Author: VNews

ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ කතෝලික දේවස්තානයක ළමුන් 600ට අධික පිරිසක ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට වාර්තාවකින් හෙළි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 1940 සිට මෙලෙස අපයෝජන සිද්ධීන් වාර්තා වී ඇති අතර, මේ දක්වා චෝදනා ලැබූ පූජකයන් 158ක් හඳුනාගෙන ඇති බවද අදාළ වාර්තාවේ සදහන් වන බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. 2019 වසරේදී මේරිලන්ඩ ප්‍රාන්තයේ නීතිපතිවරයා විසින් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති අතර, එහිදී වසර 80කට ආසන්න පැරණි ලේකන පිටු ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සමාලෝචනය කිරීමෙන් පසු මෙම වාර්තාව නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 08වැනි තරගයෙන් ලකුණු 05ක ජයක් වාර්තා කිරීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 197ක් රැස් කළා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක ශිකර් ධවාන් පන්දු 56දී නොදැවී ලකුණු 86ක් රැස් කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 192ක් පමණයි. මේ අතර පන්ජාබ් කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටින අතරතුරදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ආබාධයකට ලක්වීම හේතුවෙන්…

තව කියවන්​න

හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92ක් සමග විදේශිකයන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් මිලියන 92කට අධික බවයි නාවික හමුදාව සදහන් කළේ. නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශය සිදු කළ විශේෂ වැටලීමකදී අදාළ සැකකටයුතු යාත්‍රාව පරීක්ෂා කර ඇති අතර, එහිදී එම යාත්‍රාවේ උර 3ක් තුළ පාර්සල් 95ක අසුරා තිබියදී හෂීස් තොගය සොයාගත් බව නාවික හමුදාව සදහන් කළා. මත්ද්‍රව්‍ය තොගය සහ යාත්‍රාව සැකකරුවන් සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවු රාජ්‍ය ආයතන තවදුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. මුදල් අමාත්‍යංශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන 52ක් අතරින් 39ක් ලාබ ලබන බවයි. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සදහා සුවිශේෂි ව්‍යවසාය කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බවයි.

තව කියවන්​න

සිය ඉල්ලීම්වලට නිසි විසදුම් නොලැබීම හේතුවෙන් අද දින අසනීප නිවාඩු වාර්තා කරන බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් සහ කාර්යාල නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති එම්.අයි.බී.අබේසිංහ මහතා කියා සිටියේ සමෘද්ධි සේවක සමිතිය දීමනා ගැටලුවක් මුල් කරගනිමින් එම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි. සිය වර්ජනය සදහා තවත් සංගම් කිහිපයක් ද සහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වනවා. එම සංගමයේ කැදවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා කියා සිටියේ බලධාරින් විසින් සිය ගැටලුවලට විසදුම් ලබා දෙන තෙක්…

තව කියවන්​න

දිවයිනට පැමිණ සිටින දකුණු කොරියානු නියෝජිත කණ්ඩායම, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. කොරියාවේ ඉහළ පෙළේ සමාගමක් වන හුන්ඩායි සමාගමේ නියෝජිතයින් පිරිසක් මෙම හමුවට එක්ව සිටියා. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සදහා දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා දීමට අපේක්ෂා කරන බවයි ඔවුන් නියෝජ්‍ය කතානායකවරයාට දැනුම් දී ඇත්තේ. මෙරට විදෙස් ශ්‍රමිකයින් සහ පහසුකම් සහ උපරිම ආරක්ෂාවක් ලබා දෙන බව ද අදාළ කොරියානු සමාගම නියෝජ්‍ය කතානායකවරයාට සහතික වී තිබෙනවා.

තව කියවන්​න

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගය අද අනුමැතිය සදහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ තවත් බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් ඊයේ කොළඹ වරායට පැමිණි බවයි. ඉන්දියාවේ සිට පළමුවරට බිත්තර මිලියන දෙකක ප්‍රමාණයක් පසුගිය 23 වනදා ආනයනය කර තිබුණා. ඒ අනුව මේ දක්වා ඉන්දියාවෙන් ආනයනය කළ සමස්ත බිත්තර ප්‍රමාණය මිලියන 4ක් වනවා. ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර බේකරි නිෂ්පාදන සදහා ලබා දීම සිදුකෙරුණා. අදාළ බිත්තර සාමාන්‍ය ජනතාවට අලෙවි කිරීමට මෙතක් අවසර ලබා දී නොමැති බවයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සදහන් කළේ.

තව කියවන්​න

සුරාබදු වෘත්තිය සමිති එකමුතුව අද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා. දීමනා සම්බන්ධ ගැටළුවක් මුල්කර ගනිමින් අද සංකේත වර්ජනයක නිරත වන බව සුරාබදු වෘත්තිය සමිති මීට පෙර දැනුම් දී තිබුණා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසුවයි ඔවුන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇත්තේ. දීමනා සම්බන්ධ ගැටළුවට මාසයක් තුළ විසදුම් ලබා දෙන බවට මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

කල් ඉකුත් වු ඖෂධ වර්ග රජයේ රෝහල් මගින් ජනතාවට ලබා දීමට කටයුතු කරන බවට ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරනවා. එහි සභාපති එන්. පී. කේ වනිගසේකර මහතා විශේෂ මාධ්‍ය හමුවකදී මේ පිළිබද අනවාරණ කළා.

තව කියවන්​න

ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ ඇති අසල්වැසියාට ප්‍රමුඛත්වය යන්න සටන් පාඨයක් පමණක් නොවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසනවා. එය සෑම විටම අසල්වැසියන් සමග එකට සිටගැනීමේ ප්‍රායෝගික ප්‍රකාශනයක් බව හා ඔවුන් සමග සැතපුමක් හෝ ඉදිරියට ගමන් කිරිම බව ද ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ එකිනෙකා සමඟ සිටීමේ වැදගත්කම, එකිනෙකාට උපකාර කිරීම, අසල්වැසියන් ගොඩනගා නැගීම වැදගත් බවයි.එමෙන්ම ජාත්‍යන්තර සබඳතා ඇති කර ගැනීමේදී සංගීතය මහගු සේවයක් ඉටුකරන බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ. ලෝකයේ සංස්කෘතිය අවබෝධ කර ගැනීමේ විශාල කොටසක් සංගීතය සතුව ඇතැයි තමන් අදටත් විශ්වාස කරන බවයි විදේශ…

තව කියවන්​න