Author: VNews

බීමතින් මැතිවරණ රාජකාරී සදහා එක්ව සිටි රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ජනාධිපතිවරණය සදහා දැරණියගල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ඡන්ද පත්‍රිකා , ඡන්ද පෙට්ටි සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන් රථ රියදුරෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. ඒ අනුව වෙනත් රියදුරෙකු ඒ සදහා යෙදවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපතිවරණයේ නීරීක්ෂණ කටයුතු සදහා දේශීය සහ විදේශීය නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජිතයින් එක්ව සිටිනවා. ඔවුන් මේ වන විට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වෙත පිටත්ව ගොස් ඇති බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ. මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා විදෙස් නිරීක්ෂකයින් 116 දෙනෙකු එක්ව සිටිනවා. ඒ අතරින් නිරීක්ෂකයින් 78 දෙනෙකු පැමිණ ඇත්තේ යුරෝපා සංගමය නියෝජනය කරමිනුයි. එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින් 22ක් සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයින්ද මේ වන විට සිය නිරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනයේ දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ අද සහ හෙට දිනය තුළ මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි. ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ කැරලි මර්දන ඒකකයේ සහය ද ලබා ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සදහන් කළේ.

තව කියවන්​න

මෙරට නවවන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13 421කදී සිදුකෙරෙන ඡන්ද විමසීම පෙරවරු 07ට ආරම්භ වීමට නියමිතයි. පෙරවරු 07ට ආරම්භ වන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 04 දක්වා ක්‍රියාත්මකවනවා.

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 4,602 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,438 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 3,299 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

තව කියවන්​න

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.72ක් ලෙස සටහන්ව තිබුණා. එමෙන්ම ස්ටර්ලින් පවුමක, ගැනුම් මිල රුපියල් 390.55 ක් ලෙස සහ එහි විකිණුම් මිල රුපියල් 405.79 ක් ලෙස සටහන්ව තිබුණා.

තව කියවන්​න

එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27කින් සාම්පල 500 ක එම ප්‍රභේදය අඩංගු බවටයි අනාවරණය වී ඇත්තේ. ඩෙන්මාර්කය, ඡර්මනිය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානියේ එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍ර ව්‍යාප්තියක් සිදු වන බව සදහන්.

තව කියවන්​න

මෙරට සෑම පරිපාලන දිස්ත්‍රික්කයක් සදහාම ජනාධිපති සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවන බව සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තව කියවන්​න

මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. එළැඹෙන 21 දින ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේදී අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙම දුරකථන අංක හඳුන්වා දී ඇත.

තව කියවන්​න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සදහා පිරිනමන ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය ඩොලර් 79,58,080ක් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.

තව කියවන්​න