකලපුව දක්වා අභ්‍යන්තර ගුවන් ගමන් සිදුකිරීම පිළිබදව ද මෙහිදී සකච්ඡාවට ලක්වු බව හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළා. සංචාරක කර්මාන්තයේ සැලසුම් යථාර්තයක් කර ගැනීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.
යෝජිත පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට අදාළව සියයට 25ක තරුණ නියෝජනය සදහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. නියෝජණ කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව රැස්වු අවස්ථාවේදීයි ඒ සදහා අනුමැතිය හිමිව ඇත්තේ. පෟද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරන ලද පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් මෙහිදී සලකා බලා තිබෙනවා.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නමින් ගුවන් විදුලි මැදිරි සංකීර්ණයක් නම් කිරීම අද සිදු කෙරුනා. ඒ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මහාචාර්ය සරච්චන්ද්‍ර අපේ රටට බර වැඩි යුග පුරුෂයෙක් බවයි. කෙනෙකු ජීවත්ව සිටියදී ඔහුගේ දක්ෂතා, කුසලතා හා නිර්මාණ ශක්තිය ඇගයීමට බොහෝ දෙනා කිසිදු කැමැත්තක් නොදැක්වූවත් මහාචාර්ය සරච්චන්ද්‍රයන් අන් අය අගය කීරීම ජීවිත කාලය තුළදීම පුරුදුව සිටි බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. එතුමා සිය කලා කෘති තුළ ප්‍රචණ්ඩත්වය හා හිංසනය වෙනුවට ලාංකීය සමාජය සුවපත් කිරීමට විශාල මානව දයාවක්, සෙනෙහසක්, ආදරය පිළිබඳව තියුණු මතවාදයක් ලොවට කාන්දු කළ ගුරුවරයෙක් බවයි එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. අද දිනට තරගය නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 305ක් රැස්කරගෙන සිටියා. ක්‍රයිස්චච්හිදී පැවැත්වෙන තරගයේ පළමු දිනයේදී ම ක්‍රිකට් වාර්තා කිහිපයක් අලුත් වීම ද විශේෂත්වයක්. නවසීලන්තයේදී විදෙස් ක්‍රිඩකයෙකු රැස් කළ වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය කුසල් මෙන්ඩිස් විසින් ලබා ගත්තා. කුසල් පන්දු 83කදී ලකුණු 87ක් රැස් කළා. එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ආරම්භක පිතිකරුවෙකු රැස් කළ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව තමන් සතු කරගන්නට දිමුත් කරුණාරත්න සමත් වුණා. ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව…
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම කර තිබෙනවා. පෙත්සම ලබන මස 03 සහ 04 යන දිනවල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ, එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන විනිසුරුමඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදියි. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සම පවත්වාගෙන යා නොහැකි බැවින් එය විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු පසුගිය නඩු දිනයේ දී මූලික විරෝධතා මතුකළා. මීට අදාළ ලිඛිත දේශන මේ මස…
අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටීම හේතුවෙන් ගුවන් ටිකට් පත් සඳහා මුදල් ගෙවීමේදී ගුවන් මගීන්ට යම් සහනයක් හිමිවී ඇති බව ගුවන් සමාගම් පවසනවා. මේ වන විට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමේදී ඒ සඳහා අමෙරිකානු ඩොලර්වලින් ගෙවීම් සිදුකරන අතර එහිදී රුපියල ශක්තිමත් වීම නිසා එම වාසිය ගුවන් මගීන්ට හිමිවන බවයි ගුවන් සමාගම් පවසන්නේ. පසුගිය සතියේ දී රුපියල් 371ක් ලෙස පැවති අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල අද දිනය වන විට රුපියල් 325ක් ලෙස පහත බැස ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ වන විට සීයයට 13 කින් අධි ප්‍රමාණයට ලක්වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වන විට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු අධිපතිවරයා පැවසුවේ වාණිජ ණය හිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරිමට බලාපොරොත්තු වන බවයි. ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස 6 කදී සිදු කිරීමට නියමිත බවත් ඊට පෙර අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකි වනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.
එක්සත් ජාතීන්ගේ මහලේකම්, ඇන්ටෝනියෝ ගුටෙරස් යුක්රේනයේ සංචාරයක නිරත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම සංචාරයේදී යුක්‍රේන ජනපති, වොලොද්මීර් සෙලෙන්ස්කි හමුවී ධාන්‍ය අපනයනය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කළ බවයි. ඒ අනුව මීට පෙර පැවති, කළු මුහුද හරහා ධාන්‍ය අපනයන කිරීමේ ක්‍රියාවලිය සහ ඊට අදාළ ගනුදෙනු යාවත්කාලින කරන ලෙස මහලේකම්වරයා යුක්‍රේනයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. යුක්‍රේනයේ ජනාධිපතිවරයා ද ඒ සඳහා එකඟතාව පළකර ඇති බව සඳහන්. එමෙන්ම සාගතයෙන් පීඩා විඳින රටවල ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර ලබාදීමට එම ධාන්‍ය අපනයන ක්‍රියාවලිය උපකාරී වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ. එය ගෝලීය ආහාර පිරිවැය අඩු කිරීමට ප්‍රබල සාධකයක් වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සඳහන් කළා. රුසියාවේ…
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ඒ පසුගියදා කොළඹ පැවති විරෝධතා පාලනයට පොලිසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළවයි. ඒ අනුව ලබන 13 වනදා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි අමාත්‍ය ටිරාල් අලස් මහතාට දැනුම් දී ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222