- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: VNews
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා . ඒ ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුවයි . මේ අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 319 යි සත 84ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 335 යි සත 68 ලෙස සටහන් වුණා .
සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතයි . මේ හේතුවෙන් එම ආයතන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් භාවිතා කරනු ලබන වාහන ඇතුළු සියලුම රජයේ දේපළ අදාල ආයතනවලට එම දිනයට පෙර භාර දිය යුතු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා . මෙම වාහන වෙනත් නිලධාරීන්ට හෝ ආයතනවලට නිකුත් නොකර වෙන්ව තබන ලෙසයි නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ . එම වාහන අවභාවිතා වුවහොත් ඉදිරියේදී පත්වීමට නියමිත සභාපතිවරුන් සදහා නැවත වාහන මිලදී ගැනීමට සිදුවීමෙන් ගැටලුකාරී තත්වයක් මතුවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා . මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව…
නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම ඇතුළු ඉල්ලීම් මුල් කරනිමින් වෘත්තිය සමිති රැසක් අද දිනයේදී විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සදහා අවතීරණ වීමට නියමිතව තිබෙනවා . තැපැල් වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් වර්ජනයේ නිරත වන බවයි. එමෙන්ම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එක් දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සංවිධානය ප්‍රකාශ කළා . දුම්රිය ඉංජිනේරු සංගමයේ සභාපති කේ.යු.කොන්තසිංහ මහතා කියා සිටියේ ඉල්ලීම් 5 ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි. මේ අතර දිවයින පුරා සියලුම රජයේ රෝහල්වල අද දිනයේදී සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසුවා .…
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණ විභාගය මාර්තු 25 වන දින පැවැත්වීමට නියමිතයි . නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එය සැලසුම් කර දීපව්‍යාප්ත මධ්‍යස්ථාන 341කදී පැවැත්වෙන බවයි . එම පරීක්ෂණයේ විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශ පත්‍ර යැවීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු මේ වනවිට යොදා ඇති බව සදහන් . පරීක්ෂණයේ ප්‍රතිඵල මත ජාතික සහ පළාත් පාසල්වල හිඟ ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය උපාධිධාරීන් ගණනය කර එම පුරප්පාඩු මත බඳවාගැනීම් සිදුකරනු ලබනවා . ඉන්පසු ඇති වන පුරප්පාඩු සඳහා පළාත් සභා මගින් වාර්ෂිකව උපාධිධාරීන් පළාත් පදනමින් බඳවා ගන්නා ක්‍රමවේදය අනුව බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා .
සමගි ජනබලවේගයෙන් කොළඹ මහ නගර සභාව සදහා තරඟවදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ඉල්ලා අස් කර ගෙන තිබෙනවා. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය විසින් සිදු කරනු ලබන බාධා කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
වෘත්තිය සමිති රැසක් ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විට ක්‍රියාත්මකයි. තැපැල් වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් වර්ජනයේ නිරත වන බවයි. එමෙන්ම සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට එක් දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සංවිධානය පවසනවා. දුම්රිය ඉංජිනේරු සංගමයේ සභාපති කේ.යු.කොන්තසිංහ මහතා කියා සිටියේ ඉල්ලීම් 5 ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි. මේ අතර හෙට දිනයේ දිවයින පුරා සියලුම රජයේ රෝහල්වල සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එමෙන්ම විශ්ව…
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වසර අවසාන වාර ඇගයීම් විභාගය කල් දමා තිබෙනවා. ඒ අනුව හෙට පැවැත්වීමට නියමිතව තිබූ විෂයන් ලබන 21 සහ 22 දා දක්වා කල් දැමීමට තීරණය කර තිබෙන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසුවේ. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති එකමුතුව හෙට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයට ගුරුවරු සහ විදුහල්පතිවරු සම්බන්ධ වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
ජාතික අර්බුදයක් පවතින අවස්ථාවක දැඩි කැපවීම් සිදු කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එම කැප කිරීම් තුළින් පමණක් රටක් ගොඩගැනීමට හැකි බවයි ඔහු පැවසුවේ. දීප ව්‍යාප්තව හෙට දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පිළිබදව කැබිනට් තීරණ දැනුම් දිමේ දී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව අවධාරණය කළා.
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් සහ ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80 සීමාවට පැමිණ තිබෙන බව සදහන්. ලෝක වෙළදපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80.01 ක් ලෙස සටහන් වී තිබෙනවා. එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 74.05 ක් වනවා.
කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් පනවා තිබූ සීමා ඉවත් කරමින් විදෙස් සංචාරකයින් වෙනුවන් වසර 3කට පසුව සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. පසුගිය වසරේ අගභාගයේදී කොවිඩ් සීමා ලිහිල් කිරීමට තීරණය කළේ ඊට එරෙහිව රටපුරා මතුවූ විරෝධතා හේතුවෙන්. හෙට සිට රට සම්පූර්ණයෙන් සංචාරකයින්ට විවෘත කෙරෙන්නේ ද කොවිඩ් සීමා ලිහිල් කිරීමේ අවසන් පියවර ලෙසයි .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222