- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් ඩී. ජී. පී. කරුණාරත්න මහතා අවසර ලබාදී තිබේ. අලුත්ගම දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 24ක සැකකරුවෙකු වන මොහුව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සදහා මෙරට ශ්‍රමිකයින් යොමු කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තබා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා. හෝටල් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් NVQ තුන්වන මට්ටමේ සහිතකයක් හිමි තරුණ තරුණියන්ට මේ සඳහා අවස්ථාව හිමි වනවා.
ජනාධිපතිවරණයට අදාළව යොදා ගැනෙන ඡන්ද පෙට්ටි දිවයිනේ සියලු තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ලබන 20 වනදා එම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා නිකුත් කරන බව සඳහන්.
ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට නියමිතව තිබෙනවා. මීට පෙර මේ සඳහා පොලිස් නිලධාරීන් 54,000ක් යෙදවීමට තීරණය කර තිබුණද මේ වන විට එම පිරිස 6,000කින් ඉහළ ගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පැවසුවා.
ෆේස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ, මීගමුව හා ජාඇළ සුරාබදු ස්ථානවල නිලධාරීන් ඊයේ (15) දියත්කළ ඒකාබද්ධ මෙහෙයුමකදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වසරේ ජනවාරි 1 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 15,200ක වාර්තාගත ආදායමක් ලබාගෙන තිබෙනවා. පසුගිය වසරේ එම කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව උපයා තිබූ ආදායම රුපියල් කෝටි 12,200ක්.
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 4,215 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,360 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 2,855 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.
ජනතාවගේ ජීවන බර පිළිබඳ සටන අවසන් කිරීමට ලබන වසරේදි කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පස්වරුවේ දෙහිවල පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.
තරග දෙකකින් සමන්විතවන ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි. එහි පළමු තරගය එළැබෙන 18වැනිදා ආරම්භ වීමට නියමිත අතර ජනපතිවරණය හේතුවෙන් 21වැනිදා තරගය නොපවත්වයි.
නැගෙහිර යුරෝපා කලාපයට බලපා ඇති බොරිස් සුළි කුණාටුව හේතුවෙන් රටවල් රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා. මෙහිදී චෙක් ජන රජයේ ගං වතුර හේතුවෙන් නිවාස 51,000 කට පමණ විදුලිය ඇණහිට ඇති අතර, අගනුවර ප්‍රදේශයේ ගං වතුර තත්වය තවදුරටත් ඉහළ යමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222