Author: VNews

සිය ඉල්ලීම් වෙනුවෙන් කිසියම් සහනයක් හෝ ලබාදෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ නොවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා. රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තින් හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද දැඩි පීඩාවකට පත්ව සිටින බවයි එම සමිති සම්මේලනයේ සභාපති මහාචාර්යය ශ්‍යාම් බන්නැහැක මහතා පෙන්වා දෙන්නේ. එබැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉන් මුදවා ගැනීම සදහා සහන දීමනාවක් ලබාදීමට රජය පියවර ගත යුතු බවයි ඒ මහතා අවධාරණය කලේ. මේ අතර ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සදහන් කලේ අපොස උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සදහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහාය ලබා නොදෙන්නේ නම් දරුවන් හා දෙමව්පියන් සමග පාරට බැසීමට ගුරුවරුන් සූදානම් බවයි.

තව කියවන්​න

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් අලෙවි කිරීම තුළින් දිවයිනේ ප්‍රදේශ රැසකින් සුපිරි ජයමල්ල ඇතුලුව ලක්ෂ 10 යේ ජයග්‍රහකයින් රැසක් මේ වන විට බිහිව තිබෙනවා. කප්රුක 1145 වන දිනුම් වාරයේ සුපිරි ජයමල්ල කෝටියක් ලෙසද, එම ලොතරැයිපතේම 1192 වන වාරයේ සුපිරි ජයමල්ල ලක්ෂ පනහක් ලෙස ද, ලග්න වාසනාව 3752 වන වාරයේ සුපිරි ජයමල්ල හතලිස් හතර ලක්ෂ පනස් හයදහස් දහයක් ලෙසද, එම ලොතරැයිපතේම 3756 වන දිනුම් වාරයේ සුපිරි ජයමල්ල විසි හය ලක්ෂ තිස් තුන්දහස් තුන්සිය තිහක් ලෙසද ජයග්‍රහකයන් වෙත බෙදා දී තිබෙනවා. එමෙන්ම ලග්න වාසනාවේ 3739 වන දිනුම් වාරයේ සුපිරි ජයමල්ල විසි තුන් ලක්ෂ තුන්දහස් නවසිය පනහක් ලෙසද, එම ලොතරැයිපතේම 3736 වන දිනුම් වාරයේ…

තව කියවන්​න

උඩවලව ජාතික වනෝද්‍යානයේ මව් ඇතුන් පැටවුන් බිහිකිරීමේ කාල සීමාව වසර 3 සිට වසර 4ත් 6ත් අතර දක්වා දීර්ඝ වී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. වනෝද්‍යානයේ වෙසෙන වන අලින්ගේ පෝෂණ තත්ත්වය පහත වැටීම හේතුවෙන් මෙය උද්ගතව ඇති බවයි උඩවලව අලි පර්යේෂණ ව්‍යාප්තිය සඳහන් කලේ. එමඟින් වනඅලින්ගේ ඝනත්වයට ඍජු බලපෑමක් එල්ල කරන බවයි උඩවලව අලි පර්යේෂණ ව්‍යාප්ති, පර්යේෂණ කළමනාකරු පරිසරවේදී සමීර වීරතුංග මහතා සඳහන් කලේ.

තව කියවන්​න

ලංකා සතොස ආයතනය විසින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණ ඇතිව පසුගිය සතියේ මිල අඩු කළ අත්‍යාවශය භාණ්ඩ 12 ට අමතරව තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 3 ක මිල පහත හෙළිමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ටින් මාලු ග්‍රෑම් 425 ක මිල රුපියල් 30 කින් අඩු කර ඇති අතර ලොකු ලුණු කිලෝග්‍රෑම් 1 මිල රුපියල් 22 කින් සහ පාන් පිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 10 කින් වශයෙන් පහත දමා තිබෙනවා.

තව කියවන්​න

බදුල්ල මල්වත්ත අසල ක්‍රීඩා පිටියේ කැබ් රථයක් පෙරලීයාමෙන් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් සිසුන් 11 කට තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ද කැබ් රථය පැදවූ පාසල් සිසුවා මානසික වෛද්‍යවරයකුට යොමුකර තිබෙනවා. බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කලේ මෙම පාසල් සිසුවාද කැබ් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ වාට්ටු අංක 11හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බවයි. ඔහු තරමක මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන බව පෙනී යාම හේතුවෙන් මෙසේ මානසික වෛද්‍යවරයකුට යොමු කල බවත්, ඉන් අනතුරුව බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත එම සිසුවා යොමු කරන බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළා. මෙම අනතුරින්…

තව කියවන්​න

දිවයිනේ ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවකදී විශේෂ තීරණ රැසක් ගෙන තිබෙනවා. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග පැවති ප්‍රගති සමාලෝචන හමුවකදී මෙම විශේෂ තීරණ ගත් බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර ඇත්තේ. ඉන්ධන ටැංකි ගබඩා තුල ධාරිතාවෙන් අවම සියයට 50 ක ඉන්ධන තොග පවත්වාගෙන යා යුතු බව මෙහිදී තීරණය කර ඇති බව සඳහන්. එමෙන්ම ආයතනය සතු සියලුම ටැංකි රථ සදහා ඨඡී මෙවලම් සවි කිරීම අප්‍රේල් 15 වන දා වන විට අවසන් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

තව කියවන්​න

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා  යන මඟී ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් සේවා ලබන 10 සිට යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. මගී ජනයාගේ ඉල්ලුම අනුව කොළඹ සිට දිවයිනේ සියලු ප්‍රදේශවල ගමනාන්ත සඳහා මෙම විශේෂ බස් රථ යොදවන බවයි ඒ මහතා සදහන් කලේ. එලෙස යෙදවිම සඳහා අවශ්‍ය තරම් බස් රථ පවතින බවයි ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ. මෙම විශේෂ බස් රථ අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තු යටතේ  ධාවනයට එක්  කරන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පන්දු වාර විස්සයි විස්ස ක්‍රීකට් ලෝක කුසලානය දිනා අදට වසර 09 ක් සපිරෙනවා. 2014 වසරේ අප්‍රේල් 06 වනදා පැවති ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගත්තා. මීන්පුර්හිදී පැවති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් හිමි වුණා. ශ්‍රී ලංකාව පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනාගත් පළමු අවස්ථාව ද මෙයයි.

තව කියවන්​න

ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩී. වී උපුල් මහතා පත් කර තිබෙනවා. ඒ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසිනුයි. ඩී. වී උපුල් මහතා අද නව ධුරයේ වැඩභාර ගත් අතර එම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ද එක්ව සිටියා. ධීවරයාට මෙන්ම පාරිභෝගිකයාට ද සහන සැලසෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි ධීවර සංස්ථාවේ නව සභාපති ඩී.වී උපුල් මහතා සදහන් කළේ.

තව කියවන්​න

විදේශ සංචාරකයින් පිරිසක් රැගත් සෙවන් සිස් මැරීනා නෞකාව අද කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඒ සංචාරකයින් 607 ක් සහ කාර්ය මණ්ඩලයේ 465 දෙනෙකු සමගයි. යුරෝපයේ සහ ඔස්ටේ්‍රලියාවේ සංචාරකයින් පිරිසක් මෙලෙස එම නෞකාවෙන් දිවයිනට පැමිණ තිබුණා. මෙම සංචාරකයින් පිරිස අද කොළඹ අවට සංචාරය කරනු ඇති.

තව කියවන්​න