- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
මෙරට ආර්ථික වර්ධනය පිළිබද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පුරෝකතනයක් සිදුකර තිබෙනවා. මුල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් ආයතන පෙන්වා දෙන්නේ 2024 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 2ක් පමණ වනු ඇති බවයි. කෙසේවෙතත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ මේ වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට තුනක් පමණ වනු ඇති බවයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. හෙට සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව සඳහන්. 2022 වසරේ ජුනි මස 13 වනදා සිට මුදිත පීරිස් මහතා ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතුකර තිබුණා. මුදිත පීරිස් මහතා මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපය පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර , උතුරු මැද , නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂය සමග එක්වී තිබෙනවා. ඒ අනුව ඔහු මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඊට අදාළ පත්වීම් ලිපිය අද කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී දිලුම් අමුණුගම මහතා වෙත ලබා දී තිබෙනවා.
පෘථිවියට දිස්වන වල්ගා තරුවක් හෙට දිනයේ නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා. වසර අසු දහසකට පමණ පසුවයි එම වල්ගා තරුව පෘථිවියට දිස්වන්නේ. අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පැවසුවේ හෙට අලුයම 5 ට පමණ නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ආසන්නයේදී මෙම වල්ගා තරුව දැකබලා ගැනීමට ලක්වාසීන්ට හැකියාව පවතින බවයි.
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිලධාරීනියට පහරදීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට නාවලපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග එම දුම්වැටි රැගෙන ආ ගුවන් මගියා ද 09/26 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු කොළඹ – 13 , කොටහේන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි , ගුවන් මගින් පාවහන් රැගෙන විත් රට පුරා අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකි . ඔහු 09/26 දින අලුයම 02.30 ට පමණ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු විසින්…
ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ” දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ” ලෙස , ඉකුත් 09/20 දින නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති , දකුණු ආසියානු සංචාරක සේවා සම්මාන උළෙලේ දී ( South Asian Travel Awards ) ඇගැයීමට ලක් වී තිබේ . මෙම සම්මාන උළෙල දකුණු ආසියානු කළාපයේ සංචාරක සේවා කර්මාන්තයේ වඩාත් ගෞරවනීයම සම්මාන උළෙල වන අතර එය වාර්ෂිකව සංවිධානය කරන්නකි . මෙම සම්මාන උළෙලේ තෝරා ගැනීම් සදහා අදාළ ක්ෂේත්‍ර වල වෘත්තිකයන් සහ පාරිභෝගිකයන් විසින් ලබා දෙන ජන්ද අනුව සංවිධායක මණ්ඩලය විසින් සිදු කර තිබේ . ශ්‍රී ලන්කන් ගුවන් සේවය දකුණු ආසියානු කළාපයේ ඉන්දියාව , පකිස්තානය බංග්ලාදේශය ,නේපාලය ඇතුළු රටවල ජාත්‍යන්තර ගුවන්…
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ ගමන් මලු , හොරෙන් විවෘත කර , ඒවා තුළ ඇති භාණ්ඩ සොරා ගත් ගුවන් තොටුපොළ ගමන් මලු ගබඩා අංගනයේ සේවය කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු මීගමුව , තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ , කටුනායක ගුවන් තොටුපොළ ගමන් මලු ගබඩා අංශයේ සේවය කරන්නෙකි .i මොහු ඉකුත් 09/23 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 314 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගීන්ගේ ගමන් මලු , ගුවන් තොටුපොළ ගමන් මලු අංගනය…
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඩාහෝඩ් දිස්ත්‍රික්කයේ හය හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට ගත් උත්සාහයට විරුද්ධ වීම නිසා ඇයගේ පාසලේ විදුහල්පතිවරයා විසින් ඇයව හුස්ම සිරකර මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. පසුව ඔහු ඇගේ සිරුර පාසල් පරිශ්‍රය තුළත් ඇගේ බෑගය සහ සපත්තු පන්ති කාමරය අසලත් දමා ගොස් ඇති බව සඳහන්. 55 හැවිරිදි ගෝවින්ද් නැට් නමැති මෙම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222