- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ආර්ථිකය ගොඩනැගිම සදහා කෙටි කාලීනව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවයි. මෙම වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය ඉහළ ගොස් ඇති බව ද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා.
ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා වෙත භාර දෙනු ලැබුවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විජේබණ්ඩාර මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී ගෞරව උපාධිය ලබා ගෙන තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු කථිකාචාර්යවරයෙකු ද වනවා.
වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙලට පූර්ණ සහාය දැක්වීමට කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) එකඟතාවය පළ කර ඇත. කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ (KOICA) ඉහළ පෙලේ නිලධාරීන් කණ්ඩායමක් අද (27) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේ මෙම එකඟත්වය පළ කර තිබේ. ශ්‍රී ලංකා රජය ගෙනයන වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළකර තිබේ. ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව අනුව ණය ආධාර ලබාදීම පිළිබඳ අවධානය යොමු කරන බව ද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ නියෝජිතයින් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.
මෙතෙක් මාර්ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කිරීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ. ජනාධිපති මන්දිරය සහ අවට ප්‍රදේශය මෙතෙක් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර වසා දමා තිබිණි. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ එම සියලු මාර්ග බාධක ඉවත් කර වසර ගණනාවකට පසු එම ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කර තිබේ. ඒ අනුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත මහජන පරිහරණයට විවෘත වේ.
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා පැවසීය. ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ පැවති හමුවේදීය. ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමන් ආරම්භ කරන බවද ජපාන තානාපතිවරයා දී වැඩිදුරටත් සඳහන් කළේය.
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිව්වන ශතයක වාර්තා කිරීමට කමිදු මෙන්ඩිස් අද සමත් වුණා. ඒ නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදීයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 5ක් 452ක් ලබා සිටිනවා.
සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පත්කර තිබෙනවා. එමෙන්ම සමගි ජන සන්ධානයේ මහලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාවයි. මේ අතර සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාව පත්කර තිබෙනවා.
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් හැට හත් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ගුවන් මගී කාන්තාවක ද සමග 09/27 දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . ඇය දිවුලපිටිය , හුණුමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි . ඇය 09/27 දින අලුයම 03.25 ට ඩුබායි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඇය විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ මෙම විදේශීය නිෂ්පාදිත ”මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 45,000 ක් අඩංගු දුම්වැටි කාටූන්…
ලෝක සංචාරක දිනය යෙදී ඇති 09/27 දින එය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගෙන තිබුණි . මෙම වසරේ ලෝක සංචාරක දිනයේ තේමාව වී ඇත්තේ සාමය සදහා සංචාරක ව්‍යාපාරය යන්නයි . ලෝක සංචාරක දින උත්සවය සැමරීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ( මහජන සබදතා ) මධුභානී පෙරේරා , එම කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරීන්ද්‍රා විජේවර්ධන සහ කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකරු වාසනා කුමාරි යන මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ . 09/27 දින කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් සුහදශීලී ලෙස පිළිගනිමින් , ඔවුන්ට…
ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ” මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ” ( Online Visa ) ලබා දීම , යළි 09/27 දින අලුයම 12.00 පැයේ සිට ආරම්භ වී තිබේ . ඒ නිසා මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ලබා ගත යුතු ( On Arrivel Visa ) වීසා බලපත්‍ර ලබා ගැනීම සදහා වූ පෝලිම බොහෝ සෙයින් අඩු වී තිබේ . එසේම රටවල් 14 කට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගැනීමට ආරක්ෂක හේතූන් මත නොහැකි රටවල් , එම රටවල වැසියන් මෙරටට පැමිණීම සදහා මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ලබා ගැනීම හෝ එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍ර ලබා ගැනීම සිදු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222