- කලබල එපා – හොදම සෙල්ලම් එළිවෙන ජාමෙට ! නලින්ද කියයි – VIDEO –
- මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
- වන්දි දෙන්නේ නෑ – නැව් සමාගමෙන් ලංකාවට තගක් !
- රජයෙන් සුපර් ඇප් එකක්
- අපරාධවලට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට
- ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
- පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
- විසා නොමැති ශ්‍රී ලාංකිකකයින් ගැන ඊශ්‍රායලය අවධානයෙන්
Author: VNews
ජාතික පාසල්වලට අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරීමට අදාල අයදුම්පත් කැදවීම ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 6 ශ්‍රේණිය හැර දෙවන ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුලත් කිරීමට අදාල අයදුම්පත් කැදවීමට ආරම්භ කර ඇති බවයි. ඒ අනුව අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව පවතින පුරප්පාඩු සදහා සිසුන් තෝරා ගැනීම සදහා පාසල් මගින් අවශ්‍ය පියවර ගනු ඇති. එමෙන්ම ජාතික පාසල්වල අතමැද ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරීම වෙනුවෙන් මින් ඉදිරියට ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් මේ වන විට පැවැත් වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම රැස්වීම පැවැත්වෙනවා. ඉදිරි පාර්ලිමේන්තු සතියේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරෙන බව සදහන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳව පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය සහ ඊට අදාළ ඡන්ද විමසීම පිළිබඳව මෙන්ම උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුවනු ඇති .
විදුලිය ඇනහිට තිබූ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන තිබෙනවා . විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා; අදාළ ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොළඹ 4,5 සහ 7 ප්‍රදේශවලට මෙලෙස විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කර ඇති බවයි . අද පස්වරුවේ කොලොන්නාව උප බලාගාරයේ සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇනහිට තිබෙනවා . කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කොළඹ 08,10 සහ 12 ප්‍රදේශවල මේ තවදුරටත් විදුලිය ඇනහිට ඇති බවයි .
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන්තොටුපළේදී පසුගිය 15 වනදා ශ්‍රීලංකන් ගුවන්යානයක් පැය කිහිපයක් ප්‍රමාද වීමට හේතුවී ඇත්තේ එහි පරිගණක පද්ධතියේ තිබූ දෝෂයක් නිසා බව අනාවරණය වී තිබෙනවා. අද පෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී මේ බව හෙළිවුණි. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ අදාළ පරිගණකයේ කොටස් නිෂ්පාදිත සමාගම වෙත යැවීමට මේ වනවිට කටයුතු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් එම පරීක්ෂණය නිමවූ පසු එම වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කරන බවයි. මේ අතර ඩුබායි සඳහා යමින් සිටි ගුවන්යානාවක අභ්‍යන්තර පීඩනය පිළිබඳව ඇතිවූ ප්‍රශ්නයක් මත එය නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත…
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පෑවෑත්වෙනවා තරගයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායමේ නායක ඇන්ඩ්‍රිව් බල්බර්න්ය් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා ඒ අනුව දිවා ආහාරයට තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි අයර්ලන්ත කණ්ඩායම පන්දු වාර 28 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 106 ක් ලබා සිටියා. අයර්ලන්ත නායක ඇන්ඩ්‍රිව් බල්බර්නි ලකුණු 57 ක් සහ පෝල් ස්ටර්ලින් ලකුණු 14 ක් ලබා මේ වන විට කඩුල්ලේ රැඳී සිටිනවා පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවා ගෑනීමට සමත් වුනා.
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජැස්පර් නම් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් සිසුන් පිරිසක් 9 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. එහි පාසලක සිසුන් පිරිසක් සංවිධානය කළ සාදයක් අතරතුරදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව සදහන්. ඉන් තුවාල ලැබූ පිරිස වයස අවුරුදු 15-19 ත් අතර වනවා. මෙම සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශයේ පාසල්වල ආරක්ෂාව තරකිරීමට එහි පොලිස් බලධාරීන් කටයුතු කර තිබෙන්නේ.
හම්බන්තොටට ආසන්න මුහුදේදී භූ කම්පනයක් සිදු ව තිබෙනවා. රික්ටර් මාපක 4යි දශම 4ක සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව සඳහන්. හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25යි දශම 8ක් පමණ ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී අද අලුයම 12.45ට පමණයි මෙම භූ කම්පණය සිදුව ඇත්තේ. කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්‍යංශය නිවේදනය කළේ මෙම තත්ත්වයෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නොමැති අතර ඒ හේතුවෙන් මහජතාව අනිසි ලෙස බිය විය යුතු නැති බවයි.
නවසීලන්තයේ භූ කම්පනයක් ඇතිව තිබෙනවා. ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් ඊසානදිග නවසීලන්තයේ වෙරළ ආසන්නයේ ජනතාවට සිය නිවාස වලින් ඉවත්වන ලෙස නවසීලන්ත බලධාරීන් පැවසුවා. එහි ප්‍රබලත්වය සටහන්වූයේ රික්ටර් මාපකයේ 7.1ක් ලෙසින් . නමුත් බලධාරීන් පසුව පවසුවෙන් එම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බවයි .
කොළඹ වරායට ඇතුළු වීමේ දී ගිනිගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවු පරිසර දූෂණයට වන්දි ඉල්ලා සිංගප්පූරුවේ දී අද නඩුවක් ගොනුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සිංගප්පූරු නැව් සමාගමකට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 වසරේ මැයි 20 වනදා කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමකට ලක්වුනා . පසුව නෞකාව මෙරට මුහුදු සීමාව තුළ ගිලීයාමට ලක් වූ අතර ඉන් මෙරට පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවුනා . නෞකාව ගිලියාමෙන් පසුව සිදුවූ පරිසර දූෂණයට වන්දි ඉල්ලා එම නෞකාවට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව අද සිංගප්පූරු වාණිජ අධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීමට නියමිතයි . අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සදහන් කළේ ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් අවසන්…
මෛත්‍රිය, ප්‍රඥාව කෙරෙහි අවධානය යොමු කරන ලෙස දලෙයි ලාමා ගෝලීය බෞද්ධ සමුළුවේදී ඉල්ලා තිබෙනවා. ටිබෙටයේ වර්තමාන තත්වය පුළුල් දෘෂ්ටිකෝණයකින් බැලිය යුතු බවයි ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා අවධාරණය කරන්නේ. දලයි ලාමාතුමන් ඒ බව කියා සිටියේ පසුගියදා ඉන්දියාවේ පැවැති ගෝලීය බෞද්ධ සමුළුව අමතමින්. ප්‍රඥාව සහ මෛත්‍රිය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඕනෑම පුද්ගලයෙකුට ධෛර්යය වැඩි කර ගත හැකි බවයි දලෙයි ලාමාතුමන් එහිදී පැවසුවේ. එදිනෙදා ජීවිතයේදී පවා, අතිවිශාල සහ දරාගත නොහැකි ගැටළු ඇති විය හැකි වුවත්, ධෛර්යය තිබේ නම් වඩාත් ශක්තිමත් වනු ඇති බව ද දලයි ලාමාතුමන් සඳහන් කර තිබෙනවා. ලෝකයේ සියලුම ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික ගුරුවරුන් අතර බුදුන් වහන්සේ අද්විතීය ගුරුවරයෙකු වන්නේ උන්වහන්සේගේ දර්ශනය හේතුවෙන්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222