- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
තායිලන්තයෙන් පැවති අන්තර්ජාතික ජූඩෝ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කමක් , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ජූඩෝ කණ්ඩායම 09/24 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ආර්.සී.එන්.ධර්මවර්ධන ක්‍රීඩකයා කිලෝ ග්‍රෑම් 73 බර පංතිය යටතේ තරග කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි . ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙකි . මෙම තරගාවලිය තායිලන්තයේ ඉකුත් 09/21 දින සිට 09/23 දින දක්වා ලෝකයේ රටවල් 15 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි . මෙම පදක්කම් දිනූ ශ්‍රී ලාංකික ජූඩෝ ක්‍රීඩකයින් පිරිස 09/24…
ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් මේ වන විට ශ්‍රි ලංකාවට, ඊශ්‍රායල් රජය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ නව ප්‍රවණතාවයක් සමග එම රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලබාදීමට එකගතාවය පළකර තිබේ. ඒ අනුව, කම්බි නවන්නන්, ටයිල් මේසන්වරු, කපරාදු මේසන්වරු හා ෂටරින් වඩු කාර්මිකයින් යන ක්ෂේත්‍රවල රැකියා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී තිබේ. වයස අවුරුදු 25-44 ත් අතර, ඉහත සඳහන් ක්ෂේත්‍රවල මනා පළපුරුද්දක් හා දක්ෂතාවයක් සහිත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. මෙම බඳවාගැනීම් සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියේ සඳහන් අයදුම්පත…
රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද(24) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.94 සිට රු. 299.71ක්. මේ අතර, විකුණුම් මිල රු. 309.23 සිට රු. 309.08ක් ලෙස සඳහන්.
රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් ජාතික ලයිස්තුව හරහා මන්ත්‍රී ධුරයක් ලබා නොගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.
වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පවසනවා. නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම ඊට හේතුව බවයි එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ සදහන් කළේ.
නවසීලන්තය සමග පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට දග පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා. ආබාධයකට ලක්ව සිටින විශ්ව ප්‍රනාන්දු වෙනුවට ඔහුව සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ. පුහුණුවීම් අතරතුර විශ්ව ප්‍රනාන්දුගේ දකුණු පාදයේ එම ආබාධය සිදුව ඇති අතර, ඒ අනුව ඔහුගේ ආබාධය සුව කර ගැනීමට අවශ්‍ය පුනරුත්තාපන කටයුතු සදහා ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයේ වෙනසක් සිදු කළහොත්, බොහෝ විට නිශාන් පීරිස්ට ටෙස්ට් වරම් හිමි කර ගැනීමට අවස්ථාවක්…
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද විවේකී දිනයක් ලෙස නම් කර තිබෙනවා. ඒ අද පැවැත්වෙන ඡනාධිපතිවරණ ඡන්ද විමසීම හේතුවෙන්. තෙවන දිනට තරගයේ ඊයේ නවතා දමන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 04ක් දැවී ලකුණු 237ක් ලබා සිටියා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 202ක් ඉදිරියෙන් පසුවනවා. මේ අතර දිමුත් කරුණාරත්න ඊයේ දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවට එක්වුණා. ඔහු කියා සිටියේ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි අවස්ථාවක් පවතින බවයි.
ජනාධිපතිවරණය සහ පශ්චාත් මැතිවරණ සමය තුළ දිවයිනේ සියලුම බන්ධනාගාර තුළ ආරක්ෂාව දැඩි කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ලබන 25 වනදා දක්වා බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි. කෙසේවෙතත් ඡන්දය සලකුණු කිරීම සදහා අදාළ නිලධාරීන්ට අවස්ථාව ලබා දෙන ලෙස ද බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල ඔබ වෙත ගෙන එන වී.එෆ්.එම් විශේෂ මැතිවරණ විකාශය අද රාත්‍රි 07ට ආරම්භ වනවා. මෙරට නවවන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය දක්වාම ඔබට තහවුරු කළ තොරතුරු විස්වසනීයත්වයෙන් ගෙනඒමට අප සුදානම්. එෆ්.එම් 107 තරංග මාලාව ඔස්සේ ගුවන් විදුලි අවකාශය ඔබට මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට අප සුදානමින් සිටින අතර පරිශීලකයින් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් සිටින වී.එෆ්.එම් යු ටියුබ් නාලිකාව ඔස්සේ ද මැතිවරණ ප්‍රතිඵල ගෙනඒමට අප සුදානමින් පසුවනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ උණුසුම් ප්‍රතිඵල විස්වසනීයත්වයෙන් දැන ගැනීම සදහා රැදී සිටින්න වී.එෆ්.එම් ගුවන් විදුලිය සමග.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනය තුළ ද මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවේ අද දිනය තුළ බස් රථ සේවා කිහිපයක් ක්‍රියාත්මක වන බවයි. මේ අතර අද දිනය තුළ බස් රථ සියයට 10ත් 20ත් අතර ප්‍රමාණයක් ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ දුර ගමන් සේවා බස්රථ අද දිනයේ අඩාල වනු ඇති බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222