Author: VNews

සිව් වසරක් තුළ අවස්ථා 08ක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ලබාදෙන ණය මුදල වන අමෙරිකානු ඩොලර් බිලියන 03ක මුදල ලැබීමට නියමිත බව මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්‍යවරයෙකු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට හිමිවෙන මුදල සම්බන්ධයෙන සති අන්ත පුවත්පතකට පළ කරන ලද අදහසක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මෙම මාසය අවසන් වීමට පෙර අදාළ ණය මුදලේ පළමු පියවර වෙනුවෙන් සහ එය ලබා ගැනීම වෙනුවෙන් වන ගිවිසුම්වලට එළඹීම ද සිදු කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ . ඉන් පසුව අමෙරිකානු ඩොලර් දස ලක්ෂ තුන්සිය පනහක පමණ මුදලක් ද…

තව කියවන්​න

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අයදුම්පතක් යොමු කළ බව, මැතිවරණ කොමිසමේ වත්මන් සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළා. නීතිඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ, මැතිවරණ නීතියට අදාළව තමන් ඇතුලු වත්මන් කොමිසම සකස් කළ පනත් කෙටුම්පත් රැසක් සම්මත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමේ අරමුණින් අදාළ අයදුම්පත යොමු කළ බවයි. ඊට අමතරව සිවිල් සංවිධාන රැසක් ද තමාට යළි මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට අයදුම් කරන්නැයි ඉල්ලා සිටි බවයි ඔහු කියා සිටියේ. මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය සඳහා තමා ද යළි අයදුම් කළ බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා සඳහන් කලා. මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, සීමානිර්ණ කොමිෂන් සභාවේ…

තව කියවන්​න

පුත්තලම ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ තිබී බිත්තර ලක්ෂයකට අධික ප්‍රමාණයක් හමුවීමේ සිද්ධිය සම්බ්න්ධයෙන් විමර්ශනයක් කරන්නැයි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කළා. අමාත්‍යවරයා සඳහන් කළේ, පාරිභෝගික සේවා අධිකාරිය මගින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි. පුත්තලම – වල්පාලුව රක්ෂිතය තුළ ඉවත දමා තිබූ අදළ බිත්තර තොගය සොයා ගනු ලැබුවේ ඊයේ දිනයේ දීයි. පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ, මහාපරිමාණ බිත්තර නිෂ්පාදකයින් විසින් වැඩි මිලට විකිණීමට ගොඩ ගැසූ බිත්තර නරක් වීම නිසා එලෙස මුදා හැර ඇති බවයි.

තව කියවන්​න

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු ලබන අඟහරුවාදා දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. සැකකරුවන් දෙදෙනා රැගෙන ඒම සඳහා පොලිස් නිළධාරීන් සිව්දෙනෙකු ඊයේ කටුනායක ගුවන් තොටුපළෙන් මැඩගස්කරය බලා පිටත්ව ගියා. එලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙක්. හරක් කටා සහ කුඩු සළිදු දිවයිනට රැගෙන ඒමේදී මැඩගස්කරයේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණීමට නියමිතයි. සැකකරුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත බව විදෙස් මාධ්‍යය පසුගිය 07 වනදා පළමුව වාර්තා කර තිබුණා.…

තව කියවන්​න

තායිලන්තය තුළ වායු දූෂණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. එම හේතුවෙන් ශ්වසන අපහසුතා ඇතුළු විවිධ රෝගාබාධ ඇතිවීමෙන් ඉකුත් සතියේදී පමණක් පුද්ගලයින් ලක්ෂ 02 කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ පුද්ගලයින් මිලියන 1 යි දශම ක් පමණ වවිධ රෝගාබාධ සඳහා ගොදුරු වී තිබෙන්වා. මිලියන 11ක පමණ ජනගහනයක් සිටින එමෙන්ම ලොව ප්‍රමුඛ සංචාරක පුරවරයක් වන තායිලන්තයේ බැංකොක් අගනුවර අහස කහ සහ අළු පැහැ දුමාරයකින් වැසී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රථවාහනවලින් පිටවන දුමාරය, කාබන් විමෝචනය හා වගා කටයුතු සඳහා භූමිය ගිනිතැබීම තායිනලන්තය තුළ…

තව කියවන්​න

මෙවර යල කන්නයේ දී යුරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මහ කන්නයේ දී රුපියල් 10,000කට ලබා දුන් යුරියා පොහොර මිටියක මිල රුපියල් 7500- 9000ත් අතර මිලක් දක්වා අඩු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට ලබා දුන් ඉන්ධන අඟුනකොළපැලැස්ස ගොවි ජනතාවට නිකුත් කිරීමේ අවස්ථාව නිරීක්ෂණය කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අගුනකොළපැලැස්ස ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීම සඳහා රැස්ව සිටි ගොවි ජනතාව හමු වූ අමාත්‍යවරයා ඔවුන්ගේ වගා කටයුතු පිළිබඳවද කරුණු විමසා සිටියා. මඩ පොහොර හෙක්ටෙයාර් එකකට කිලෝග්‍රෑම් 55ක් බැගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබෙන…

තව කියවන්​න

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණයට කිසිසේත් ඉඩ නොදෙන බවට වෘත්තීය සමිති අනතුරු අඟවනවා. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් අමාත්‍යවරයා ඒ සඳහා සූදානම් වන බවයි. අවසන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර විදුලිබල මණ්ඩලයේ කළ හැකි ප්‍රතිසංස්කරණ එළඹෙන සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ඊයේ වාර්තා වුණා. සාමුහික ගිවිසුම්වලින් ඉවත්වීම සහ මුල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර බව සඳහන්. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවකදීයි මෙම කරුණු අනාවරණ වී තිබුණේ. ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම සහ කාලවකවානු පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතයි. බලශක්ති අමාත්‍ය කංචන…

තව කියවන්​න

රාජ්‍ය තාන්ත්‍රික සබදතා යළි ආරම්භ කිරීමට ඉරානය සහ සවුදි අරාබිය එකග වී තිබෙනවා. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භ කිරීමේ ගිවිසුමකට ද එළඹ ඇති බව සදහන්. ඒ අනුව තවත් මාස දෙකක් ඇතුළත දෙරටේම තානාපති කාර්යාල නැවත විවෘත කෙරෙනු ඇති. බීජිං නුවරදී චීන මැදිහත්වීම මත සිදුකරන ලද සාකච්ඡාවලින් පසු රටවල් දෙක මෙම එකගතාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

ප්‍රේමනාත් සී දොලවත්ත සහ ශෙහාන් සේමසිංහ යන මහත්වරුන් පාර්ලිමේන්තුවේදී කළ වරප්‍රසාද ප්‍රශ්න අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පැවසුවේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් තම සංගමය කැපවී සිටින බවයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ශ්‍රී ලංකා නිතීඥ සංගමය අවධාරණය කරනවා.

තව කියවන්​න

තිස්සමහාරාම රොටවැව කැළෑබද ප්‍රදේශයක මද්දකට හසුව සිටි දිවියකු බේරා ගැනීමට ගිය වනජීවි වෛද්‍යවරයකු එම දිවියාගේ ප්‍රහරදීමට ලක්ව තුවාල ලබා තිබෙනවා. යාල වනෝධ්‍යානයට ආසන්න ප්‍රදේශයේ දිවියකු මද්දකට අසුවී සිටින බවට ලද තොරතුරට අනුවයි වෛද්‍යවරයා ඇතුළු වනජීවි නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත්තේ. එහිදී එක්වරම මද්ද කඩාගත් දිවියා වනජීවි වෛද්‍යවරයාව සපාකා තිබෙනවා. තුවාල ලැබු වෛද්‍යවරයා වලස්මුල්ල මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු එහිදී සැත්කමකට ද ලක්කර තිබෙනවා.

තව කියවන්​න