- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: VNews
මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජන බලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ යන අය විසින් පෙත්සම ඉදිරිපත් කළා. එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු තිස් පස්දෙනෙකු නම් කර තිබෙනවා .
චීන ජනාධිපති ෂී ජින් පින් ඉදිරි සතියේ දී රුසියාවේ විශේෂ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ලබන සතියේ දී චීන ජනාධිපතිවරයා රුසියාවේ සිදුකිරීමට නියමිත සංචාරය අතරතුරදී රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග කලාපීය සහයෝගීතාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම යුක්රේන යුද ගැටුම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බවටයි විශ්ලේෂකයින් අනාවැකි පළකරන්නේ. පසුගිය මාසයේදී ද චීන විදේශකටයුතු අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරියෙකු රුසියාවේ සංචාරයක නිරත වූ අතර ජනාධිපති පුටින් සමග සාකච්ඡාවක් ද පැවැත්වූවා. චීන ජනාධිපතිවරයා රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව මීට පෙර දැනුම්දී තිබුණ ද දින වකවානු ප්‍රකාශයට පත්කර තිබුණේ නැහැ.
දුම්රිය අත්‍යාවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කිරීම හේතුවෙන් එහි සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා. රජය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇති බව සදහන්. මේ අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අද දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් පියවර ගෙන තිබෙනවා. එම නිවේදනයට අනුව දුම්රිය සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සදහා හෙට දින සේවයට වාර්තා නොකරන සියලු නිලධාරින්ගෙන් ඒ පිළිබද නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන…
දූෂණ විරෝධි පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය සතියේ විශාල වශයෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා රුපියල මෙම සතිය තුළ යම් පසුබෑමකට ලක් ව තිබෙනවා. අද දිනයේ ඇමෙරිකානු ඩොලරය හමුවේ රුපියල තව දුරටත් දුර්වල වෙමින් ගැනුම් මිල රුපියල් 320 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම විකුණුම් මිල රුපියල් 340 සීමාව දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්. මෙම අනුපාතයන් යටතෙයි රාජ්‍ය හා පුද්ගලික බැංකුවල ඩොලර් හුවමාරු වන්නේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීරණය කළා. රිට් පෙත්සම විභාග වී අවසන් වන තෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව බහා තබන ලෙස ද අභියාචනාධිකරණය අද නියම කළා. සිරිල් ගාමිණි පියතුමන් ඇතු`ඵ දෙදෙනෙකු විසින් මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
පාන් මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාව පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. තිරිඟු පිටි සමාගම් විසින් පසුගිය දා පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 15කින් අඩු කිරීමත් සමඟ ග්‍රෑම් 450ක් බරැති පාන් ගොඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමටයි එම සංගමය පියවර ගනු ලැබුවේ. කෙසේ වෙතත් ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මිල තවදුරටත් අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කළා.
අඛණ්ඩ වැඩවර්ජනයකට සහය ලබා නොදන බව ජාතික ජනබලවේගයේ විධායක කමිටු සභික ලාල් කාන්ත මහතා පවසනවා. ඔහු සදහන් කළේ විශේෂයෙන් සෞඛ්‍ය සේවයේ වැඩවර්ජනවලට තම පක්ෂය සහයෝගය ලබා නොදෙන බවයි. කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ලාල් කාන්ත මහතා මේ බව පැවසුවා. මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ ලාල් කාන්ත මහතා. මේ අතර රට තුළ ක්‍රියාත්මක වැඩ වර්ජන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද අදහස් පළ කළා. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදන කඩ කරන්නන්ට එරෙහිව නීතිය අකුරට ක්‍රියාත්මක කරන බවයි.
වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා දීම සදහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතා කිරීමට සුදුසු රජයේ රෝහල් හදුනාගැනීම සදහායි මෙම කමිටුව පත් කර තිබෙන්නේ. එහි සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියයි. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ කොළඹ, ක`ඵතර, ගම්පහ, කුරුණෑගල, පොළොන්නරුව යන විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සදහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතයට යොදා ගැනීමට සුදුසු රජයේ රෝහල් හදුනා ගැනීම සහ සායනික…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව ටොම් ලෙතන් හට මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇති බව සදහන්. දෙරට අතර එක්දින තරගාවලිය ලබන මාර්තු 25 වන දා ආරම්භ වීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222