- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
- පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු
Author: VNews
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පිළිබද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උසස් පෙළ විභාගය නොවැම්වර් 25 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ. නොවැම්බර් 25 වනදා ආරම්භ වන උසස් පෙළ විභාගය දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ඉදිරි සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ජූලි කෝසැක් මහතා පැවසුවේ කියා සිටියේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ජනතාව විසින් තීරණය කරනු ඇති බවයි. ඒ අනුව පත්වන ඕනෑම ජනාධිපතිවරයෙකු සමග කටයුතු කිරීමට සුදානම් බව ද ඔහු සදහන් කළා.
මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් දරුවන් යොදා ගැනීම පිළිබද විශේෂ විමර්ශනයක් සිදුකරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති සරෝජිනි කුසලා වීරවර්ධන මහත්මිය පැවසුවේ මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් පැමිණිලි කර ඇති බවයි. මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා දරුවන් යොමු නොකරන ලෙසයි ළමා ආරක්ෂක අධිකාරිය දෙමව්පියන්ගෙන් සහ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සියලු පාර්ශවයන්ගේ වගකීමක් බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිය නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.
ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාට සහය ලබා දෙන බව කඳුරට තරුණ හඬ සංවිධානය පවසනවා. හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැදවුම්කරු සමීර මදුසංඛ මහතා පැවසුවේ වතුකරයේ තරුණ ප්‍රජාව ජාතික ජන බලවේගයට සහය දෙන බවයි. වතුකරයේ තරුණ, තරුණියන්ගේ ගැටළුවලට සාධනිය විසදුම් ලබා දීමට කිසිදු පාලකයෙකු මේ වන තෙක් පියවර ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඔස්ටේ්‍රලියාව සහ එංගලන්තය අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය අද රාත්‍රි 11 .00ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ ජය හිමිකර ගැනීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමත් වුණා.
රත්ගම ප්‍රදේශයේ සිදුවු දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. රත්ගම විජේරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
වසර 10 කට පසුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගයකදී , එංගලන්තය තුළ දී පරාජයට පත් කළ ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 09/12 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . ඔවුන් 09/12 දින පස්වරු 02.05 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ගුවන් තොටුපොළේ දී සිය අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා මහතා තමන් මෙම තරගාවලිය හොදින් නිමා කළ බවත් , මුල් ටෙස්ට් තරග දෙකේදී තම කණ්ඩායමට සුළු අඩුපාඩු කීපයක් නිසා ජයග්‍රහණය අහිමි වී ගිය බවත් පැවසීය . එසේම එළඹෙන නවසීලන්ත තරගාවලිය…
මෙරට ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට මූල්‍ය දායකත්වය ලබා දීමට යුරෝපා සංගමය මැදිහත් වී තිබෙනවා. කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ ඒක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන ආයතනය සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඊට තාක්ෂණික දායකත්වය ලබාදීමට ඉදිරිපත් වී ඇති බවයි. ආහාර අපතේ යාම අවම කිරීම, ආහාරවල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සහ ඵලදායී ආහාර පාලන පද්ධතියක් තහවුරු කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.
ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන් වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම 09/11 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් 09/05 දින කාම්බෝජය සමග කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරගයක් මෙම දෙරට අතර කාම්බෝජයේ නොන්පෙන් නුවර 09/10 දින පවත්වා තිබුණි . එහිදී මෙම දෙරට 2 – 2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කර තිබීම නිසා ඔවුන්ට හිමි වූ දඩුවම් පහර ශ්‍රී ලංකා කණ්ඩායම 4 – 2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමග මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට අවස්ථාව උදා…
කූඨ ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර භාවිතා කර ඉතාලියේ රෝම නුවර වෙත පැන යාමට තැත් කළ සිරියානු ජාතික පවුල් දෙකකට අයත් සාමාජිකයන් 07 දෙනෙකු 09/12 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොවුන් සිරියාවේ වාසය කළ වැඩිහිටියන් තිදෙනකු සහ කුඩා දරුවන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුල් දෙකකි. මොවුන් 09/12 උදෑසන 07.20 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත , ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔවුන් තම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගුවන් තොටුපොළ විගමන කවුළු වෙත පැමිණ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222