Author: VNews

මාර්තු 03 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම සදහා පාර්ලිමේන්තුව, රජය සහ ජනාධිපතිවරයා බැදී සිටින බවට අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. එතුමන් පැවසුවේ මැතිවරණය පැවැත්වීම සදහා මුදල් නිදහස් කරන ලෙස පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝගයක් ලබා දුන්නද රජය විසින් එය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි. මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පළ වුණා.

තව කියවන්​න

නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය මත කොළඹ ඉදිකිරීම් අවසන් කර නොමැතිව අතහැර දමා ඇති ගොඩනැගිලි පවරා ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවති අමාත්‍යාංශය උපදේශන කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. වාණිජ වටිනාකමක් සහිත ගොඩනැගිලි පවා අතහැර දමා තිබීම විශාල පාඩුවක් බවද නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවා. ඒ හේතුවෙන් අදාළ ගොඩනැගිලි සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළා.

තව කියවන්​න

රැකබලා ගැනීමට නොහැකි දරුවන් සදහා ආරක්ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරිමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. එම මධ්‍යස්ථානය හරහා අලුත උපන් දරුවන් රැකබලා ගැනීම සදහා කටයුතු කරන බවද ඇය සදහන් කළා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සදහන් කළේ අදාළ මධ්‍යස්ථානය කඩිනමින් ස්ථාපිත කිරිම සදහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

තව කියවන්​න

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියම කලා. ඔහු වෙත අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුවයි මෙලෙස ඇප මත මුදාහරින ලෙස නියෝග කලේ . සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙලෙස අධිචෝදනා භාරදී තිබෙනවා . ඒ අනුව රුපියල් ලක්ෂ 10ක පුද්ගලික ඇප දෙකක් මත ඔහු මුදාහරින ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා නියෝග කර ඇත්තේ .

තව කියවන්​න

දරුවන්ගේ අනාගතය ගැන සිතා උත්තර පත්‍ර පරීක්ෂාවට පැමිණෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සියලු ඉල්ලීම් ලබා දීමට තමන් ක්‍රියා කරන බවට ඔහු සදහන් කළා. එමෙන්ම උත්තරපත්‍ර සමීක්ෂකවරුන්ට මෙතෙක් ලබා දුන් දීමනාව දෙගුණයකටත් වඩා වැඩි කර ලබා දීමට ක්‍රියා කළ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ. මේ අතර පවතින තත්ත්වය යටතේ උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමා වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය ද කල් යා හැකි බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අවධාරණය කළා. අමාත්‍යවරයා පාසල් දිවා ආහාර වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම සදහා ඇමෙරිකානු තානාපති ජූලි චන්ක් මහත්මිය සමග අද මට්ටක්කුලිය ශාන්ත ජෝන් මහා විද්‍යාලයේ…

තව කියවන්​න

ලොව පුරා රටවල් 229 කින් හමුවී ඇති සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව හැට අටකෝටි පහළොස් ලක්ෂ හතලිස් දහස ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබෙනවා. මේ වන විට ලොව පුරා රටවලින් දෛනිකව වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව පහළ අගයක් ගෙන තිබෙනවා. ගතවූ පැය 24ට පමණක් හමුවී ඇත්තේ වෛරස් ආසාදිතයින් හැටඑක්දහස් අටසිය දෙදෙනෙකු පමණයි.

තව කියවන්​න

පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ගිය රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ ගොස් තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක්ලක්ෂ 60,000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය 09 එහි මිල දැක්වුනේ රුපියල් එක්ලක්ෂ 34,000 ක් ලෙසයි. එමෙන්ම පසුගිය බ්‍රහස්පතින්දා රුපියල් එක්ලක්ෂ 45,000 ක් දක්වා පහළ ගොස් තිබුණු කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ රුපියල් එක්ලක්ෂ 73,000 ක් දක්වා වැඩි වී ඇති බව සඳහන් .

තව කියවන්​න

ඉන්දියාව යනු අමෙරිකාවේ ගෝලීය උපායමාර්ගික හවුල්කරුවෙකු බව අමෙරිකාව අවධාරණය කළා. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඉන්දියාව පිළිබඳ අමෙරිකාවේ තීරණය ස්ථාවර බවයි. සෑම අවස්ථාවකදිම ඉන්දියාව සමග පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම අමෙරිකාවේ අපේක්ෂාව බව ද ඔහු සඳහන් කළා. ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නායකත්වය යටතේ, ඉදිරියේදී ඉන්දු -අමෙරිකානු සබඳතා තවත් ශක්තිමත් කර ගන්නා බවත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර තිබෙනවා. එමෙන්ම ඇමෙරිකාව සහ ඉන්දියාව ද්විපාර්ශවික මිත්‍රයින් බවත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව සදහන්.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන් පන්දුවේදී කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් වුනා . තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355 ක් ලබා ගත්තා. සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 373 ක් ලබාගත් අතර පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළා. එමෙන්ම ඩැරල් මිචෙල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වන අර්ධ ශතකය අද වාර්තා කිරීමට සමත් වුනා. මේ අතර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් අද 27වන ටෙස්ට්…

තව කියවන්​න

උතුරු කොරියාව, සබ්මැරිනයක සිට කෲස් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා. මෙම දිය යට ප්‍රහාරක න්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීම සාර්ථක බවයි උතුරු කොරියානු මාධ්‍ය පවසන්නේ. මීට ප්‍රතිචාර දක්වමින් දකුණු කොරියාව ප්‍රකාශ කර ඇත්තේ තම අසල්වැසියාගේ යුද අත්හදාබැලීම් සම්බන්ධයෙන් බුද්ධි අංශ, ඇමරිකාව සමඟ එක්ව නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවයි. එමෙන්ම තම හමුදා සීරුවෙන් තබා ඇති බවත් ඔවුන් පවසනවා. ඇමරිකාව සහ දකුණු කොරියාව එක්ව ප්‍රීඩම් ෂීල්ඩ් 23 ලෙස නම් කර ඇති දින 11 ක ඒකාබද්ධ යුද අභ්‍යාසය අද ආරම්භ කිරීමට නියමිතව තිබියදී, මෙම අත්හදාබැලීම් සිදුකිරීම විශේෂත්වයක්.

තව කියවන්​න