- කලබල එපා – හොදම සෙල්ලම් එළිවෙන ජාමෙට ! නලින්ද කියයි – VIDEO –
- මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
- වන්දි දෙන්නේ නෑ – නැව් සමාගමෙන් ලංකාවට තගක් !
- රජයෙන් සුපර් ඇප් එකක්
- අපරාධවලට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට
- ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
- පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
- විසා නොමැති ශ්‍රී ලාංකිකකයින් ගැන ඊශ්‍රායලය අවධානයෙන්
Author: VNews
පවතින අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිකුත් කර තිබෙනවා. අධික උෂ්ණත්වයක් සහිත කාලගුණික තත්වයක් පවතින අවස්ථාවලදී අහිතකර ප්‍රතිපල ඇතිවිය හැකි බැවින් එම මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ. අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පාසලෙන් ඉවතට යැවීම වළක්වා ගත යුතු වන බවද එහි සදහන් . මේ අතර අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් නැවැත්විය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වනවා .
කුවේටයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි පනස් දෙදෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ තිබෙනවා. කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී මෙරටට එවූ පස්වන කණ්ඩායම මෙය වනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් අද අලුයම පැමින තිබෙනවා . එම පිරිස අතර පිරිමි පුද්ගලයන් 17 දෙනෙකු සහ කාන්තාවන් 35 දෙනෙකු සිට තිබෙනවා
ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මුරුසි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් කුමාර් ජුග්නවුත් හමුව තිබෙනවා. ඒ පෝට් ලුවිස් හි නව භාණ්ඩාගාර ගොඩනැගිල්ලේදීයි. එම අවස්ථාව සඳහා මුරුසියේ ඉන්දීය මහ කොමසාරිස් කේ. නන්දිනී සින්ග්ලා ද සහභාගී වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. දෙරට අතර හවුල්කාරිත්වය සහ ඉන්දියාවට මුරුසි රාජ්‍යය වෙනුවෙන් සිදු කළ හැකි අනාගත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශවයේ අවධානය යොමුව තිබෙනවා. ඉන්දියාව විසින් මේ වනවිටත් ආරම්භ කර ඇති මෙට්‍රෝ එක්ස්ප්‍රස් ව්‍යාපෘතිය, රෝහල් හා ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ජනතා කේන්ද්‍රීය ස්ථාන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මුරුසි අග්‍රාමාත්‍යවරයා එහිදී ඉන්දියාවට ප්‍රශංසාව පළ කර තිබෙනවා.
මහනුවර – අකුරණ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට 118 හදිසි ඇමතුම් අංකයට වැරදි තොරතුරු ලබාදුන් සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ. හාර්ස්පත්තුව, බටුගොඩ ප්‍රදේශයේ පදිංචි ඉසදීන් මොහොමඩ් සජිත් නැමැති මොහු 21 හැවිරිදි වියේ පසුවන්නෙක්. මෙම සැකකරු මවුලවිවරයෙකු ලෙස ද කටයුතු කරන අයෙක් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. මහනුවර – අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් සිදුවිය හැකි බවට පසුගිය 18 වනදා සහ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ලවිය හැකි බවට පසුගිය 19 වනදා සැකකරු විසින් 118 හදිසි ඇමතුම් අංකයට…
නිවසක් තුළ තිබී කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු කපාකොටා ඝාතනය කර තිබියදී හමුවී තිබේනවා . ඔවුන් අතර කැපුම් තුවාල ලැබූ තවත් කාන්තාවක් රෝහල්ගත කර ඇති බවද වාර්තා වනවා . යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයෙන් අද උදෑසන මෙම සිද්ධිය වාර්තාවී තිබෙනවා.
උණුසුම් කාලගුණයෙන් වැළකීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී ඇති වාර්තා වී තිබෙනවා. මෙවැනි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීම ඉතා වැදගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ. පාසල්වල පන්ති කාමරවල ප්‍රමාණය ඉක්මවා ළමයින් සිටීම හේතුවෙන් විවිධ ස්වසන අපහසුතා උණුසුමත් සමග ඇතිවන බව නිරීක්ෂණයවී ඇතැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනීසිටි පුද්ගලයකු හලාවත දී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කර හරින ලෙසයි එහිදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ. මෙලෙස ශරීර ඇ ප මත මුදා හැර ඇත්තේ බදුවත්ත පාර ඉහළකොට්ටාරමුල්ල ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු 37ක් වන පුද්ගලයෙක්. ඔහු මහජන ආරක්ෂක අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනීසිටිමින් මීට පෙර ද පොලිස් නිලධාරීන්ට බලපෑම් කර ඇති බවයි විමර්ෂණ නිලධාරීන් සැකකරන්නේ .
අවුරුදු උත්සවවලදී රටේ සංස්කෘතික හර පද්ධතීන්ට නොගැළපෙන විකෘති ක්‍රීඩා අංග එක් කිරීම පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධව ඉදිරියේ දී දැඩි පියවර ගනු ලබන බවයි සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කලේ. පසුගිය අලුත් අවුරුදු සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබූ අවුරුදු උත්සවවලදී ලිංගික ක්‍රියාවන් ඉස්මතුවන ආකාරයෙන් එම උත්සවවලට නොගැළපෙන ක්‍රීඩා අංග එක් කර තිබූ අයුරු දක්නට ලැබුනා. එම දර්ශන ඇතුළත් විඩියෝ පට සමාජ මාධ්‍යවලද සංසරණය වීම හේතුවෙන් ඒ පිලිබඳ වැඩි කතා බහක් ඇති වුනා. මේ සම්බන්ධව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. එවැනි විකෘති ක්‍රීඩා අංග සංවිධානය කර තිබූ…
පකිස්තානයේ කරච්චි නුවර චීන ජාතිකයන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර තාවකාලිකව වසා දැමීමට කරච්චි පොලීසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. චීන පකිස්තාන සබඳතා සඳහා බාධා කළ හැකි ත්‍රස්තවාදී ප්‍රහාර වැලැක්වීමේ අරමුණින් පොලීසිය එලෙස කටයුතු කරමින් සිටින බව පැවසෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ පිලිබද වාර්තා වන්නේ චීනය පකිස්තානය තුළ සිටින සිය පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විමසිලිමත් වන බවට වාර්තා වන පසුබිමක් තුළයි. විදෙස් මාධ්‍ය වාර්තා කරා අන්දමට පකිස්ථානයේ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් පකිස්තානය තුළ ආරක්ෂාව පිරිහෙමින් ඇති බැවින් ප්‍රවේශම් වන ලෙස චීන පුරවැසියන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම චීනය ඉස්ලාමාබාද්හි පිහිටි සිය තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය ද ආරක්ෂක…
අවුරුදු උත්සවවලදී රටේ සංස්කෘතික හර පද්ධතීන්ට නොගැළපෙන විකෘති ක්‍රීඩා අංග එක් කිරීම පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධව ඉදිරියේ දී දැඩි පියවර ගනු ලබන බවයි සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කලේ. පසුගිය අලුත් අවුරුදු සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබූ අවුරුදු උත්සවවලදී ලිංගික ක්‍රියාවන් ඉස්මතුවන ආකාරයෙන් එම උත්සවවලට නොගැළපෙන ක්‍රීඩා අංග එක් කර තිබූ අයුරු දක්නට ලැබුනා. එම දර්ශන ඇතුළත් විඩියෝ පට සමාජ මාධ්‍යවලද සංසරණය වීම හේතුවෙන් ඒ පිලිබඳ වැඩි කතා බහක් ඇති වුනා. මේ සම්බන්ධව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. එවැනි විකෘති ක්‍රීඩා අංග සංවිධානය කර තිබූ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222