- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: VNews
පාකිස්ථානයේ විදුලි අර්බුදය උග්‍ර වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. කරච්චි නගරයේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම එකවර බිද වැටී ඇති බවයි වාර්තා වන්නේ. ඒ කාර්මික දෝෂයක් හේතුවෙන් අධි බලැති විදුලි සම්ප්‍රේෂණ රැහැනක් අක්‍රීය වීම හේතුවෙන්. විදුලි සැපයුම බිඳ වැටීම සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවද වාර්තා වනවා. එමෙන්ම පසුගිය ජනවාරි මාසයේදී ද සමස්ත පාකිස්ථානයේම විදුලි සැපයුම එකවර විසන්ධි වුණා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හී දී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. එම තරගාවලියෙන් පසු ඇෆ්ඝනිස්තානය සමගද එක්දින තරගාවලියක් පැවැත්වෙන අතර, ඊට ක්‍රිඩා කරන කණ්ඩායමද අද මෙම පිරිස සමග පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා. තුන්කොන් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 20 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනවා. එමෙන්ම 22 වැනිදා ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගයත්, 26 වැනිදා යළි බංග්ලාදේශයට එරෙහි තරගයත්, 28 වැනිදා යළි ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගයත් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ අවසන් තරගය මාර්තු 30 වැනිදායි පැවැත්වීමට නියමිතව ඇත්තේ.
යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය මුදා හැරීම අද දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල 67% ඉක්මවූ ධාරිතාවක් පවතින බවයි. ඒ හේතුවෙන් ගැටලුවකින් තොරව කන්නයට අවශ්‍ය ජලය මුදා හැරිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළා. මේ අතර යල කන්නය සාර්ථක කර ගැනීම සදහා පොහොර ඇතුළු අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා. ඒ අනුව මඩ පොහොර සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන බවත්, යූරියා රුපියල් 10,000 ක් හෝ ඊට අඩු මුදලකටත්, බන්ඩි පොහොර දැනට පවතින මිල ගණන්වලට වඩා අඩු මුදලකටත් ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සදහන් කළා.
2026 පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කරන කණ්ඩායම් ගණන 32 සිට 48 දක්වා වැඩි කිරීමට පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර පාපන්දු ලෝක කුසලානයේ පැවති තරග 64 වෙනුවට 2026දී තරග 104ක් පැවැත්වෙන බවයි එම සම්මේලන නිවේදනය කර ඇත්තේ. කැනඩාව, ඇමරිකාව සහ මෙක්සිකොව යන රටවල් තුන 2026 පාපන්දු ලෝක කුසලානයේ සම සත්කාරකත්වට දරනු ලබනවා.
ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. අදාළ ලිපියෙන් ඉල්ලා ඇත්තේ ඉහළ යන ජීවන වියදම පහත හෙළා මහජන පීඩාවන් අවම කර, සමාජ නොසන්සුන්තාව සමනය කිරීමට නිසි ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක් සකස් කරන ලෙසයි . රටේ උද්ගතව තිබූ ආර්ථික, දේශපාලන සහ සමාජ අස්ථාවරත්වය යම් පමණකට සමනය කොට ස්ථාවරත්වයක් ඇති කිරිමට වත්මන් ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රසාදය පළ කරන බවද එම ලිපියේ වැඩි දුරටත් සදහන්. ආර්ථික සංකෝචනය, අධි උද්ධමනය, අධික විදුලි ගාස්තු, ජල ගාස්තු, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම ඇතුලු කරුණු හේතුවෙන් ජන ජීවිතය අඩාලවීම සමඟ උද්ගතව ඇති සමාජ පීඩනය පිළිබඳවද එහිදී මහනාහිමිවරුන් සිහිපත් කර තිබෙනවා.…
ඉතිහාසයේ පළමු වරට ආර්ජන්ටිනාවේ උද්ධමනය සියයට 100 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා. දකුණු ඇමරිකානු රටක් වන ආර්ජන්ටිනාවේ උද්ධමනය 1991න් පසු ඉතා ඉහළ අගයක් ගත් අවස්ථාව මෙය වන බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. ඒ අනුව පෙබරවාරි මාසය සදහා වන උද්ධමන වාර්ථාව ඊයේ දිනයේදී නිකුත් කළ අතර, එහි සියයට 102යි දශම 5ක උද්ධමනයක් වාර්තා වී තිබුණා. ආර්ජන්ටිනාව වසර 60කට පසු දරුණු නියඟයකට ගොදුරු වීම මෙලෙස උද්ධමනය විශාල ලෙස ඉහළ යෑමට බලපා ඇති බවද විදෙස් මාධ්‍ය වාරතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 තරගය ලකුණු 16න් ජය ගැනිමට බංග්ලාදේශය ඊයේ සමත් වුණා. ඒ අනුව දෙරට අතර පැවති 20යි 20 තරග තුනම ජයගත් බංග්ලාදේශ කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් අත් කර ගැනීමට සමත් වුණා. බංග්ලාදේශයේ මීර්පූර් හීදී පැවැති තෙවැනි 20යි 20 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩු දෙකක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 158ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 142ක් පමණයි. ඒ අනුව මෙම තරගය ජය ගැනීමත් සමග බංග්ලාදේශය පූර්ණ තරගාවලි ජයක් හිමිකර ගත් අතර, ඔවුන්…
ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත ලිපියක් යවා තිබෙනවා. එමගින් ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන වැඩසටහන සඳහා අවශ්‍ය සහයෝගීතාවය ලබාදෙන ලෙසයි. ජනාධිපතිවරයා අදාළ ලිපිය මගින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ බාහිර ණය තත්ත්වය පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව අවශ්‍ය තොරතුරු අදාළ පාර්ශ්වයන්ට ලබාදෙන බවයි.
වෙනත් ප්‍රදේශවල සිට කොළඹ දක්වා පැමිණෙන කාර්යාල දුම්රිය සේවා දහතුනක් අද කාර්යාල වේලාවට ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා . මෙම කාර්යාල දුම්රිය සේවා ක්‍රියාත්මක වන්නේ අවිස්සාවේල්ල, හලාවත, රඹුක්කන, ගනේවත්ත, මහව, මහනුවර, බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම සහ කළුතර දකුණ සිට කොළඹ දක්වායි . ජනාධිපති කාර්යාලය වැඩි දුරටත් සදහන් කලේ මගීන්ගේ සහ දුම්රිය සේවකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් පොලිස් ආරක්ෂාව ද යොදවන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222