Author: VNews

කොළඹ නගරය අශ්‍රීතව සිදුකෙරන ඩෙංගු මර්දන වැඩසටහන සදහා කණ්ඩායම් 60ක් යොදවා තිබෙනවා. ඒ අනුව ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශවලට විශේෂ අවදානයක් යොමු කරමින් කටයුතු කරන බවයි කොළඹ මහ නගර සභාව සදහන් කළේ. එහි නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවේ ඩෙංගු මදුවරුන් බෝවන ස්ථාන අවම කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි. මේ අතර ඩෙංගු රෝගයෙන් දරුන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක්කරනවා. මේ රජයේ අයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් සේනක ගමගේ මහතා. දරුන්ට මේ දිනවල ප්‍රතිශක්තිය වැඩිවන ආහාර වැඩි වශයෙන් ලබා දීමට පියවර ගන්නා ලෙස ද වෛද්‍ය සේනක ගමගේ මහතා ඉල්ලා සිටියා.

තව කියවන්​න

මෙරට විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 450ක පමණ හිගයක් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටියේ ආචාර්යවරුන් සේවය හැර යාමත් සමග මෙම ගැටළුකාරි තත්ත්වය මතුව ඇති බවයි. සිය ගැටළු සම්බන්ධයෙන් එළඹෙන 18 වනදා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සදහන් කළා.

තව කියවන්​න

සිවිල් වැසියන් සිදුකරන උද්ඝෝෂන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසිනුයි අදාළ මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත්තේ. උද්ඝෝෂණ සහ විරෝධතා පිළිබද රාජ්‍ය සහ නීති ක්‍රියාත්මක කරනු ලබන නිලධාරීන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව පැහැදිලි කර තිබෙනවා. විරෝධතා පාලනයට කටයුතු කිරීමේදී සිදුවන පහරදීම් සහ විවිධ හිංසන සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පසුගිය සමයේ පැමිණිලි රැසක් ලැබී තිබුණා. ඒ පිළිබද අවධානය යොමු කරමින් නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කළ බවයි මානව හිමිකම් කොමිසම සදහන් කළේ.

තව කියවන්​න

වවුනියාව, නීලියාමොටෙයි ප්‍රදේශයේදී තරුණයෙකු විසින් කොටන තුවක්කුවකින් වෙඩි තබා 26 හැවිරිදි එක්දරු මවක් අද(13) අලුයම ඝාතනය කොට ඇති බව වවුනියාව, පරයානන්කුලම පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මියගිය කාන්තාව විවාහවීමට කලින් පෙම් සම්බන්ධතාවයක් පැවැත්වූ බව කියන තරුණයෙකු විසින් 26 හැවිරිදි කාන්තාවට වෙඩි තබා ඝාතනය කොට, ඔහුද වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවට මුලික නිරීක්ෂණවලින් තහවුරු වන බවයි. වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇත්තේ නීලියාමොටෙයි ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි තරුණයෙකු වන බවද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. මියගිය කාන්තාවගේ සැමියා මැයි 12 වනදා රාත්‍රියේ මසුන් ඇල්ලීමට ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේ සිය බිරිඳ මියගොස් ඇති බවට දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා. මියගිය කාන්තාව මීට…

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත්කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසිනුයි මෙම කමිටුව පත්කර ඇත්තේ. එම කමිටුවේ සභපතිවරයා ලෙස පත්කර ඇත්තේ සනත් ජයසුරිය මහතායි. කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ෆර්වීස් මහරූෆ් , අසන්ත ද මෙල් , චරිත් සේනානායක , සහ කපිල විජේගුණවර්ධන මහත්වරුන් පත්කර තිබෙනවා.

තව කියවන්​න

අමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ හැට දහසකට අධික සරණාගතයින් පිරිසක් අවතැන්ව සිටිනවා. අමෙරිකාව පසුගියදා නව සංක්‍රමණ නීති කිහිපයක් හදුන්වා දුන් අතර මේ සමග සරණාගතභාවය අපේක්ෂාවෙන් සිටි බොහෝ දෙදෙකු දැඩි බලපෑමකට ලක්ව තිබුණා. එම පිරිස් මෙලෙස ඇමෙරිකා සහ මෙක්සිකෝ දේශසීමාවේ රැදී සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ. නව නීතිවලට අනුව ඇමෙරිකාවට නීති විරෝධිව ඇතුල්වන ඕනෑම පුද්ගලයෙකු පිටුවහල් කිරීමට හැකියාව පවතිනවා.

තව කියවන්​න

පසුගිය අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 454ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව මහ බැංකුව පවසනවා. මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ඩොලර් මිලියන 1,867ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව ද මහ බැංකුව නිවේදනය කළා.

තව කියවන්​න

වෙලේවැව සමෘද්ධි බැංකු ශාකාවේ රුපියල් ලක්ෂ 450ක අධික මුදල් වංචා කළ බව කියන සිද්ධියක් වාර්තා වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂන පවත්වනු ලබනවා. අදාළ සිද්ධියට සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් අතර එම බැංකු ශාකාවේ හිටපු ප්‍රධාන කළමණාකරුවන්, මුල්‍ය අයකැමි ඇතුළු පිරිසක් වන බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

තව කියවන්​න

කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැදසිටියදී වන අලි ප්‍රහාරයකින් තරුණියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනාරක්ෂිත ලෙස කඳවුරු බැදීමට ඉඩ ලබා දීම සහ ඊට සහය ලබා දීම මත මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. මේ ඒ පිළිබද ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් පලකළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා.

තව කියවන්​න

මෙරට හෙදියන් සදහා සිංගප්පුරුවේ රෝහල්වල රැකියා අවස්ථා හිමිව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුකති කාර්යංශය පවසනවා. ඒ අනුව එහි පළමු කණ්ඩායමට ලබන 17 වනදා දිවයිනෙන් පිටත් ව යාමට නියමිතයි. එම කණ්ඩායමට පුහුණු ශ්‍රමිකයින් 36 දෙනෙකු ඇතුලත්වනවා. හෙද වෘත්තිය පිළිබද උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සහ සේවා පළපුරුද්දක් ඇති වෘත්තිකයින්ට මෙහිදී වැඩි අවස්ථාවක් හිමිවනු ඇති. එමෙන්ම රජයේ හෙද පාසල්වල පුහුණුව ලබා සේවා පළපුරුද්දක් සහිත හෙදියන්ට ද සිංගප්පුරු රජයේ රෝහල්වල හෙද වෘත්තිය සදහා ප්‍රවේශ වීමට හැකියාව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළා.

තව කියවන්​න