- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: VNews
අමාත්‍ය, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ශ්‍රී ලංකා – යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරිය ලෙස තේරී පත්ව තිබෙනවා . එම සංගමයේ 09 වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ විශේෂ රැස්වීමේදීයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ . කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණා . මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණේ ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ තානාපති ඩෙනිස් චයිබි මහතායි . මෙරට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාද එම අවස්ථාවට එක් වුණා . ශ්‍රී ලංකා – යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව ලේකම් වරුන් වශයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ හෙක්ටර්…
ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය බව ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පවසනවා . ඇය මේ බව කියා සිටියේ ජාතික නීති සමුළුව අමතමින් . අර්බුදයක් තුළ නීතියේ කාර්යභාර්ය යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වුණා. එහිදී තානාපතිවරිය මෙරට නීති ප්‍රජාවගෙන් ඉල්ලා ඇත්තේ නීතියේ ආධිපත්‍ය සහ සැමට යුක්තිය වෙනුවෙන් ශක්තිමත් මෙන්ම ස්ථාවර බලවේගයක් වන ලෙසයි . මැතිවරණ තුළින් රජයට සෘජුවම උපදෙස් ලබාදීමට ඇති හැකියාව ජනතාවට ලබා දෙන බැවින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය බවයි ජුලී චන්ග් මහත්මිය මෙහිදී පෙන්වා දී ඇත්තේ .
රාජ්‍ය විරෝධී විරෝධතා වලට සහභාගී වූ පුද්ගලයන් 22,000ට ඉරාන අධිකරණය සමාව ලබා දීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා. ඒ අනුව මේ දක්වා රාජ්‍ය විරෝධී විරෝධතා සදහා සහභාගී වූ පුද්ගලයන් 82,000ට සමාව ලබා දීමට කටයුතු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එරට පොලීසිය භාරයේ සිටි තරුණ කුර්දි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය හේතුවෙන් මෙම විරෝධතා රැල්ල ආරම්භ කර තිබෙනවා. 1979 විප්ලවයෙන් පසු ඉස්ලාමීය ජනරජයකට එල්ල වූ අභියෝගාත්මක විරෝධතා රැල්ල මෙය වන අතර, මෙම විරෝධතා සදහා සෑම තරාතිරමකම ඉරාන ජාතිකයන් සහභාගී වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩි දුරටත් සදහන් කර…
ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් අරඹන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සදහන් කළේ, ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි. සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමග ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. සිනොපෙක් සමූහයේ නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ආයෝජනය කිරීමට තම ආයතනය සූදානම් බවයි. එමෙන්ම ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක වන විදේශීය ව්‍යාපාර දිරිගැන්වීමට බලාපොරොත්තු වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය…
කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් තිබෙනවා. නීති විරෝධී ලෙස සංක්‍රමණිකයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. එමෙන්ම තවත් පුද්ගලයින් පිරිසක් දියේ ගිලීමෙන් අතුරුදන්ව තිබෙනවා. මේ අතර මැඩගස්කරයේ සිට ප්‍රංශය වෙත යාත්‍රා කරමින් සිටි තවත් බෝට්ටුවක් පෙරළීමෙන් සංක්‍රමණිකයින් විසි දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පුද්ගලයින් විසි තුන් දෙනෙකු බේරා ගෙන ඇති අතර අතුරුදන් වූ අනෙක් පුද්ගලයින් සෙවීමේ කටයුතු සිදු වෙමින් පවතින බව සදහන්.
බිත්තර පිටරටින් හෝ ආනයනය කර පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට මැදිහත් වන බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් අභිනන්දන සම්මානය පිරිනමා තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ මහතා නිතිඥ දිවියේ වසර 50 ක් සම්පූර්ණ කිරීම හේතුවෙන්. නීති ක්ෂේත්රයට වසර 50 ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සාමාජිකයින් ඇගයීම වෙනුවෙන් මෙම සම්මාන උළෙල කොළඹදී පවත්වනු ලැබුවා. කාණ්ඩ 3 ක් යටතේ මෙහිදි සම්මාන පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ. එමෙන්ම මෙහිදි නීතිඥවරු 26 දෙනෙකුට සම්මාන ලබා දුන්නා.
බ්‍රසීලයේ සිට කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදි සැකකරුගේ ගමන් බෑගයේ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350ක් රෝගු නිලධාරින්ගේ භාරයට ගෙන තිබෙන බව සදහන්. එහි වටිනාකම රුපියල් මිලියන 17ක් වනවා. සැකකරු 54 හැවිරිදි මැසිඩෝනියානු ජාතිකයෙක් බව සදහන්.
වැඩ වර්ජන තුළ ඇත්තේ දේශපාලන අවශ්‍යතාවයන් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. ඔහු සදහන් කළේ කිහිපදෙනෙකු පමණක් සැබෑ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් පෙනී සිටින බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මේ බව සදහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගුවන් තොටුපලෙන් හරවා යවා ඇත්තේ ඔහුගේ ගමන් බලපත්‍ර දත්ත පද්ධතියට වෙනත් අයෙකුගේ තොරතුරක් ඇතුලත් වීම හේතුවෙන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ තොරතුර ඇතුළත් වීම හේතුවෙන් ගුවන් ගමන් තහනම් ලැයිස්තුව බලාත්මක වීමෙන් අදාළ සිදු වීම සිදු වී ඇති බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ. එම තොරතුර, පද්ධතියට ඇතුලත් කළ නිලධාරිනියගේ සේවය ද මේ වන විට අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222