Author: VNews

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. දිවා විවේකය සදහා තරගය නතරකරන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා සිටියා. දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ සැදැ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසුරියයි. ඔහු රැස්කළේ ලකුණු 06ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම යම් ස්ථාවර මට්ටමකට ගෙන එන්නට ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් සමත්ව තිබෙනවා. නොදැවී පන්දුවට පහරදෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 54ක් ද දිනේෂ් චන්දිමාල් ලකුණු 27ක් ද ලබා සිටියා. ශ්‍රී ලංකාව නවසීලන්තයට වඩා ලකුණු 132ක් ඉදිරියෙන් පසුවනවා.

තව කියවන්​න

ඉතාලි මුහුදු සීමාවේ අනතුරට පත්ව තිබු යාත්‍රා කිහිපයක සිටි සංක්‍රමණිකයින් පිරිසක් මුදා ගැනීමට එරට වෙරළාරක්ෂක බලකාය සමත්ව තිබෙනවා. අනතුරටපත් යාත්‍රාවල සංක්‍රමණිකයින් 1300ක් පමණ සිටි බවයි වාර්තා වන්නේ. මෙලෙස මුදාගත් පිරිස කැලබි්‍රයා නගරයට සහ ක්‍රෝටෝන් වරයා වෙග රැගෙනවිත් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම මෙලෙස මුදාගත් තවත් සංක්‍රමණිකයින් 200 දෙනෙකු සිසිලි වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයකට රැගෙනවිත් ඇති අතර ඔවුන් කතානියා වෙත රැගෙන යාමටයි ඉතාලි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

තව කියවන්​න

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදට යෙදී තිබෙනවා. මෙම උත්සවය සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මේ වනවිටත් පැමිණෙමින් සිටින බවයි තලවිල ශාන්ත ආනා දේවාස්ථානය භාර මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමන් කියා සිටියේ. මේ අතර, තලවිල ශාන්ත ආනා දේවාස්ථානයේ වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් විශේෂ දුම්රිය 7 ක් යොදවා තිබෙනවා. ඒ අනුව, අද සිට අනිද්දා දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොළගේ මහතා ප්‍රකාශ කලේ.

තව කියවන්​න

රුපියල් බිලියන 10 ක මුදලක් වී මිලදී ගැනීම සඳහා පළමු අදියර වශයෙන් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන ආරම්භ කරමින් . තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මුල්කරගනිමින් මෙම වැඩසටහන ආරම්භ කෙරුණා. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හතක් සම්බන්ධ කරගනිමින් දිස්ත්‍රික් ලේකම්ගේ මෙහෙයවීමෙන් වී මිලදී ගැනීම ආරම්භ කෙරුණා.

තව කියවන්​න

පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් ජංගම දුරකථන සහ ලැප්ටොප් ඇතුළු භාණ්ඩ සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . යතුරු පැදියක් ද උපයෝගී කර ගනිමින් පොලිස් නිලධාරීන් වශයෙන් ගොස් පුද්ගලයන් බිය වද්දා ඔවුන් සතු ජංගම දුරකථන 90 ට ආසන්න ප්‍රමාණයක් සහ ලැප්ටොප් පරිගණක 5 ක් ,ටැබ් පරිගණක 2ක් ඇතුළු භාණ්ඩයි ඔවුන් මෙලෙස කොල්ලකා ඇත්තේ . මෙම භාණ්ඩ සැකකරුවන් විසින් ස්ථාන රැසක පුද්ගලයන්ට අලෙවි කර තිබියදී පොලිසිය සොයා ගැනීමට සමත් වුණා . එම පුද්ගලයින් මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වුනේ කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ටයි . මොවුන් දෙදෙනා යතුරුපැදියෙන් ගොස් විවිධ පුද්ගලයන් පරීක්ෂාකර ඔවුන් සතු ජංගම…

තව කියවන්​න

බර වාහන පැදවිය හැකි බලපත්‍ර ලක්ෂ 11ක් අවලංගු කිරීමට සූදානම් වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. එම අවලංගු කිරීම් සිදු කරන්නේ මෙරට ලියාපදිංචි වී ඇති අලුත් කළ යුතු රියැදුරු බලපත්‍ර ලක්ෂ 20ක් අතරිනුයි . 2009 වසරට පෙර නිකුත් කර ඇති මෙම රියැදුරු බලපත් කල් ඉකුත් නොවීමත්, ඒවා ලබාගත් රියැදුරන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වීම අනිවාර්ය නොවීමත් අනතුරු රැසකටම හේතු වී ඇති බවයි ප්‍රවාහන අමාත්‍යංශයේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කලේ. අදාළ රියදුරු බලපත්‍ර සැහැල්ලු සහ බර වශයෙන් කාණ්ඩ කර ලබා දී ඇති නමුත් නිශ්චිත කාලයකට වලංගු කර නැහැ. මෙලෙස 2009 වසරට පෙර නිකුත් කර ඇති භෘඛ…

තව කියවන්​න

රැකියා සදහා විදෙස් ගතවන වයස අවුරුදු 45 ට අඩු කාන්තාවන් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා . මෙලෙස ඉදිරිපත් කල යුතු වන්නේ තම දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වන වාර්තාවක් . වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශ ගතවීමට අවසර ලබා නොදෙන බව ද එම කාර්යාංශය තීරණය කර තිබෙනවා . ඒ අනුව වයස අවුරුදු 2ට වැඩි දරුවන්ගේ භාරකාරීත්වය, අධ්‍යාපනය හා රැකවරණ වැඩපිළිවෙළ සම්බන්ධ තොරතුරු අදාළ වාර්තාව මගින් ඉදිරිපත් කළ යුතු බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ. දරුවන්ගේ රැකවරණය පිළිබඳව මූලිකවම අවධානය යොමුකරමින් නීත්‍යානුකූල අයුරින් විදේශ ගතවන ලෙසයි එම කාර්යාංශය කාන්තාවන්ට…

තව කියවන්​න

ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමු කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා . එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ඉල්ලා රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකළ ඉල්ලීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පසුගිය සිකුරාදා නිවේදනය කලේ අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදන දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත නිකුත් කර ඇති බවයි . මේ අතර ඊයේ දිනයේදීත් මැතිවරණය සම්බන්ධයෙන් විවිධ අදහස් පල වුණා . මේ…

තව කියවන්​න

තෙවන වරටත් චීන ජනාධිපති ධුරය සඳහා තේරී පත් වූ ෂී ජින්පින් එරට අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඔහුගේ සමීප ආධාරකරුවකු වන ලී චියෑන්ග් නම් කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය ලී කිකියෑන්ග් තම වසර 5 බැගින් වූ ධුර කාල දෙක අවසන් කිරීමෙන් පසුව විශ්‍රාම ගෙන තිබෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය මත චීන ජනාධිපති ෂී ජින්පින් තෙවැනි ධුර කාලයක් සඳහා ජනාධිපති ධුරයට පත්කර ගැනීම පසුගියදා සිදුවුනා . චීන කොමියුනිස්ට් විප්ලවය මෙහෙයවූ මාඕ සේතුංගෙන් පසු එරට ජනාධිපති ධුරයට පත්වුණු බලවත්ම නායකයා ලෙස ෂී ජින්පින් සැලකෙනවා.

තව කියවන්​න

පසුගිය මාස 13 තුළ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවිය පහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව 2022 ජනවාරි මස අලෙවිය 2023 ජනවාරි මස අලෙවිය සමඟ සංසදනය කිරීමේ දී ලංකා ඔටෝ ඩීසල් අලෙවිය 50%කින්, පහල ගොස් ඇති බව සදහන් . එමෙන්ම පෙට්‍රල් අලෙවිය 30%කින් සහ භූමිතෙල් අලෙවිය 70% කින් අඩු වී තිබෙනවා.

තව කියවන්​න