- දිමුත් වෙනුවෙන් තරගය නරඹන්න එන ලෙසට ලසිත්ගෙන් ඉල්ලීමක්
- ස්වීඩනයේ වෙඩි තැබීමක් -පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට
- ජල ගාස්තුව අඩු කිරීමට පියවර
- බේරේ වැවේ සතුන් මියයෑමට හේතුව සොයා ගැනේ
- ටොෆි, චොක්ලට්වල සැඟවුණු කුෂ්
- ඔන්ලයින් පනත ගැන රජයේ තීරණය
- රජය වී මිලට ගන්නා මිල ගණන්
- USAID ආධාර වියදම් කළ ආකාරය ගැන නාමල්ගෙන් චෝදනා
Author: VNews
යම් යම් පාර්ශව මැදිහත් වී දකුණු කොරියාවේ ඍතුමය රැකියා සඳහා වන E8 වීසා යටතේ අනුමත ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් එම රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් අපහසුතාවයට පත්වීම පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව අද පෙරවරුවේ (11.20) බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශයට පැමිණි අමාත්‍යවරයා, කාර්යාංශයේ ඉහළ නිලධාරීන් හා අදාල ශ්‍රමිකයින් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. දකුණු කොරියාවේ E8 වීසා ක්‍රමය යටතේ ශ්‍රමිකයන් යොමු කිරීම පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරමින් ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යවරයා එහිදී තීරණය කරන ලදී. මෙම විශේෂ සාකච්ඡාවට කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ‚ සාමාන්‍යාධිකාරි D.D.P. සේනානායක යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන්…
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2024.11.25 දින සිට 2024.12.20 දින දක්වා පැවැත්වීමට මේ වන විට දින නියම කර ඇත. මෙම විභාගය කල් දමන ලෙස විවිධ පාර්ශ්වයන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින අතර එම ඉල්ලීම් පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2024.11.25 දින සිට 2024.12.20 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024.03.01 දිනැතිව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබූ අතර විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ විභාග මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුළු විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේ වන විට අවසන්…
මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ ව්‍යාජ වෛද්‍යවරයෙකු මාතලේ පොලිසිය මගින් අත්අඩංගුවට ඊයේ (20) වන දින අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි. මෙසේ සැකපිට අත්අඩංගුවට පත්ව ඇත්තේ මහා පන්විල රක්වාන රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු(27) වන පන්විල මොහොට්ටාලගේ ලසන්ත චින්තක සමන් මොහොට්ටාල නමැති පුද්ගලයෙකි. අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා සති දෙකක පමණ සිට මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස වෙද නලාවද බෙල්ලෙ දමාගෙන රෝහල තුළ කටයුතු කර ඇති අතර එම පුද්ගලයාගේ හැසිරීම් රටාව පිළිබඳව රෝහලේ අනෙකුත් වෛද්‍යවරුන්ට හා රෝහල් අධ්‍යක්ෂකවරයාට ඇතිවූ සැකය පිළිබඳව අධ්‍යක්ෂකවරයා විසින් මෙම පුද්ගලයා පිළිබඳව මාතලේ පොලිසියට දැනුම් දී තිබේ. අදාළ සැකකාර ව්‍යාජ වෛද්‍යවරයා පිළිබඳව රෝහල්…
ශ්‍රී ලංකාවට නිරිත දෙසින්, ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 78 ක් (කිමි 144 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී මෙරට බහුදින ධීවර යාත්‍රාවක රෝගීව අසාද්‍ය තත්වයේ සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අද (2024 නොවැම්බර් 20) නාවික හමුදාව මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි. අම්බලන්ගොඩ ධීවර වරායෙන් 2024 නොවැම්බර් මස 17 වන දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘Thewjan Putha’ (ලියාපදිංචි අංක IMUL-A-1043GLE) නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු, ධීවර කටයුතු සිදුකරමින් සිටියදී පපුවේ වේදනාවක් හේතුවෙන් අසාද්‍ය තත්වයට පත්ව ඇති බවත්, එම ධීවරයා වෙත ප්‍රථිකාර කිරීම සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය…
ශ්‍රී ලංකාවේ ‘ තුන් හෙළ ජන ගී කල්ලිය” , තායිලන්තයේ පැවති අන්තර්ජාතික ජන සංගීත සහ ජන නර්තන තරගාවලියේ දී , සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගෙන 11/20 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . මෙම තරගාවලිය තායිලන්තයේ දී ඉකුත් 11/13 සිට 11/18 දින දක්වා ලෝකයේ රටවල් 11 ක , කණ්ඩායම් 15 කගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි . අන්තර්ජාතික ” ලොයි කර්තොන්ග් ” නමින් මෙම තරගාවලිය තායිලන්තයේ හැදින්වෙන අතර , එම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ තුන් හෙළ ජන ගී කල්ලිය , හොදම ප්‍රසාංගික කණ්ඩායම , හොදම දේශීය ඇදුම් නිර්මාණය සහ තරගාවලියේ වීරයා යන සම්මාන වලින් පිදුම් ලබා තිබුණි . තුන් හෙළ ජන…
කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයින්ට හා විදේශකයින්ට සිය ජීවමිතික (Biometric) ඇඟිලි සලකණු ලබා දෙන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී තිබෙන අතර, එලෙස ඇඟිලි සලකුණු ලබා දිය හැකි අවසාන දිනය 2024 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වන බව සඳහන් කර තිබේ. පසුගිය සැප්තැම්බර් මස අවසන් වීමට නියමිතව තිබූ මෙම දිනය යළි දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ. කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇඟිලි සලකණු එරට අභ්‍යන්තර අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලදී ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටියි. ඒ අනුව ජීවමිතික (Biometric) ඇඟිලි සලකුණු කුවේට් රාජ්‍යයට අයත් “Sahel” මෘදුකාංගය භාවිතා කිරීමෙන් හෝ “Matta” නමැති ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදය හරහා ඇඟිලි සලකුණු ලබාදීම සඳහා වේලාවක්…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 11/21 දින උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය . එතුමා සමග ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ , සාගල රත්නායක සහ තවත් ඔවුන්ගේ සහායකවරයෙකු මෙම සංචාරය සදහා පිටත්ව ගිය බැව් ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය . ඔවුන් 11/21 දින උදෑසන 08.19 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි .
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ලබන 23වනදා වන විට අඩු පීඩන කලාපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළදී එම අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
දසවන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා හෙට (21) උදෑසන 9.00 පමණ වන විට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහනධීර සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබෙනවා. ඒ අනුව නව සභාවාරය උදෑසන 10.00ට ආරම්භ කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමු කරන බවද ඇය ප්‍රකාශ කළා.
හිටපු අමාත්‍යවරුන්ගෙන් නිල නිවාස මෙතෙක් භාරදී ඇත්තේ අමාත්‍යවරු 35ක් පමණක් බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රකාශ කළා. ඇය වැඩිදුරටත් කියා සිටියේ නිල නිවාස අද (20) භාරදෙන ලෙස ඔවුන්ට දැනුම්දී ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 108 දෙනෙක්ට පසුගිය කාලයේ නිල නිවාස ලබාදී තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222