- මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
- වන්දි දෙන්නේ නෑ – නැව් සමාගමෙන් ලංකාවට තගක් !
- රජයෙන් සුපර් ඇප් එකක්
- අපරාධවලට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට
- ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
- පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
- විසා නොමැති ශ්‍රී ලාංකිකකයින් ගැන ඊශ්‍රායලය අවධානයෙන්
- මොරටුව හිටපු නගරාධිපතිට ඇප
Author: VNews
අවම වශයෙන් විදුලි ගාස්තු සියයට 20 කින් වහාම අඩු කළ යුතු බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා . මෙම වසරේ විදුලි ඉල්ලුම අධි තක්සේරු කර ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය පෙබරවාරි මාසයේදී සියයට 66 කින් විදුලි ගාස්තු ඉහළ දැමූ බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ . එම අවස්ථාවේදී මහජන උපයෝගිතා කොමිසම යෝජනා කළ පරිදි සියයට 35 කින් පමණක් විදුලි ගාස්තු ඉහළ දැමුවේ නම් ජනතාවට මෙතරම් පීඩනයක් ඇති නොවන බව ද සඳහන් කළා .
නුවරඑළිය නගරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රයට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කෙරුණා. නුවරඑළිය නගරයේ අලංකාරය රැක ගැනීම වෙනුවෙන් මහල් 4 ට වැඩි උස් ගොඩනැගිලි ඉදිකිරීම නතර කිරීම සහ දැනට පවතින ගොඩනැගිලි එම පරිසරයට ගැලපෙන පරිදි සකස් කිරීමේ යෝජනාවට අනුව ජනාධිපතිවරයා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබුණා. එම කැබිනට් පත්‍රිකාවට අනුව මෙම විශේෂ කමිටුව ස්ථාපනය කළ බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ.
යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනයට අදාළ රෙගුලාසි හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරයේදී නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. එම සැසිවාරය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හෙට පැවැත්වෙනවා. ඒ සඳහා යුරෝපා සංගම් නියෝජනය කරමින් ආසියා පැසිපික් කලාපීය නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ පවෝලා පම්පලෝනි මහත්මිය ද සහභාගි වීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු පළාත නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ අතර හමුවක් පැවැත්වීමට නියමිතයි. ලබන 11 වන දා ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බව සදහන්. එහිදි උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. මෙහිදි පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබදව විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ජුනි මස 15 වනදා වන තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම සිදුනොකරන බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා . ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව ටෙලිකොම් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු ඉදිරිපත්කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකරනු ලැබුවා . මුදල් අමාත්‍යාංශයේ දී ලේකම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවයි.
ඉන්දු පැසිපික් කලාපය සම්බන්ධයෙන් ඉන්දියාව සහ කැනඩාව අතර සාකච්ඡා පවත්වා තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ කැනේඩියානු විදේශ අමාත්‍යාංශයේ සහකාර නියෝජ්‍ය අමාත්‍යවරුන් අතර මෙම සාකච්ඡාව සිදුව ඇති බව සදහන්. එහිදී සාමකාමී සහ ස්ථාවර ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වන දෙරටේ දැක්ම සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට අමතරව ඉන්දු-කැනඩා සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර සාකච්ඡා සිදුව ඇතැයි වාර්තා වනවා. ඉන්දු පැසිෆික් කලාපය ඇතුළු අනෙකුත් කලාපීය ගැටළු සහ බහුපාර්ශ්වික සංවිධානවල සහයෝගීතාවය සම්බන්ධයෙන් ඉන්දු – කැනේඩියානු නියෝජිතයන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර වශයෙන් වර්තමානයේදී එල්ල වන අභියෝග සහ ඒවාට එක්ව මුහුණ දෙන්නේ කෙසේද…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. සමස්ත ලංකා විමර්ශන නිලධාරින්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් මහතා සඳහන් කළේ , සිය නිලධාරින්ට එල්ල වූ ප්‍රහාරයකට විරෝධය පළ කරමින් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි. නිලධාරින් පිරිසකට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තවත් තිදෙනෙකු අනිද්දා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පලකළ සමස්ත ලංකා විමර්ශන නිලධාරින්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් මහතා .
විදුහල්පති තරග විභාගය පිළිබද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට බදවා ගැනීමට 2019 වසරේ පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැදවීමට තීරණය කළ බවයි එම නිවේදනයෙන් දැනුම් දෙන්නේ. ඒ අනුව සම්මුඛ පරීක්ෂණ ලබන 22 දා සිට ජූනි පළමු වන දා දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබද තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
මෙවර යල කන්නයේ දී පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචරයක් ලබාදීමේ යෝජනාව, අනුමැතිය සඳහා අද කැබිනට් මණඩලයට ඉදිරිපත් කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා . අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිවී ඇති බවයි. අදාළ යෝජනාවට මුදල් කමිටුවේ ද අනුමැතිය හිමි ව තිබෙනවා . අමාත්‍යවරයා සඳහන් කළේ එම මුදල් යොදාගනිමින් යල කන්නයේ දී කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් ගොවීන්ට පොහොර මිලදී ගත හැකි බවයි. එක් කන්නයකදී හෙක්ටයාරයකට රුපියල් 20,000 බැගින් පොහොර වවුචර් ක්‍රමය ක්‍රියාත්මක බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.
හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 05 වනදා විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා . වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා . එම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222