- එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්-මහ බැංකුව
- මත්ස්‍ය අපනයනය සුරක්ෂිත කරන අවබෝධතා ගිවිසුමක්
- පළමු ශේණියේ සහ 06 ශේණියේ සිසුන්ට අවශ්‍ය මොඩියුලර් මුද්‍රණය ආරම්භ කරයි
- ඩිජිටල් කාර්ය සාධක බලකාය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් -හරිනි අමරසූරිය
- ජනාධිපති අනුර එක්සත් ජනපද ජනාදිපති විශේෂ නියෝජිත අතර හමුවක්
- කුෂ් තොගයක් සමග විදේශිකයෙකු කොටුවෙයි !
- කාලෙකින් හඳට යන්න නාසා ලෑස්තිවෙයි !
- විශ්‍රාමික රණවිරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් – VIDEO –
Author: VNews
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොස්තාපල්වරයකු මත්කරල් තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අභ්‍යාස විදුහලේ භෝජනාගාරයේ රාජකාරි කරන කොස්තාපල්වරයකු බව පොලිසිය පැවසුවා .ලද තොරතුරක් මත සිදුකළ හදිසි භට නිවාස පරීක්ෂාවකදී මෙම මත්කරල් සොයාගෙන තිබෙනවා. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිෂ්පාදනය කරන ලද නවතම සිනමා නිර්මාණය වන “සහෝ” සිනමා කෘතියේ තේමා ගීතය එළි දක්වා තිබෙනවා. එමෙන්ම “සහෝ” සිනමා කෘතිය මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ කු`ඵදුල් සිනමා අධ්‍යක්ෂණය වනවා. එහි ගීත එළිදැක්වීමේ උත්සවය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරි සංකීර්ණයේ දී සිදු කෙරුණා. මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා විසින් මෙම චිත්‍රපටයේ ගීත රචනා කර ඇති අතර එහි සංගීතය තරුපති මුණසිංහ මහතා විසින් සිදු කර තිබෙනවා. ඉන්ද්‍රචාප ලියනගේ සහ උපේකා නිර්මාණි “සහෝ” චිත්‍රපටයේ ගීත ගායනය සදහා එක්ව සිටිනවා.
තමාට එල්ල වී ඇති අධි චෝදනා 34ටම තමා නිවැරදිකරු බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා . අපරාධ චෝදනා එල්ල වු හිටපු ජනාධිපතිවරයා නිව්යෝර්ක් හි අධිකරණයක් හමුවේ පෙනී සිටමින් ඒ බව සඳහන් කර ඇති බවය විදෙස් මාධ්‍ය වාර්තා වනවා . 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට පෙර නිල් චිත්‍රපට නිළියකට මුදල් ගෙවු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් හට චෝදනා එල්ල වී තිබෙනවා . කිසිදු සාක්ෂියකින් තොරව දේශපාලනික වශයෙන් තමාට එරෙහිව එම චෝදනා ගොනුකර ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව සදහන් .
මහ කන්නයේ දී රජය පොහොර බෙදාදීමෙන් ඉවත්ව ගොවීන්ට සහනාධාර ක්‍රමයක් යටතේ මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා . ඔහු පවසන්නේ, රජය පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළින් ඉවත්ව එම කටයුතු පුද්ගලික අංශයට භාරදීමට කටයුතු කරන බවයි . මෙවර යල කන්නයේ දී යුරියා පොහොර හා බණ්ඩි පොහොර බෙදා හැරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 6.5ක් සහ මඩපොහොර බෙදාහැරීම සඳහා රුපියල් බිලියන 02ක් වැය කර තිබෙනවා . මෙම මුදල් ගොවි ජනතාවට සහනාධාරයක් වශයෙන් ලබාදීම මගින් ගොවීන්ට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම එම වැඩපිළිවෙළෙහි අරමුණ වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වාදෙනවා
මීට දින කිහිපයකට ඉහතදී මැඩගස්කර රාජ්‍යයේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තා ගේ බිරිඳ ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පවසනවා . ඉකුත් මස 15 වැනි දින හරක් කටා නැමැත්තා සමඟ සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල්ශිත නොහොත් පානදුර ‘කුඩු සලිඳු’ මෙරටට රැගෙන එනු ලැබුවා .
වැල්ලවාය, තණමල්විල, නුගයාය ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ වැල්ලවායේ සිට තණමල්විල දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් කළ රියදුරු සහ පසුපස අසුනේ ගමන්කල ඔහුගේ බිරිඳ, පියා සහ වයස අවුරුදු 11ක් වන දරුවෙකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුලත් කෙරුණා. එහිදී රියදුරු, බිරිඳ සහ පියා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරින් මියගිය ත්‍රී රෝද රථයේ රියදුරු වයස අවුරුදු 44ක් වන තණමල්විල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පරගස්මංකඩ පදිංචි පොලිස් සැරයන්වරයෙක්. අනතුරින් මියගිය ඔහුගේ බිරිඳ වයස අවුරුදු 42ක් වන අතර, පියා වයස අවුරුදු 70ක…
ගෑස් මිල අඩුකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩුකිරීමට තීරණය කර තිබෙනවා . සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ, ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10කින් අඩුකරන බවයි. ඒ අනුව ප්ලේන් ටී එකක නව මිල රු 30ක් වන අතර කිරි තේ එකක මිල රු 90ක් ලෙසම පවතින බව ද ඔහු සඳහන් කළේ.
මේ වසරේ පළමු කාර්තුව සඳහා පුද්ගල අත්තිකාරම් ආදායම් බද්දට අදාළව දේශීය ආදායම් දෙපාර්ථමේන්තුව විසින් රුපියල් මිලියන 25,577ක ආදායමක් උපයා තිබෙනවා . නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජනවාරි මාසයේදී රුපියල් මිලියන 3,106ක් සහ පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 10,540ක් උපායා ඇති බවයි . එමෙන්ම මාර්තු මාසයේදී රුපියල් මිලියන 11,930ක බදු ආදායමක් උපයා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා
ආණ්ඩුව විසින් කුමන සහන ලබාදුන්නද වෙළද මාෆියාව විසින් එම සහන ජනතාව අතරට රැගෙන නොයන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද දින පාර්ලිමේන්තුවේදී කියා සිටියා. පාරිභෝගික සේවා අධිකාරිය නිද්‍රා සහගතව නොසිට සුපිරි වෙළදසැල්වල සහ තොග මෙන්ම සිල්ලර අලෙවිසැල්වල ද භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම පිළිබදව අවධානය යොමු කරන ලෙසටයි ඔහු අවධාරණය කළේ. මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කළා. එහිදි ඔහු කියා සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඉදිරියේදී ආණ්ඩුව සමග එක්වීමට නියමිත බවයි. මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…
බදු පනතට සහ ප්‍රතිත්‍රස්ත පනතට විරෝධය දක්වමින් අද දින වෘත්තිය සමිති කිහිපයක් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. ඒ සදහා එක්ව සිටි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටියේ ජනතාවගේ මලගම මේ වන විටත් සලකුණු වී අවසන් බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222